Chitika Smowtion 468x60


Sunday, April 15, 2012

නිල්වලා ගඟේ මිනීමරු කිඹුලා අල්ලයි


නිල්වලා ගඟේ සැරිසරමින් සිටි මිනීමරු කිඹුලා ඊයේ (14) රාත්‍රියේදී උතුරු මාලිම්බඩ කුඩාදූව ප‍්‍රදේශයේ අටවනලද උගුලකට හසුව තිබෙනවා.

මෙම කිඹුලා විසින් දැනට මිනිස් ජිවිත දෙකක් බිලිගෙන ඇති අතර ඒ අතර තිදරු මවක් සහ පාසල් දැරියක් වනවා.

මින් ආසන්නතම සිදුවීම වන්නේ පසුගිය 04 වනදා නිල්වලා ගඟට මුහුණ සේදීමට ගිය උතුරු මාලිම්බඩ , දූවවත්ත පදිංචිව සිටි 17 හැවිරිදි කේ.ජී. නුවන්තිකා සත්සරණී පාසල් ශිෂ්‍යාව මිනීමරු කිඹුලා විසින් ඩැහැගෙන යාමයි. 

ජිවග්‍රහන්යෙන් අල්ලාගෙන ඇති මිනීමරු කිඹුලා වනජීවී නිලධාරීන් වෙත බාර කිරීමට නියමිත බව වාර්තා වනවා.කෙසේනමුත් ප්‍රදේශවාසීන්ගේ මතය වන්නේ මෙම මිනීමරු කිඹුලාට අමතරව තවත් මිනීමරු කිඹුලන් නිල්වලා ගඟේ සැරිසරන බවයි.

නිල්වලා ගඟේ මිනීමරු කිඹුලාගේ ජයාරූප කිහිපයක් පහතින් බලන්න


දොස්තර ජයලත් ජයවර්ධන රෝහල්ගත කෙරේ


හදිසියේ මතුවූ රෝගී තත්වයක් හේතුවෙනි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා රෝහල්ගතකොට තිබේ.

ඒ මහතා පසුගිය 13 වනදා යුරෝපයේ සංචාරය කිරීමේ අරමුණෙන් ගැට්වික් ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදී මෙම ආබාධය මතුව ඇත.එම අබාධය මතුවීමෙන් අනතුරුව ඔහුව ඊස්ට් සරේ රෝහල වෙත ඇතුළත්කොට ඇත.

මේ පිලිබඳ අදහස් කල එක්සත් ජාතික පක්ෂයේ ලන්ඩන් ශාඛාවේ සභාපති දිනේෂ් කපුකොටුව මහතා කියා සිටියේ මෙවැන්නක් 

නයනට "අක්කා" ඇලජික් වෙලා


ප්‍රසිද්ධ නිලියක් හට "මැඩම්" කියා නොඇමතීම නිසා ප්‍රාදේශීය ලේකම් වරියක්ව තම සේවා ස්ථානයෙන් මාරු කරවීමේ පුවතක් මීට කලිනුත් වාර්තා උනා. ඒ ගීතා කුමාරසිංහ විසින් ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් තුමිය වන අනූෂා බටවල ගමගේ මහත්මියව තම දේශපාලන බලය යොදා ගනිමින් කල මාරු කිරීමයි.

තවත් එවැනිම මන්දමානසික හැසිරීමක් පිළිබඳව අපට වාර්තා වෙනවා. ඒ නයනා කුමාරි ගැනයි.

බොහෝ විට මාධ්‍යවේදීන් සහ කලාකරුවන් අතර ඇත්තේ ඉතා සමීප සම්බඳතාවයක්. ඒ නිසාම ඉතා ප්‍රවීණ නළුනිළියන්ට පවා මාධ්‍ය වේදීන් කතා කරන්නේ සහෝදරත්වයෙන්. ඒත් නයනා කුමාරිනම් "අක්කා" කියල කතා කරනවට කැමති නැහැ කියලයි අපට දැනගන්නට ලැබුනේ. දිනක් එක් මාධ්‍යවේදිනියක් අක්කේ කියල කතා කලාම "ඔයා කොහොමද මට අක්කේ කියල කතාකරන්නෙ" කියලා අහපු බවකුයි වාර්තා වෙන්නේ.


ඓතිහාසික දඹුල්ල පුදබිමත් විකිණෙයි ද....!!


ඓතිහාසික වටිනාකම් වලින් යුතු බෞද්ධ සිද්ධස්ථාන වලට හිමි ඒ අවට ඉඩම් වල අන්‍යාගමිකයින් පදිංචි කරවීම, ඒම ඉඩම් ඔවුන්ට විකිණීම වැනි සිද්දීන් මීට පෙරත් වාර්තා වුනා.ඓතිහාසික රංගිරි දඹුල්ල රජමහා විහාරයට අයත් ඒ අවට ඇති ඉඩම් වලටද මේ ඉරණම අත් වීමට යන බවකුයි ලැබෙන අළුත්ම ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙන්නේ.

සිංහල රජ කාලයේ අභිමානවත් මාතලේ කැරල්ලට විශාල දායකත්වයක් දුන් කුඩා පොළ හිමියන් වැඩ සිටිම, අධිරාජ්‍ය විරෝධී, සිංහලේ නිදහස් සටන හි මෙහෙයුම් මධ්‍යස්ථානයක් වීම සහ රජ දවස රාජධානියක් වීම ආදී කරුණු නිසා රංගිරි දඹුල්ල ඓතිහාසික වටිනාකමකින් යුත් පූජා භූමියක් ලෙස සැලකේ.


මෙසේ රංගිරි දඹුල්ල පූදබිමට අයත් ඉඩම් පූජාභූමි සංවර්ධනයට යැයි ආණ්ඩුව විසින් පවරා ගනිමින් ඉතා රහසිගතව මුස්ලිමුන්ට හා හින්දුන්ට ආගමික මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා ලබාදීමේ සූදානම පිළිබඳ පැවසෙන කරුණු ගැන රජමහාවිහාරාධිපති අති පූජ්‍ය ඉනාමලූවේ ශ‍්‍රී සුමංගල නායක මාහිමිපාණන් වහන්සේගෙන් විමසීමක් කෙරිණි.

Share this article with your friends