Chitika Smowtion 468x60


Tuesday, February 14, 2012

බස් ගාස්තුව 20% කින් ඉහලට. විදුලි බිලත් වැඩිවේ


* බස් ගාස්තුව 20% කින් ඉහලට
* විදුලි බිලත් ඉහලට
* මීගමුව-හලාවත ප්‍රදේශ වල ධීවර උද්ඝෝෂණ ජායාරූප

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට බස්ගාස්තුව 20% කින් ඉහල දැමීමට රජය විසින් විසින් කැමැත්ත පල කර තිබෙනවා.

ගමනාගමන කොමිසන් සභාවේ බලධාරීන් සමග අද සවස පැවති සාකච්ඡාවේදී බස් ගාස්තු 20% න් ඉහළ නැංවීමට එකඟතාව හිමිවූ බවයි පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ.

එසේම වැඩිවන පුද්ගලික බස් ගාස්තුවලට සාපේක්ෂව ලංගම බස් ගාස්තුද 20% න් ඉහළ නැංවීමට තීරණය කර ඇති අතර එබැවින් මිල සංශෝධනය පුද්ගලික හා ලංගම බස් රථ සඳහා එකසේ පොදුය.

ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල වැඩිකිරීම පෙරේදා සිදුවූ නිසා එයට විරුද්ධව බස් ගාස්තු වැඩි කල යුතු බව ඉල්ලා අද දිනයේ රට පුරා පෞද්ගලික බස් රථ වර්ජනයක් ක්‍රියාත්මක වූ අතර එයින් ජනතාව බොහෝ පීඩා විඳිනු ලැබුවා. 

Share this article with your friends