Chitika Smowtion 468x60


Thursday, June 21, 2012

මෛතී‍්‍ර පෙරළා පහරදීමට සැරසෙයි


සෞඛ්‍ය අමාත්‍යංශයේ අඩුපාඩු හුවා දක්වමින් රජයේ හා පෞද්ගලික මාධ්‍ය විසින් ගෙන යන දැවැන්ත ප‍්‍රචාරක මෙහෙයුමට එරෙහිව පෙරළා පහරදීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත. එම මාධ්‍ය මෙහෙයුම ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරියෙකු හරහා කි‍්‍රයාත්මක වන බව මේ වනවිට වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ඇමතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධරියෙකු අප කළ විමසීමකදී පැවසීය.

රංජිත් බණ්ඩාර දැනටමත් මුදල් ඇමති වෙලා !


තමා මුදල් ඇමති ධූරයට පත් වූ පසු ගනු ලබන කි‍්‍රයාමාර්ග පිළිබඳව මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මේ දිනවල ඔහුට හිතවත් මාධ්‍යවේදීන් කැඳවා විස්තර කරමින් සිටින බව වාර්තාවේ. මේ වනවිට ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන රංජිත් බණ්ඩාර මහතා, පසුගිය දින කිහිපයෙහි රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප‍්‍රධානීන් කිහිපදෙනෙකු වරින් වර කැඳවා රටේ මූල්‍ය අර්බුදය පිළිබඳවත්, එය විසඳීම සඳහා තමාට ඇති වැඩ පිළිවෙළ පිළිබඳවත් දීර්ඝ වශයෙන් කරුණු දක්වා තිබේ.

විදේශීය නාට්‍යය වල බදු සේරම රන්මිණි තැන්නට

විදේශීය ටෙලිනාට්‍ය මෙරට නාලිකාවල විකාශය කරන්නේනම් ඒවාට බදු ගෙවිය යුතු බව රජය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු පසුගිය අප්‍රේල් 30 වනදා වනවිට ලබාගන තිබෙන මුළු ආදායම රූපියල් හැත්තෑ අට කෝටි අසූපන් ලක්ෂයක් හෙවත් රු. මිලියන 789.5 මුදලම රජය විසින් යොදවා තිබෙන්නේ රන්මිනිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානයේ නඩත්තුව හා අනෙකුත් ඉදිකිරීම් සඳහා බව පැවසෙනවා.

මේ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (20) පාලිමේන්තුවේදී ප්‍රකාශ කළේ දයාසිරි ජයසේකර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



කතරගම දේවාලය AC කරන්න බන්දුලගෙන් බාරයක්

ලේක හවුස් ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාරගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ එහි විශේෂ රැස්වීමක් පවත්වා ඇති බව වාර්තා වෙනවා.

මීට කළමනාකරන ශ්‍රේණියේ හා ඊට ඉහළ නිළධාරීන් සහභාගී වී ඇති බව පැවසෙන අතර එහිදී සභාපතිවරයා පවසා ඇත්තේ

"මම මීට මාස කිහිපයකට පෙර කතරගම දේවාලයට ගිහින් බාර කිහිපයක් වුණා. එකක් මගේ පෞද්ගලික එකක්. අනෙක ලේක් හවුස් එකේ තිබෙන කරදරකාරී තත්ත්වය නැති කරන්න කියලා හිතාගත්ත එකක්.



Share this article with your friends