Chitika Smowtion 468x60


Wednesday, August 8, 2012

බාල ඉන්ධන නිසා දැනට පාඩුව ලක්ෂ 780යි.


බාල ඉන්ධන භාවිතා කරමින් වාහන ධාවනය කිරීම හේතුවෙන් ලංගම සහ දුම්රිය සේවාවන්ගෙන් පමණක් මේ වන විට රුපියල් ලක්ෂ 780 ක් රජයට පාඩු වී ඇති බව වාර්තා වෙනවා. ඒ ලංගම බස් රථ වලට සිදු වූ හානිය ලක්ෂ 750 ක් සහ දුම්රිය එන්ජින් වල කරන්නට සිදු වූ අළුත් වැඩියා කටයුතු වෙනුවෙන් ලක්ෂ 30 කුත් ලෙසයි. මේ අනුව බාල ඉන්ධන හේතුවෙන් දිනකට සිදු වූ පාඩුව රුපියල් ලක්ෂ 10 ක් පමණ වනවා.

දැනටත් දියවැඩියාව වැළඳී ඇති රෝගියකු සේ නඩත්තු වන ලංගමට, ඛණිජතෙල් සංස්ථාව බාල ඉන්ධන ලබා දීම නිසා අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ 06 ක් ඇතුළුව බස් රථ 56 ක් අළුත්වැඩියා කටයුතු කිරීමට සිදුව තිබෙන බවත් ඒ සඳහා ලක්ෂ 750 ක් වැය කිරීමට සිදුව තිබෙන බවත් සමස්ථ ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා ප්‍රකාශ කලා.

Alexandar Stan Live in Colombo




Photo Courtesy : Nadun Baduge & Dailymirror Life



මම කලින් විවාහ වෙලා හිටියද ? මම දන්නෙ නෑනේ - අරුණි රාජපක්ෂ


2008 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුල දිනාගත් අරුණි රාජපක්ෂ විවාහ වී ඇති බව මීට පෙර වාර්තා වුණා.

සරත් අමුණුගම ගේ පුත් පාර්ලිමේන්තු මංත්‍රී දිලුම් අමුණුගම විසින් කරගන ඇති විවාහයන් කිහිපයක් අතුරින් දෙවන විවාහය සිදුරගන ඇත්තේ අරුණි රාජපක්ෂ සමඟ බවයි එම පුවත් වලින් කියවුනේ.

පසුගිය ජූනි මාසයේ පුවත්පතකට ඇය පවසා තිබුනේ තමන්ට පෙම්වතෙක් නැති බවත්, තෝරාගන්නා කෙනා අඩි 6 ට වඩා උස විය යුතු බවත්ය.

නමුත් මේ සතිඅන්තයේ පුවත්පතකට ඇය විසින් පවසා තිබෙන්නේ තමන්ට පෙම්වතෙක් සිටිනා බවත්, කලින් විවාහ වීම පිළිබඳ කිසිවක් නොදන්නා බවත්, එම ජායාරූප තමන් නොදුටු බවත්ය.

කීපදෙනෙකුට ආදරේ කරපු කෙනෙක් අදරයේදී විශ්වාස කරන්න පුලුවන්ද?

ශ්‍රී ලංකික ගගනගාමියෙකු උඩු ගුවනට


ලංකාවෙන් බිහිවු ප්‍රථම අභ්‍යවකාශගාමියා වෙනවා - රෝහිත රාජපක්ෂ.

මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත ගෙන ආවේ ශ්‍රී ලංකාවට අයත් පළමු චන්ද්‍රිකාව 2015දී කක්ෂගත කිරීම සඳහා "සුප්‍රීම්සැට්" පුද්ගලික සමාගම සූදානම් වෙන බවයි.

එම සමාගම චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීමෙන් නොනැවතී ශ්‍රී ලාංකික ගගනගාමියෙකු ඉදිරි වසර කිහිපය තුලදී උඩු ගුවනට යැවීමටද සැලසුම්කොට තිබෙනවා.

දකුණු පළාතේ කොග්ගල ප්‍රදේශයෙන් අක්කර 30 ක භුමි ප්‍රදේශයක් මෙම සමාගම විසින් ලබාගෙන ඇති අතර එහි ගගනගාමීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් හා චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම්කොට තිබෙනවා.


Share this article with your friends