Chitika Smowtion 468x60


Wednesday, March 7, 2012

අපිව බේරාගන්න කිසිම කෙනෙක්‌ හිටියේ නැහැ - නන්දා මාලිනි


ඔබයි රම්‍ය සඳ කිරණ නමින් ප්‍රසංගයක්‌ පැවැත්වීම සඳහා පසුගිය 01 දා කුවේට්‌ බලා ගිය විශාරද ගායිකා නන්දා මාලිනි මහත්මිය පැය තුනකට අධික කාලයක්‌ එම ගුවන්තොටුපොළේ රඳවාගෙන ප්‍රශ්න කිරීමේ සිද්ධීය සම්බන්ධයෙන් කළ විමසීමකදී නන්දා මාලිනි මහත්මිය මෙසේද කීවාය.


කුවේට්‌ එයාර්පෝර්ට්‌ එකේදී අපිව බේරාගන්න කිසිම කෙනෙක්‌ හිටියේ නැහැ..... යෑයි කුවේටයේදී පොලිස්‌ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්‌ව මෙරටට පැමිණි විශාරද නන්දා මාලිනී මහත්මිය කීවාය.

රු10,000 මැණික් ගලට ජොනීගේ පුතාගෙන් ලක්ෂ 5 ක්


පසුගියදා කතරගම තම්මැන්නාව ප‍්‍රදේශයෙන් මතුවූ මැණික් නිධියෙන් මැණික් මිලදී ගැනීම සඳහා එහි ගොස් ඇති අභ්‍යන්තර වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ වැඩිමහල් පුත් ජෙරමි කෙනත් ප‍්‍රනාන්දු රුපියල් 10,000 ක් වටිනා මැණිකක් සඳහා රුපියල් ලක්ෂ 5ක් ගෙවා ඇති බව වාර්තා වේ.



අමාත්‍ය ධූරයට පත්වී කෙටිකලක් තුළ ප‍්‍රකෝටිපතියෙක් බවට පත්වී ඇති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අයථා ක‍්‍රමමගින් උපයාගත් කලූසල්ලි සුදුකරලීමේ හොදම ක‍්‍රමය වශයෙන් මෙම මැණික් මිලදී ගැනීම සිදුකළ යුතු බවට ජොනීට උපදෙස් දී ඇත්තේ ඔහුගේ කලූසල්ලි උපදේශකයාවන මොහොමඞ් ඉල්ලියාස් නොහොත් ‘ඩිඩා’ විසිනි.

දුමින්දගේ වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා රු: බිලියන 2කට අධික මුදලක් වැයවෙලා


භාරත ලක්ෂමන්ගේ ආරක්ෂකයෙකු විසින් තබන ලද වෙඩි පහරකින් තුවාල ලබා දැනට සිංගප්පූරුවේ ‘මව්න්ට් එලිසබෙත්’ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා ගේ වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා මේ වනවිට රුපියල් බිලියන 2කට අධික මුදලක් වැයවී ඇති බව ඔහුගේ සොයුරා මේ දිනවල සෑම තැනම කියකියා ඇවිදින බව වාර්තා වේ.



පසුගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මස 8 වනදින සිට මේ දක්වා තමාගේ සොයුරු ‘දුමින්ද’ ගේ වෛද්‍ය ප‍්‍රතිකාර වෙනුවෙන් තමා මේ වනවිට රුපියල් බිලියන 2කට අධික මුදලක් වැය කොට ඇති බවත්, සිංගප්පූරුවේ ‘මව්න්ට් එලිසබෙත්’ රෝහලේ දිනකට සිංගප්පූරු ඩොලර් 11,000ක් තමා වැය කරන බව ‘හිරු’ මාධ්‍යජාලයේ ප‍්‍රධානී රේනර් සිල්වා පවසමින් සිටි.

ඇමති පුතෙක් හොර පාරෙන් රාජ්‍ය පරිපාලන සේවයට


ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුගේ ඥාති පුත‍්‍රයෙකු හා මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකුගේ දියණියක් රාජ්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් බඳවා ගැනීමේ කොන්දේසී උල්ලංඝනය කරමින් කටයුතු කරමින් සිටී.
ඒ අනුව මෙම දේශපාලන පත්වීම් දෙක සිදුකිරිම වෙනුවෙන්, ඔවුන් දෙදෙනාද ඇතුලූව බඳවා ගැනීම් සඳහා වූ විභාගයේදී අඩු ලකුණු ලැබූ 43 දෙනෙකුම රාජ්‍ය පරිපාලන සේවයේ III තනතුරට බඳවා ගැනීමට කටයුතු සිදුවෙමින් පවතී.

මෛත‍්‍රීගේ ඉල්ලීම ඉවතට. දුමින්දට තවත් මාස තුනක නිවාඩුවක්


පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාට යළි ක‍්‍රියාකාරි දේශපාලනයේ යෙදීමට නොහැකි බැවින් ඔහු වෙනුවට රත්මලාන ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක චන්දන කත‍්‍රිආරච්චි මහතා පත්කරන ලෙස එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමක් ජනාධිපතිවරයා විසින් තරයේ ප‍්‍රතික්ෂේප කර තිබේ.
එම ඉල්ලීමෙන් කලබලයට පත්වී ඇති ජනාධිපතිවරයා, දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාට තවත් මාස 3ක නිවාඩු ඉල්ලා ඔහුගේ කාර්ය මණ්ඩලයේ අයෙකු ලවා වහාම කතානායකවරයාට ලිපියක් යවන්නැයි නාමල් රාජපක්ෂ මහතාට ඊයේ පෙරවරුවේ දැනුම්දී තිබේ. 

