කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ මේ දිනවල පැවැත්වෙන මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රදර්ශනයේ ආරම්භක දිනයේදී දියමන්තියක් ගිලින ලද චීන ජාතිකයාගෙන් මේ වනවිටත් එම ගල එලියට ගැනීමට නොහැකි වී තිබෙනවා.
ඔහු විසින් ගිල දමා තිබෙන්නේ ඔහු විසින්ම රැගෙන ආ වීදුරු ගලක් වන අතර ඔහු සමඟ පැමිණි අනෙක් චීන ජාතිකයා සැබෑ දියමන්තිය රැගෙන පලා ගොස් තිබෙනවා.
සිය පාසල් සමයේ සිට රංගනයට එක්‌වී වේදිකා නාට්‍ය 100 කට, ටෙලි නාට්‍ය 200 කට හා චිත්‍රපට 20 කට ආසන්න කලා නිර්මාණවලට සම්මානනීය නළු රංගධර සුමින්ද සිරිසේන දායකවී ඇත.
මුළුමහත් රටක් දේශයක් සැනසූ මෙම කලාකරුවා බරපතළ ලෙස රෝගී වීමෙන් පසුව මේවන විට මඳ සුවයකින් පසු කොස්‌ගම සිය සොයුරාගේ නිවසේ ප්‍රතිකාර ගනිමින් පසුවෙයි.
මීට පෙර අප විසින් ලිපියකින් ගෙන ආවේ වීඩියෝවක් නිසා කොස්ටා රිකා හි සංස්කෘතික ඇමතිවරියට ඉවත්වන්නැයි බලපෑම් එල්ලවූ පුවතකුයි. මීට සමාන පුවතක් මේ දිනවල ස්පාඥ්ඤයෙන් වාර්තා වෙනවා.
ස්පාඥ්ඤයේ පාර්ලිමේන්තු මංත්‍රීවරියක් වන ඔල්විඩෝ හෝමිගෝස් පෙරේදා සිය මංත්‍රීධූරයෙන් ඉවත් වුණා. ඒ ඇයගේ අසභ්‍ය වීඩියෝවක් අන්තර්ජාලයට එක්වීම නිසයි.
කොළොන්නාවේ දී වෙඩි තබා ඝාතනය කළ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ඊයේ හිඟුරක්ගොඩදී සන්ධාන මැතිවරණ වේදිකාවට ගොඩවුණා. ඒ ඇයගේ මවත් සමඟය.
අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන සහ මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති එම රැළියේදී ඇය විසින් පැවසුවේ මහින්ද රාජපක්ෂ ජනපතිගේ දෑත් ශක්තිමත් කළ යුතු බවයි.
එහිදී ඇය පැවසූයේ මෙසේය.
"මම මේ දේශපාලන වේදිකාවක කතා කරන පළවෙනි අවස්ථාව. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංධානය වෙනුවෙන් කතා කරන පලවෙනි අවස්ථාව. පළවෙනියටම කියන්න ඕනේ මාව හරියටම මිනිස්සු අඳුරගන තියෙන්නේ මං ආන්ඩු විරෝධී කෙනෙක් විදිහට. එහෙම දෙයක් නෑ. මම හැමදාම වාමාංශික පවුලකින් පැවත එන කෙනෙක්.
ගෙවල් නැත්නම් වදන්නද කියන්නේ? - විමල්
ජන සෙවන' නිවාස දසලක්ෂයේ ව්‍යාපෘතිය යටතේ රණවිරු මාතාවකට ලබාදීමට නියමිතව තිබූ නිවස ලබාදීමේ ප්‍රමාදය පිළිබඳව විමසීමට ගිය මොහොතේ දී ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයට ගිය විටදී විමල් විරවංශ අමාත්‍යවරයා විසින් "ගෙවල් නැත්නම් ගෙවල් වදන්නදැයි " යනුවෙන් තමාට බැන වැදී පන්නා ගත් බව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි විජිතා කුමාරී නවරත්න මහත්මිය ප්‍රකාශ කරයි.
ඇමතිවරයා විසින් මෙසේ බැණවැදී ඇත්තේ රණවිරු මාතාවකටය.
මොබිටෙල් දුරකථන සමාගම විසින් සිදු කරන ලද දිනුම් ඇදීමක් ලෙස පවසමින් ලක්ෂ ගණනක මුදල් බැංකු ගිණුම් වලට තැන්පත් කරගැනීමේ සිද්ධියක් සම්බන්ධව බෙලිඅත්තේ පදිංචි තරුණියක ඇගේ මව සහ තවත් තරුණයෙකු ගම්පහ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වංචාවේ ප්‍රධාන සැකකරු වන්නේ අත්අඩංගුවට පත් තරුණියගේ පෙම්වතාය.ඔහු තොට ළඟ මිනීමැරුම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි.
