Chitika Smowtion 468x60


Saturday, December 10, 2011

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අද රාත්‍රියේදී


පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අද රාත්‍රියේදී ශ්‍රී ලංකා වාසීන්ට දැක ගැනීමට අවස්ථාව උදාවී තිබෙනවා

පෘතුවියේ සෙවනැල්ල චන්ද්‍රයා මත වැටීමෙන් සිදුවන මෙම චන්ද්‍රග්‍රහණය හවස 6.16 සිට රාත්‍රී 9.48 දක්වා කාලය තුළ සිදුවෙන අතර, පූර්ණ ග්‍රහණය රාත්‍රී 7.36 සිට 8.27 අතර දක්වා විනාඩි 51ක් පවතියි. එහි උච්ජතම අවස්ථාව ඇතිවන්නේ රාත්‍රී 8.01ට පමණය.

විවාහ වුණහම රංගනයෙන් ඈත් වෙනවා - පියුමි

තමා විවාහ වූ පසුව රංගනයෙන් සමුගන්නා බව නිලංජනා හා බොඳ මීදුම් හි රඟපෑ චරිත ඔස්සේ ජනප‍්‍රියත්වයට පත් පියුමි පුරසිංහ පවසයි. මීදුම අතිරේකය හා කළ සම්මුඛ සාකච්ඡාවකදී ඇය මෙසේ පවසා ඇත. මම හිතන්නේ විවාහයෙන් පස්සේ කාන්තාවකට රංගනය සුදුසු නැහැ කියලයි. ඊට වැඩිය කරන්න වැඩ ගොඩක් තියෙනවා. ගෙදරදොර වැඩවලට මුල් තැන දිය යුතුයි. අනික මං කැමති නෑ විවාහයෙන් පස්සේ කාර්යබහුල වෙන්න, යැයි ඇය පවසා ඇත.
තම සිරුරේ මහත අඩුකරගැනීමට මේ දිනවල යෝග අභ්‍යාස, ව්‍යායාමවල යෙදෙන අතර ආහාර පාලනය කරන බව ද ඇය සඳහන් කර ඇත.

දරුවකු රැගෙන හදාගැනීම තම සිහිනයක් - ජැකලින් කියයි

බොලිවුඞ් සිනමා නිළි සුෂ්මිතා සෙන් මෙන් තමාද අවිවාහක මවක් ලෙස දරුවකු අරන් හදා ගැනීමට කැමති බව සිනමා නිළි හා ශ‍්‍රී ලංකා රූ රැුජින ජැකලින් ෆර්නැන්ඩස් පවසන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. දරුවකු රැගෙන හදාගැනීම මගින් ඔවුන්ට ජීවිතයේ නොලද පවුලක් හා අවස්ථා ලබාදීම ඉතා සුන්දර දෙයක් බවත්, එය තමාගේ සිහිනයක් බවත්, සුදුසු කලකදී එම සිහිනය සැබෑ කරගැනීමට තමාට හැකි වේ යැයි පතන බවත් ඇය පවසා ඇත.



Share this article with your friends