Chitika Smowtion 468x60


Friday, April 27, 2012

ජිනා මැඩම්ගේ ගණිකා මඩමට ගිය විදේශිකයෙකුගේ අත්දැකීම්


කලකට පෙර පොලීසිය විසින් වටලනු ලැබූ ලිබර්ටි ප්ලාසාහි අට වන මහලේ ජිනා මඩම් විසින් පවත්වාගෙන ගිය සුපිරි ගණිකා මඩමට 2004 වසරේදී ගිය විදේශිකයෙකු (ශ්‍රී ලාංකික සම්භවයක් ඇති) තිබු සටහනක් අප වෙත ලැබුණි.

මෙහි පලවන්නේ එම සටහනේ සිංහල පරිවර්තනයයි.(සදාචාරාත්මක හේතුන් නිසා ඇතැම් කොටස් ඉවත්කොට ඇත)

"මම ඕස්ට්‍රේලියාවේ ඉඳලා ලංකාවට ආවේ අවරුදු 20 කට විතර පස්සේ ක්‍රිකට් තරඟයක් බලන්න.ඒ දවස්වල ලංකාවේ ගොඩක් ක්‍රිකට් තරඟ තිබුනා.පාසල් වල බිග් මැච් වගේම 
ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංචාරයකුත් ඒ දිනවල තිබුනා.

පැතිර යන අලුත්ම පරිගණක වෛරසය ගැන ඔබ දැනුවත්ද?


DNS Changer නම් වූ පරිගණක වෛරසයක් පසුගිය දිනවල අන්තර්ජාලය ඔස්සේ අන්තර්ජාල ග්‍රාහකයන් ග්‍රහණය කරගෙන ඇත.

මෙම වෛරසය පැතිරීම ඇමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය මගින් අත්හිටුවා ඇති අතර ඔවුන් විසින් දැනට වෛරසය පැතිරුණු පරිගණක සොයා මෙහෙයුමක් දියත්කොට ඇත.

මෙම වෛරසය මගින් සිදු වන්නේ පරිගණකයේ ඇති DNS සැකසුම් වෙනස් කිරීමයි.සාමාන්‍යයෙන් අන්තර්ජාලය හරහා විවිධ වෙබ් අඩවි සමග සම්බන්ධ වනුයේ අයි පී නම් ප්‍රොටෝකොලයක් මගිනි.

රාජපක්‍ෂවරුන්ට පෙරළා පහරදීම ජනකගෙන් ඇරඹෙයි!


ඉඩම් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට පහරදීමේ අරමුණද සහිතව සැලසුම් කොට කි‍්‍රයාත්මක කළ දඹුල්ල පල්ලිය කඩා බිඳ දැමීමේ මෙහෙයුම මේ වනවිට ජනාධිපතිවරයාට පාරා වළල්ලක් වී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඉනාමළුවේ සුමංගල හිමියන් සහ මත්පැන් නිෂ්පාදක ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මන්තී‍්‍රවරයා විසින් මෙහෙය වන ලද දඹුල්ල පල්ලිය කඩා බිඳ දැමීමේ මෙහෙයුමේදී ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයාද ඔවුන්ගේ ඉලක්කයක් බවට පත්විය.
ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මන්තී‍්‍රවරයාගේ ලක් එෆ්.එම්. ගුවන් විදුලියත්, ඉනාමළුවේ හිමියන්ගේ රංගිරි දඹුලූ ගුවන් විදුලියත් පසුගිය දින කිහිපය පුරා ආගම්වාදය අවුළුවාලීමට කටයුතු කළ අතරම, ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව අවලාද ව්‍යාපාරයක්ද කි‍්‍රයාත්මක කළේය.

ජනාධිපතිවරයා, අගමැති කෙනෙකු සෙවීමේ අර්බුදයක!


අග‍්‍රාමාත්‍ය දී.මු. ජයරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වෙමින් පැවතීමත්, ඔහුගේ මතක ශක්තිය හීන වෙමින් තිබීමත් හේතුවෙන් අග‍්‍රාමාත්‍ය ධූරයට වෙනත් අයෙකු පත් කිරීමට ජනාධිපතිවරයා අදහස් කර සිටින නමුත්, ඒ සඳහා සුදුසු පුද්ගලයෙකු සොයා ගැනීමේ අපහසුව නිසා අමාත්‍ය මණ්ඩල සංශෝධනය දිනෙන් දින කල් යමින් තිබෙන බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
කෙසේ වුවද, බැසිල් රාජපක්‍ෂ හා චමල් රාජපක්‍ෂ යන සොයුරන් මෙන්ම, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් වන මෛතී‍්‍රපාල, නිමල් සිරිපාල ද සිල්වා වැනි කිසිවෙකු හෝ අගමැති ධූරය නොදීමටද ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

