Chitika Smowtion 468x60


Wednesday, December 21, 2011

හිසකෙස් වලින් විනාඩි 23ක් එල්ලී ලාංකිකයෙකුගෙන් ලෝක වාර්තාවක්


හිසකෙස් වලින් එල්ලී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු සමත්වී තිබෙනවා. 

ඕස්ට්‍රේලියානු පුවත් වාර්තා පවසන්නේ කිලෝ ග්රෑම් 57 බර මොහු මිනිත්තු 23 කට වඩා කාලයක් සිය හිසකේ වලින් එල්ලී සිට ඇති බවය.

තමන් විසින් භාවිතා කරනු ලබන්නේ ස්වභාවික තෙල් බැවින් හිසකේ ශක්තිමත් බව ඔහු විසින් පවසා තිබෙනවා.

මෙවැනි ලෝක වාර්තාවක් පිහිටුවීම සඳහා අදහසක් පහලවූයේ ශ්‍රී ලංකාවේ සරණාගත කඳවුරක ජීවත්වූ කාලයේදී බවද වැඩිදුරටත් පවසා තිබෙනවා

 එහි වීඩියෝව පහලින්


අත්සන් 25,000 සම්පූර්ණයි



ජෙනරාල් සරත් ෆොන්සෙකා මහතා නිදහස් කරගැනීමේ ධවල මන්දිර පෙත්සමේ අත්සන් විසි පන්දහස මීට ස්වල්ප වේලාවකට පෙර සම්පූර්ණ විය. තවදුරටත් අත්සන් ලබා දීමට කැමති අයට පහත වෙබ් ලිපිනය මගින් ඒ සදහා අවස්තාව ලබා ගත හැක. අත්සන් 25,000 සම්පූර්ණ විය යුතු අවසාන දිනය ලෙස දක්වා තිබුනේ දෙසැම්බර් 23 වෙනිදායි.

http://wh.gov/jmh



රනිල් මළොත්, රවීට නායකත්වය යෑම වැළැක්විය යුතුයි - සජිත්


එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා හදිසියේ මියගිය හොත්, පක්‍ෂ නායකත්වය රවී කරුණානායක මහතාට හිමිවීම වැලැක්වීම සඳහා තමා ඉදිරියටත් නියෝජ්‍ය නායක ධූරයේ රැඳී සිටිය යුතු බව සජිත් පේ‍්‍රමදාස මහතා ඔහුගේ සමීපතම හිතවතුන් කිහිපදෙනෙකුට ඊයේ (20) රාති‍්‍රයේ ප‍්‍රකාශ කර තිබේ.
නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වී, කරූ ජයසූරිය මහතා සමග එක්වී එක්සත් ජාතික පක්‍ෂය නිවැරදි මාවතට ගෙන ඒමේ බහුජන ව්‍යාපාරයක් අරඹන්නැයි එම පිරිස කළ යෝජනාව හමුවේ සජිත් පේ‍්‍රමදාස මහතා එසේ ප‍්‍රකාශ කර ඇත.
තමා ඉල්ලා අස්වුවහොත් තමා සමග නියෝජ්‍ය නායක ධූරයට තරග කළ රවී කරුණානායක මහතා පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස පත්වන බවත්, එවැනි තත්ත්වයක් තුළ රනිල් වික‍්‍රමසිංහ මහතා මියගියහොත් පක්‍ෂ නායකත්වය රවී කරුණානායක මහතාට හිමිවන බවත් සජිත් පේ‍්‍රමදාස මහතා මෙහිදී පැහැදිලි කර තිබේ.

කි‍්‍රකට් ප‍්‍රධාන තනතුරු 5න් 3ක් තිලංග පිලට නිතරගයෙන්


මෙවර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණයේදී තිලංග පාර්ශයෙන් ප‍්‍රධාන තනතුරු පහට නාමයෝජනා ලබාදුන් අය අතරින් තිදෙනෙකු නිතරගයෙන් තේරීපත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
වසර 2003 ඔක්තෝබර් 15 වැනිදා සම්මත කරගත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ව්‍යවස්ථාවට අනුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට්හි තනතුරු දරන්නන් සම්බන්ධයෙන් වන 11 වැනි වගන්තියේ එහි ප‍්‍රධාන තනතුරු දැරීමට සමුපූර්ණ කළ යුතු සුදුසුකම් කිහිපයක් තිබේ.
එම වගන්තියට අනුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට්හි ප‍්‍රධාන නිල පහට ඉල්ලූම් කරනු ලබන පුද්ගලයින් පළමු පෙළ කි‍්‍රකට් කී‍්‍රඩා කර තිබීම අනිවාර්ය වන අතරම, අවසන් වසර 15 ඇතුළත ශී‍්‍ර ලංකා කි‍්‍රකට්හි විධායක කමිටුවේ සමාජික ධූරය දැරීම ද අනිවාර්ය වේ.
ජයන්ත පාර්ශවයෙන් උප සභාපති තනතුරක් සඳහා ඉදිරිපත්ව සිටින අසංග සෙනවිරත්නටද, උපලේකම් ධූරය සඳහා ඉදිරිපත්ව සිටින ජෙරාඕ හිරන්ත පෙරේරාටද එම අවස්ථාව අහිමි වනු ඇතැයි පැවසේ.