ගොවි ඇමතිවරුන්ගෙන් ජොනීට කුනු බැනුම්


වී අස්වනු නෙලාගනිමින් සිටින මෙම වකවානුවේ වී ගොවීන්ගේ අසවනු මිලදී ගැනීමට නිශ්චිත වැඩපිලිවෙලක් මෙතෙක් ක‍්‍රියාත්මක කර නැතැයි කියමින්, ඊයේ (06) පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා බරපතල විවේචනයට ලක්වී තිබේ.


ආණ්ඩු පක්ෂ රැස්විම අද පැවතියේ අග‍්‍රාමාත්‍ය දීමූ ජයරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙනි. එහිදී ලබන බ‍්‍රහස්පතින්දා එක්සත් ජාතික පක්ෂය විසින් වීගොවීන් මුහුණ දී ඇති අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභාව කල්තබන විවාදයක් ඉල්ලා ඇතැයි දැනුම්දී ඇති අතර ඒ සම්බන්ධයෙන් දියයුතු පිලිතුරු පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. 

ජනපතිගේ අපල දුරලීමට රටපුරා ‘අධිෂ්ඨාන පූජා’


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත එල්ලවී තිබෙන අපල උපද්‍රව දුරුකරලීම සඳහා අද (07) දිවයින පුරා ‘අධිෂ්ඨාන පූජා’ නමින් ආගමික වැඩසටහන් මාලාවක් රජය විසින් සංවිධානය කර තිබේ. ඇමරිකාව ඇතුලූ බටහිර රටවලින් එන බලපෑම්වලින් ආරක්ෂා වීම සඳහා මෙම අධිෂ්ඨාන පූජාව සංවිධානය කෙරෙන බව ප‍්‍රකාශ වුවද එහි සැබෑ අරමුන අපල උපද්‍රවවලින් ජනාධිපති බේරාගැනීම බව ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය.

දුෂ්‍යන්ත්ගෙන් සෝනු නිගම් හා ගයන ගීයක්


යොවුන් ගායක හා නර්තනයෙන් දස්කම් පාන දුෂ්‍යන්ත් වීරමන් විසින් සෝනු නිගම් හා එක්ව ගීතයක් නිර්මාණයකොට ඇත.මෙම ගීතය ගැයීමට ඔහුට අවස්ථාව ලැබී ඇත්තේ ඇමරිකාවේදී ඔහු විසින් ප්‍රසංගයකදී ගයන ලද ගීතයක් "චල්තේ චල්තේ" චිත්‍රපටය නිෂ්පාදනය කල ආදේශ් ශිවස්කාර් නැරඹීමෙන් අනතුරුවයි.

දුෂ්‍යන්ත් ගේ දක්ෂතාවය පිලිබඳ ආදේශ් විසින් සෝනු නිගම් ට කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව දුෂ්‍යන්ත් සමග ගීතය ගායනා කිරීමට සෝනු නිගම කැමති වී ඇත.

ඒ අනුව දුෂ්‍යන්ත් විසින් තමා විසින් නිර්මාණය කල අලුත් තනුවකුත් "ජේත්තු නෝනේ" ගීතයත් "කරලිය" ගීතයත් සෝනු නිගම් වෙත යාවා ඇත.

කැසිනෝ හල් 810 ක්‌ රට පුරා


කැසිනෝ ශාලා නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පසුගිය නොවැම්බර් මසයේ මැතිසබය තුළ වැඩි ඡන්දයෙන් සම්මත වුනේ සංවර්ධනය අරමුණු කරගෙන රජය යන ගමනේ සංචාරක කර්මාන්තයට ප්‍රධාන තැනක් හිමිවන නිසා.

පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී එයට පක්‍ෂව ඡන්ද 114 ක් ලැබුණු අතර, විරුද්ධව ලැබුණේ ඡන්ද 33 ක් පමණි. එම පනත සම්මත කරගැනීමේදී හෙළ උරුමය හෝ ප්‍රබල හඬක් නැඟුවේ නැහැ.

අධිවේගී මාර්ගයේ දෙවන මාරක රිය අනතුර


ට්‍රක් රථයේ ටයරය පුපුරා විසිවෙලා 
මරණයට පත්වුයේ අනාරක්ෂිතව ලොරියේ පිටුපස ආ අයෙක් 


දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ දෙවන මාරක රිය අනතුර ඊයේ (06) දිනයේ වාර්තා වුනා.ඊයේ පස්වරු 1:30 පමණ සිදුවූ මෙම අනතුරින් මිය ගියේ වලස්මුල්ලේ පදිංචි කේ.ප්‍රේමචන්ද්‍ර නම් 56 හැවිරිදි පුද්ගලයෙක්.


වලස්මුල්ලේ සිට ධාවනය කල ලි පැටවූ ඩිමෝ බට්ටා වර්ගයේ ලොරිය අධිවේගී මාර්ගයට ඇතුලත් වී ඇත්තේ පින්නදුව පිවිසුමෙන් වන අතර කහතුඩුව ප්‍රදේශයේදී ඔවුන්ගේ ට්‍රක් රථයේ ටයරයක් පුපුරා ගැලවී විසිවී ඇත.

Share this article with your friends