පෙරේදා (31) සන්ධ්‍යාවේදී කොළඹ බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ පවත්වන්නට යෙදුණු එංගලන්ත මහරැජිනගේ 60වන දියමන්ති ජුබිලිය වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයේදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඊට සහභාගි වූ අමාත්‍ය රියාස් බදුර්දීන් මහතා
සිය සුභප‍්‍රාර්ථනා කතාවේදී Toast කිරීම පටලවා ගනිමින් එංගලන්තයේ මහරැජිනට සහ බි‍්‍රතාන්‍ය ජාතික දිනය වෙනුවෙන් සව්දිය පුරා ඇති බව වාර්තාවේ.
ඇමතිවරයාගේ කතාවෙන් පැමිණිසිටි අමුත්තන් එකිනෙකාගේ මුහුණ බලාගෙන ඇති අතර තමන් පැමිණෙන්නේ කවර කාරණයකට දැයි නොදැන මෙසේ පැමිණ කතාවන් පැවැත්වීම තුළින් අමාත්‍ය බදුර්දීන් මහතා විදේශ තානාපතිවරුන් හා සම්භාවනීය අමුත්තන් ඉදිරියේ රජය හෑල්ලූවට ලක් කොට ඇත.