ප්ලාස්ටික් කූඩ නිෂ්පාදකයින් ජොනීට එරෙහිව අවි ඔසවයි


ප්ලාස්ටික් කූඩ වෙනුවට හකුලන ප්ලාස්ටික් කූඩ මිලදී ගැනීමට කටයුතු කළහොත් තම සමාගම් සමග සිදු කළ සියලූ ගනුදෙනු ප‍්‍රසිද්ධියට පත් කරන බවට ප්ලාස්ටික් කූඩ නිෂ්පාදකයින් අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට තර්ජනය කොට ඇතැයි "Lanka News Web" වෙත වාර්තාවේ.

එළවලූ සහ පළතුරු ප‍්‍රවාහනය කිරීම සඳහා ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කරමින් වෙළෙඳ අමාත්‍යවරයා හඳුන්වා දුන් නව නීතියට රට පුරා ගොවීන්ගෙන් හා ප‍්‍රවාහකයින්ගෙන් නැඟ ආ විශාල විරෝධය හමුවේ, අදාළ නීතිය කි‍්‍රයාත්මක කිරීම ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් මසක කාලයකට කල් තැබිණ.
එම මසක කාලය ඉකුත්වීමෙන් පසු මෙම ප්ලාස්ටික් කූඩ වෙනුවට හැකිලිය හැකි ප්ලාස්ටික් කූඩ හඳුන්වාදීමට අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය ගෙන ඇති තීරණය හමුවේ ප්ලාස්ටික් කූඩ නිෂ්පාදකයින් එම තීරණයට තම විරෝධය අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යවරයා වෙත ඉතා දැඩි ආකාරයකින් දන්වා තිබේ.

බෞද්ධ නාමධාරි මූලධර්මවාදි කිරිබත්ගොඩ ඤාණානන්දගේ මහමෙවුනා අසපුවට පිළිතුරු


පසුගිය දා අප වෙබ් අඩවියෙහි පළවූ "කිරිබත්ගොඩ ඥණානන්ද හිමිට මඩ ගැසීමේ තැතක්" යන ලිපිය පිළිතුරු ලිපියක් "බුදු සසුන සුරකිමු" සංවිධානය විසින් අප වෙත ඒවා තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එම ලිපියයි.
”බුදු සසුන සුරකිමු ” සංවිධානයෙන් බෞද්ධ නාමධාරි මූලධර්මවාදි කිරිබත්ගොඩ ඤාණානන්දගේ මහමෙවුනා අසපුවට පිළිතුරු

පසුගිය දිනක ගොසිප්9 වෙබ් පුවත්පතට මහමෙවුනා අසපුව නිවේදනයක් නිකුත්කොට තිබිණි. එහි ප‍්‍රධාන වශයෙන් කරුනූ දක්වා ඇත්තේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් සිදුකරන සේවයෙන් බියපත්ව අභූත චෝදනා කරමින් නීච ගති පැවැතුම් ඇති ගිහි පැවිදි පිරිසක් ඤාණානන්ද හිමියන්ට එරෙහිව මඩ පෝස්ටර් සහ කැලෑපත්තර ව්‍යාපාරයක් ගෙනගොස් ඇතිබවත් පර්යේෂණ මුවාවෙන් කැලෑපත්තර ආකාරයේ ග‍්‍රන්ථ ප‍්‍රකාශයට පත්කොට ඇතිබවයි.


මහමෙවුනා අසපුව විසින් මඩ පෝස්ටර සහ කැලෑ පත්තර ලෙස හුවාදක්වන පෝස්ටරය සහ අත් පත‍්‍රිකාව ”බුදුසසුන සුරකිමු ” සංවිධානය වන අප විසින් ප‍්‍රකාශයට පත්කරන ලද්දකි. එය කිසිසේත් මඩ පෝස්ටරයක් හෝ කැලෑ පත්තරයක් නොවනබව මෙරට බෞද්ධ ජනයා වෙත අප දන්වා සිටිමු. 


මෙබ`දු පත‍්‍රිකාවක් සහ පෝස්ටරයක් අප, ”බුදුසසුන සුරකිමු” සංවිධානය විසින් ප‍්‍රකාශයටපත් කළේ ඇයි දැයි අප විසින් නිවේදනය කලයුතුව ඇත. එය මෙසේය.


