Chitika Smowtion 468x60


Saturday, September 8, 2012

ජන්ද විමසීම හමාරයි. තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ වේ


සබරගමුව , උතුරුමැද, සහ නැ‍ගෙනහිර පළාත් සභාවලට අදාළ ජන්ද විමසීම (08) පස්වරු 4.00ට අවසන් විය .මැතිවරණ මහ ලේකම් කාර්යාලය පැවසුවේ අනුරාධපුර සහ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කවල ජන්දය භාවිතා කිරීමේ ප‍්‍රතිශතය සියයට 50 ක් වු බවත් සෙසු බොහෝ දිස්ත්‍රික්කවල සියයට 50 සීමාව ඉක්මවා ඡන්දය ප්‍රකාශ කර නොමැති බවත්ය . ඒ අනුව පස්වරු 3 .00 වන විට අම්පාර දිස්ත්‍රික්කයේ ජන්දය භාවිතා කිරීමේ ප‍්‍රතිශතය සියයට 40ක් පමණ වූ බවත් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ජන්දය භාවිතා කිරීමේ ප‍්‍රතිශතය සියයට 30 වූ බවත් මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි .

මහනුවර බාලිකාවේ හතේ පන්තියක් ළඟදී ‘භූතයා බන්ධනය’ වෙයි

මෙම ලිපියෙහි පළමු කොටස කියවන්න මෙතනින්

අද එතැන් සිට ...

රැජින නියෝජිත සුරංජිත් ගුණසේකර 2001 වසරේ මාර්තු 26 සඳුදා පෙරවරුවේ ‘‍ලේ හලන භූතයකු’ ඇතැයි මහත් ආන්දෝලනයකට ලක් වූ මහනුවර බාලිකා පාසලට පිවිසෙන විට උදෑසන පාසල ආරම්භ වී මඳ වේලාවක් ගතවී තිබිණ. බාහිර වශයෙන් කිසිදු විශේෂත්වයක් පළ නොවුවද මෙම භූත සංසිද්ධිය මත පාස‍ලේ ගුරු සිසු ප්‍රජාව තුළ පැවැති ප්‍රකම්පනීය බව නිසා දෝ හාත්පස දැඩි නිහැඩියාවක ගිලී ඇති අයුරක් අප නියෝජිතයාට වටහා ගත හැකි විය. මෙවන් පසුබිමක් යටතේ පාසලට පැමිණ පිටස්තරයන් කෙරෙහි එහි ගුරු ශිෂ්‍ය ප්‍රජාව අතිශය සංවේදී වීම ඉතා සාධාරණ ය. එහෙත් සුරංජිත් සමඟ එහි ගිය දේශකයා එම පාසලට එතරම් ආගන්තුකයකු නොවූ නිසාදෝ ඔවුන්ගේ එම පැමිණීම කිසිවකුගේ විශේෂ අවධානයට ලක් වූ බවක් නොපෙනිණ. 

බිල් ක්ලින්ටන් බරක් ඔබාමාගේ රැළිය අමතයි



ඇමෙරිකාවේ නෝර්ත් කැරොලිනා ප්‍රාන්තයේ “චාලට්” නුවර පැවැති ඩිමොක්‍රටික් පක්ෂ සම්මේලනයේදී මිනිත්තු පනහක් පුරා රැස්ව සිටින්නන් අමතා කළ හිටපු ජනපති බිල් ක්ලින්ටන්, දෙවන වරටත් ජනාධිපති ධුරය හෙබවීම සඳහා වත්මන් ජනපති බරක් ඔබාමා සුදුසු බැව් ප්‍රකාශ කර ඇති බව පැවසේ. එහිදී ඔබාමාගේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය දක්වමින් කරුණු ඉදිරිපත් කළ බිල් ක්ලින්ටන් රිපබ්ලිකන් පක්ෂ ආර්ථික සැලසුම් විවේචනයට ලක්කිරීමටද නොපසුබට වී තිබේ.

කුඩා ළමුන්ට නුසුදුසු ඇස්ට්‍රා මාගරින් තවමත් වෙළඳපොලේ

මෙරට ප්‍රසිද්ධ බහුජාතික සමාගමක් විසින් ආනයනය කරනු ලබන ඇස්ට්‍රා මාගරින් තුල වයස අවරුදු තුනට අඩු කුඩා ළමුන්ට නුසුදුසු විස රාසයනික ද්‍රව්‍යයක් ඇතුලත් වී ඇති බව සනාත වී තිබියදීත් "ළදරුවන් හා වයස අවුරුදු 3 ට අඩු දරුවන් සඳහා සුදුසු නොවේ" ලෙස සඳහන් නොකර තවමත් වෙළඳපොලේ අලෙවි කිරීම සඳහා ඇස්ට්‍රා මාගරින් තබා තිබේ.

ඇස්ට්‍රා මාගරින් තුල විස රසායනිකයක් ඇතුලත් බව අනුරාධපුර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් සනාථ කර තිබියදීත් සෞඛ්‍ය සේවා හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා එම මාගරින් මාස තුනක් යන තෙක් අලෙවි කිරීමට ලබාදුන් අවසරය හේතුවෙන් මෙසේ සිදුවී ඇත.



රටතුල ඩිසල්, භූමිතෙල්, දැවිතෙල් හිඟයක්?


බොරතෙල් ගොඩබෑමට භාවිතා කරන බෝයාව කාර්මික දෝෂයකට ලක්වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු නවතා දැමු බව පැවසුවත්, එහි ඇත්ත කතාව අදාළ තෙල් පිරිපහදුවේ පිරිපහදු කටයුතු කිරීමට අවශ්‍ය බොරතෙල් ඛණිජ තෙල් සංස්ථාව සතුව නොවීම බව ඛණිජ තෙල් සංස්ථා ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා සදහන් කළේය.

Share this article with your friends