විදුලි ලේකම්ගේ තවත් ගැහිල්ලක් මාතරින් මාට්ටු


වසර 10 ක් තිස්සේ මාතර නගරයට මෙගා වොට් 25 ක විදුලිබල ධාරිතාවක් ලබා දුන් දීයගහ ඒ.එස්. පවර් බලාගාරය ගිවිසුම් ප‍්‍රකාරව පසුගිය මාර්තු 26 වනදා වසා දැමූ අතර, එය යළි කි‍්‍රයාත්මක කර කොමිස් මුදල් ලබා ගැනීමට විදුලිබල අමාත්‍යංශයේ ලේකම් එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා බලවත් උත්සාහයක් දරමින් සිටින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
සාමානයනේ විදුලිබල මණ්ඩලය ප‍්‍රාදේශීය පෞද්ගලික විදුලිබලාගාරවලින් විදුලිය ලබා ගැනීමේදී අදාළ පෞද්ගලික විදුලි සමාගම සමග එක්ව, එක් විදුලි ඒකකයක් ගනනය කරනු ලබන්නේ එම පෞද්ගලික සමාගම ව්‍යාපෘතියට ආයෝජනය කරන ලද මුදල හා ලාභය වසර 10 ක් තුළදී උපයා ගැනීමේ ක‍්‍රමවේදයක් යටතේය. ඒ අනුව, විදුලිබල මණ්ඩලය සමග ගිවිසුම් අත්සන් කරන ඕනෑම පෞද්ගලික විදුලිය සපයන සමාගමක් වසර 10 ක් තුළදී ඔවුන් යට කළ මුදල සහ ඊට අදාළ ලාභය උපයා ගනී. එවැනි තත්ත්වයක් තුළ වසර 10 කට වඩා එවැනි ගිවිසුම් දීර්ඝ කරන්නේ නම්, අදාළ සමාගමට උපරිම වාසියක් සැලසෙන අතර, ඔවුන්ට වැය වන්නේ මෙහෙයුම් වියදම පමණි.

කළු ගඟේ සැඟව ගිය පෙම් යුවල


කළුතර බෝධිය අසල දුම්රිය පාලමේ මගී තීරුවේ ගමන් කල තරුණ පෙම්වතුන් දෙදෙනෙකු හදිසි අනතුරක් හේතුවෙන් මියගොස් ඇත.

උපකාරක පන්ති යමින් සිටි පෙම්වතා සිය පෙම්වතිය සමගින් දුම්රිය පාලමේ ගමන් කරමින් සිටින විට එක්වරම ලෑල්ලක් කඩාගෙන පෙම්වතිය කළු ගඟට වැටි තිබේ.

පෙම්වතාට සිය පෙම්වතිය බේරාගැනීමට අන් මගක් නොවූ හේතුවෙන් ඒ මොහොතේම ඔහුද කළු ගඟට පැන ඇත්තේ පෙම්වතිය බේරාගැනීමේ අදහසිනි.

එහෙත් අවසානයේ දෙදෙනාම කළු ගඟට බිලි වුයේ යොවුන් ප්‍රේමය කළු ගං පත්ලේ සඟවමිනි.

ප්‍රීමා පිටි මිල ඉහලට


තිරිගු පිටි කිලෝග‍්‍රෑමයක මිල රුපියල් 8.50 කින් ඉහළ නැංවීමට පි‍්‍රමා සමාගම තීරණය කර ඇත.

ඒ අනුව වර්තමාන තිරිගු පිටි කිලෝග‍්‍රෑමයක මිලරුපියල් 98.50 වේ.

පසුගිය වසරේ ප්‍රීමා පිටි කිලෝව රුපියල් තුනකින් මිල ඉහල දැමීම හේතුවෙන් බේකරි හිමියන්ගේ සංගමය විසින් පාන් මිලද ඉහල දමනු ලැබි.


සචින් දේශපාලනයට


ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් දේශපාලනයට පිවිසීමට අදහස් කර ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරනවා.

වාර්තා වන ආකාරයට ඉන්දීය අගමැති මනමෝහන් සිං මහතා ජනපතිනිය වන ප්‍රතිභා පටෙල් වෙත ලිපියක් යවමින් සචින් ගේ නම ඒ සඳහා යෝජනා කර ඇත.

මේ අනුව සචින් පසුගියදා කොන්ග්‍රස් පක්ෂයේ නායිකාව වන සෝනියා ගාන්ධි හමුවීමට ගොස් ඇති අතර එහිදී ඇය සචින්ගේ ක්‍රීඩා කෞශල්‍යය අගයකොට ඇත.කෙසේ නමුත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබූ ජනප්‍රියත්වය මෙම දේශපාලනික තනතුර ලබා දීමට හේතු නොවූ බවද එම මාධ්‍යය වාර්තා කර සිටිනවා.

ශලනි තාරකාගේ අලුත් සුරතලි


සිරස කුමරිය මගින් ජනප්‍රියත්වයට පත් ජනප්‍රිය නිලි ශලනි තාරකා මේ දිනවල වැඩිපුර කාලය ගතකරන්නේ සිය අලුත් සුරතලිය සමගින් බවයි වාර්තා වන්නේ.

ශලනි මෙම අලුත් සුරතලියට නම් තබා ඇත්තේ "බ්රුස්කි" යනුවෙන්.

ශලනි හා බ්රුස්කි ගේ ජායාරුප එකතුවක් බලන්න පහතින් 

Share this article with your friends