හිරු ටීවී පරීක්ෂණ විකාශ කටයුතු ආරම්භ කරයි


ABC මාධ්‍ය ජාලයට නවතම ටිවි චැනලය ලෙසින් ඉදිරිපත් වන හිරු ටිවි පරීක්ෂන විකාශන මේවනවිට ආරම්භ කර ඇත.

දැනට පියෝ ටිවි හි චැනල් 19 හි හා ඩයලොග් ටිවි හි 64 හි මෙම පරීක්ෂණ විකාශනය සිදු කරමින් පවතී.

මිට වසර එකහමාරකට පමණ පෙර සියත රුපවාහිනි ආයතනයට ගිනි තබා විනාශ කිරීම සිදුකලේ තමා විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සමග සමීප ඇසුරක් පැවැත්වූ දෙමටගොඩ චමින්ද විසින් හෙළිකර තිබේ.


ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන අවන්හල


කොළඹ, සිනමන්ලේක් හෝටලයේ අනුග‍්‍රහයෙන් සංචරක කර්මාන්තයේ උන්නතිය උදෙසා හඳුන්වා දුන් පාවෙන අවන්හලක් ඊයේ (19) රාත‍්‍රීයේ බේරේ වැවේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් විවෘත විය. 

ප‍්‍රථම වතාවට ශ‍්‍රි ලංකාවේ ඉදිකෙරුණු දිගින් අඩි හැත්තෑවක් වන අතර පළල අඩි තිහක් වන මෙම පාවෙන අවන්හල වෙනුවෙන් ජෝන් කීල්ස් සමාගම වැයකළ මුදල රුපියල් මිලියන සියයක්.මෙම පාවෙන අවන්හලෙහි මහල් දෙකක් ඇතිඅතර පළමු මහල ආවරණයකොට වායුසමීකරණය කර තිබෙනවා.

මෙහි දෙවනමහළේ සිට බෙරේ වැව එපිට සුන්දරත්වය මෙන්ම රාත්‍රී අහස බැලිය හැකි සේ සකසා ඇති වහලෙන් රාත්‍රී අහසේ සුන්දරත්වයක් විඳගැනීමට හැකියි. 

මෙම පාවෙන අවන්හල සම්පුර්ණයෙන් නිමවා ඇත්තේ ශ්‍රී ලාංකිකයන් විසිනුයි.

රනිල් ගෙන් සිරසට කළු ගලක්


සිරිකොතට එල්ල වූ ප්‍රහාරය පිලිබඳ පැහැදිලි කරමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේ මාධ්‍යය හමුවක් පැවැත්වුවා.එහිදී අදහස්කළ විපක්ෂ නායකතුමා.

"එකක් තියෙනවා මාධ්‍යය දේශපාලනය,එකේදී කොයි අවස්ථාවේදී රඟපාන්නේ කියල දැනගන්න ඕන..නිතිය කඩන වෙලාවේ රඟපාන්න හොද නෑ නීතියට අනුකුලව රඟපාන්න හොඳයි.


විශේෂයෙන් කියන්න ඕන මහරාජා මව්බිම බලවේග වලට එක්සත් ජාතික පක්ෂය යටත් කරලා අල්ලගන්න ඉඩ දුන්නේ නැහැ.අපේ අද ජිවිතයට තර්ජනයක් වෙලා සිරස ගෙනියන ව්‍යාපාරය..අපේ පක්ෂයට තර්ජනයක් වෙලා..ඕකට මව්බිමත් එකතු වෙලා උදව් කරා මව්බිමටත් සල්ලි හම්බවෙනවා..එකත් මම දන්නවා..බලේ ගන්න තියන කෑදරකම.."

ඉන් පසු ඊයේ දිනයේ සිරිකොතට එල්ල වූ කළු ගලක් රැගත් විපක්ෂ නායක තුමා

"අනේ මේ මේක අරන් ගිහින් දෙන්නකෝ අපේ මිස්ටර් කිලි රාජා මහේන්ද්‍රන්ට..සිරස ඇවිත් ඉන්නවද? කව්රුහරි ගිහින් දෙන්න එයාට..මමම ගිහින් දෙන්නම්කො.."


ඉන්පසු සිරස මාධ්‍ය ආයතනයේ මාධ්‍යවෙ
දී යා අතට කළු ගල ලබාදුන් විපක්ෂ නායකවරයා පැවසුවේ "මේක ගිහින් කිලි මහරාජට දෙන්න..මට වැදුනේ නෑ..බුදු පිළිමෙට වැදුනේ මේක.."

Share this article with your friends