තොටළඟ මිනීමැරුම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින තරුණයා හා තරුණිය පෙම්වතුන් වන්නේ අපුරු ආකාරයටය.ඒ තරුණයා බන්ධනාගාරයට යාමෙන් පසුවය.අවරුදු 20 ක් වන තරුණිය උසස්පෙළ හදාරමින් සිටින අතරතුරදී අගේ මිතුරියක් මාර්ගයෙන් දුරකථන අංකයක් ලබා ගෙන ඇත.
ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ගේ පාලන කාලය තුලදී ඊජිප්තුවේ කාන්තාවන් විසින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී හිසකෙස් පෙනන පරිදි මුහුණ නිරාවරනය කර සිටිය යුතුය යන්න දශක ගනනාවක් තිබූ මතයකි.
නමුත් එම මතය ඉවත් කර හිසකෙස් වැසෙන සේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට කිරීමට පසුගියදා ඊජිප්තුවේ රාජ්‍ය රූපවාහිනී නාලිකාව වන ස්ටේට් ටී.වී ආයතනය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ෆතිමා නබිල් එලෙස හිජාබ්ය සමඟ ප්‍රවෘත්ති ඉදිරිපත් කළ ප්‍රථම ඊජිප්තු කාන්තාව වෙනවා.
අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ආශ්‍රිත කැළෑ ප්‍රදේශයක ඉදිකිරීමට යෝජිත කුඩා ජලවිදුලි බලාගාරයක් හේතුවෙන් "ඇබර්ඩින් දිය ඇල්ල" සහ එහි පරිවාර දියඇලි පහක් සිඳීයාමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි ඇබර්ඩින් පරිසර සංචාරක පදනම සදහන් කරයි.
මෙම කුඩා ජල විදුලි බලාගාරය අඹගමුව ප්‍රාදේශීය කොට්ඨාශයේ වන දෙපාර්තමෙන්තුවට අයත් "වල්ලත්තාහෙල රජයේ කැළෑව" (අඳුරන්න මෝදර රජයේ කැළෑව) අශ්‍රිතව ඉදිකිරීමට යෝජිතය. මෙම කුඩා ජලවිදුලි බලාගාරයෙන් මෙගා වොට් 0.6 ක විදුලි ධාරිතාවක් නිපදවීමට නියමිය.
ඇබර්ඩීන් දිය ඇල්ලේ ඉහල කොටසේ ඉදිකිරීමට නියමිත මෙම කුඩා ජල විදුලි බලාගාරය හේතුවෙන් ඇබර්ඩීන් දිය ඇල්ල සහ ඊට ඉහල ප්‍රදේශයේ පිහිටා ඇති දිය ඇලි පහකට කෙහෙල්ගමුව ඔයේ ජල සැපයුම අහිමිවන බව පරිසරවේදීහු කියා සිටිති.
ඇතැම් වෙබ් අඩවි වලින් පුද්ගලයින්ට අපහාස කරන්නේ එම ලිපි ඉවත් කිරීමට මුදල් ලබාගැනීමේ අරමුණින් වන අතර මීට පෙර එක්තරා වෙබ් අඩවියක් විසින් පුද්ගලයෙකු පිළිබඳව වූ ලිපියක් ඉවත්කිරීමට ලක්ෂ 50ක මුදලක් ලබාගත් බව වාර්තා වුණා.
තවත් වෙබ් අඩවියක් විසින් බන්ධුල පද්මකුමාර පිළිබඳව වූ ලිපියකට පැය කිහිපයක් ඇතුලත ලැබුණු ප්‍රතිචාර සියගනනකින් ඇතැම් ප්‍රතිචාර මකාදැමීමටත් රුපියල් මිලියනයක් ලබාගන තිබූ බවත් වාර්තා වුණා.
මේ අතර ඇතැම් පුද්ගලයින්ට පුවත්පත් වලින් කෙරෙන අපහාස, මාධ්‍යවලින් කෙරෙන අපහාස, මුදල් ගරාගැනීමේ අරමුණින් බියගන්වා වෙබ් අඩවි වලින් කරන අපහාස පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ජනාධිපතිවරයා පෙරේදා සවස මනම්පිටිය මෛත්‍රී ක්‍රිඩාංගනයේදී පැවසුවා.