Chitika Smowtion 468x60


Saturday, November 3, 2012

මොළය මියගිය රමණිගේ සිරුර යන්ත්‍රයෙන් ඉවත් කිරීමට පෙර පියා ඇයට වැඳ වැටෙයි


රමණි බර්තොලමියුස්ගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණයේ නොලියවුණ කතාව !

අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳව පුහුණුව ලැබූ අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකර, අධිකරණ වෛද්‍ය ක්‍ෂේත්‍රයේ නිරත වී දැනට දශක තුනකි. දීර්ඝ කාලීන සේවා අත්දැකීම් ඇති ඔහු විසින් සිදුකරනු ලැබූ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණ ගණන 12,000කට අධිකය. ඒ අතර රටේ නම ගිය සුපතල අයගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණද ඇත. මීට පෙර අප විසින් ඉදිරිපත් කළ ගංගොඩවිල සෝම හිමි, ජනප්‍රිය නළු විජය කුමාරතුංග, හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස, හිටපු අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක, ප්‍රවීණ නළු ගාමිණී ෆොන්සේකා, හිටපු අමාත්‍යවරයකු වන ගාමිණී දිසානායක යන අයගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණ සිදුකළේ අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකරය.

සතියේ දේශපාලන සිදුවීම් සමාලෝචනය

අගවිනිසුරුවරියට එරෙහි චෝදනා රැස් කරයි



ඉකුත් සතියේ දී ආණ්ඩුවේ වැඩි අවධානය යොමුව තිබුණේ අග්‍රවිනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම පිළිබඳවය. කෙසේ නමුත් මෙය එක්වරම මතුවූ තත්ත්වයක් නොව මාස කිහිපයක් පුරා පැවැති ගැටලුවක් අවසානයේ දී පුපුරා යාමයි. අග්‍රවිනිශ්චය කාරවරියට එරෙහිව දෝෂාභියෝගයක් එල්ල කරන බවට ආරංචි ඉකුත් මාස දෙකක පමණ කාලයක් පුරා නිල නොවන මට්ටමින් පැතිර තිබුණි. මීට මාස දෙකකට පෙර පළාත් සභා ඡන්දය අවසන්වීමෙන් පසු පැවැති ආණ්ඩු පක්ෂයේ ප්‍රථම මාධ්‍ය සාකච්ඡාවේ දී එක් මාධ්‍යවේදියෙක් මේ පිළිබඳව විමසූ අවස්ථාවේ දී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවැසුවේ මේ මොහොතේ එහෙම දෙයක් කරන්නේ නෑ. යනුවෙනි. කෙසේ නමුත් ප්‍රශ්නය පුපුරා ගියේ අධිකරණ සේවා කොමිසමේ ‍ලේකම් මංජුල තිලකරත්න අධිකරණ ක්ෂේත්‍රයට බලපෑම් ඇති බවට නිකුත් කළ නිවේදනයත් සමගය. 

කෞතුකාගාර සොරකමේ ප්‍රධාන සැකකරු කොටුකරගත් සැටි ගැන ‍පොලිසිය කියන කතාව

ජාතියේ මහා දායාදයක් වන ජාතික කෞතුකාගාර සොරකමේ සුල මුල කොළඹ අපරාධ කොට්ඨාසය මෙයට මාස දෙකකට ඉහත දී රටට හෙළි කරන විට ඇතැමුන් ඒ ගැන කීවේ එය සැලසුම් සහගත තිර රචනාවක් විය හැකි බවය. ඒ ඉකුත් මාර්තු 16 වෙනිදා සිදු වුණු ජාතික කෞතුකාගාර සොරකම ඉහළ දේශපාලන නායකයන්ගේ අනුදැනුම මත රාජ්‍ය අනුග්‍රහය මත සිදුවූවක් බවට ඇතැම් පුද්ගලයින් සමාජගත කර තිබුණු බැවිනි. ඒ නිසාම එකී සොරකම සිදු වූ අයුරු අහඹු ලෙස හෝ හෙළි වුණද ඇතැම් පාර්ශ්ව එය පිළිනොගෙන තර්ක විතර්ක කරන්නට වූයේ ජාතික කෞතුකාගාරයක් බිඳීමට මත්කුඩු පානයට ඇබ්බැහි වූවකුට කළ හැකිද? කියාය. මත්කුඩුවලට ඇබ්බැහි වූ වෙකුට කෞතුකාගාරය බිඳීමේ අවශ්‍යතාව කුමක්දැයි යන්නද ඇතැමුන් ප්‍රශ්න කරනු ලැබුවේ ‍පොලිසිය මේ කරන්නේ විගඩමක් බව කියමිනි.
ඒ පුද්ගලයන්ට එසේ චෝදනා කිරීමට සාධාරණ හේතු කාරණාද නොතිබුණා නොවේ. ඒ අතර සැකයට භාජනය වුණු ප්‍රබලතම කාරණාව වූයේ මාර්තු 16 වෙනිදා කෞතුකාගාරය සොරු බිඳින විට එහි වූ ආරක්ෂිත කැමරා පද්ධතිය හිටි හැටියේම අක්‍රියව තිබිමය. ඒද සොරකමට පෙරදිනයේ සිටය.

ඛනිජ සම්පත් සොයා සැහැල්ලු ගුවන් යානයකින් ලංකාවේම භූමිය ගවේශනය කිරීමට යයි.

මීටර් 100ක් පමණ ඉහළින් පියාසර කල හැකි චුම්භක මාන සවිකළ සැහැල්ලු ගුවන් යානයක් යොදාගන ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් සෙවීම පිළිබඳව පුළුල් ගවේශනයක් (Airborne Geophysical Survey) සිදුකිරීමට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය බලාපොරොත්තු වෙනවා.

අප්‍රිකාවේ පිහිටි භූ භෞතික අන්තර්ජාතික ගවේශන ආයතනකින් මෙම උපකරණ සවිකළ සැහැල්ලු ගුවන් යානය සමඟ එරට විශේෂඥ කණ්ඩායමක් ද ඉදිරියේදී මෙහි පැමිණීමට නියමිතයි.


වසර 1 1/2ක කාලයක් ගතවන මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 17ක පමණ මුදලක් වැයවන අතර ඒ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගැනීමට නියමිතයි.

දක්ෂිණ අධිවේගී මාර්ගය නාය ගිය හැටි


දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ හා වැලිපැන්න අතර කිලෝමිටර් (42.5L) කණුව ස්ථානය ආශ්‍රිතව ඊයේ දිනයේ නාය යාමකට ලක්වුවා. අඩි 25 ක් පමණ උස පස් කණ්ඩියක් ගාල්ල සිට කොට්ටාව බලා දිවෙන මංතිරුවට කඩාවැටී ඇති අතර කන්ද නායයාමට මද වෙලාවකට පෙර එම කන්ද පහත් වී විදුලි කණු පාරට පෙරළි ඇත. 

"සෙක්ස් ටෝයිස්" වැටලීම


අර්ධ වනචාරී පසුගාමී ගෝත්‍රික රජයක් වන ශ්‍රී ලංකාව දරුණු ලෙස ලිංගික අසහනයෙන් පීඩා විඳින සමාජයකින් යුක්තය. 

මේ අසහනකාරී ගෝත්‍රික දේශය කාලෙන් කාලෙට ලිංගික තහංචි පනවමින් අමුතු සුවයක් විඳිති. ගණිකා මඩම් වැටලීම , අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීම , අන්තර්ජාල වරණය සඳහා කතිකා , ෆේස් බුක් තහනමට කතිකා , ජංගම දුරකථන වල අසභ්‍ය දසුන් තිබේද පරික්ෂා කිරීම වැනි දේ කරමින් සංස්කෘතිය රැකීමට ඉදිරිපත් වෙති. මේ රැක්මේ අලුත්ම වර්ධනය නම් "සෙක්ස් ටෝයිස්" භිතිකාවයි. 

මේ ගැන ලක්බිම පුවත්පත මෙසේ කියයි. 

"ශ්‍රී ලංකාවට "සෙක්ස් ටෝයිස්" යන්න අලුත් යෙදුමකි. නමුත් විදේශයන්හි ඒවා විකිණීම සඳහා වෙනමම සුපිරි වෙළඳසල් ඇත්තේය. ලංකාවට අලුත් අත්දැකීමක් වූ මෙම සෙක්ස් ටෝයිස් නීතියට මුවාවෙමින් හොර රහසේ කොළොඹ තුන හා හතර ප්‍රදේශයන්හි පිහිටා ඇති සම්භාහන ආයතනවල විකිණීමට තබා ඇති බව පසුගියදා ලක්බිම නිව්ස් මාධ්‍යයවේදින් කණ්ඩායමක් සිදුකල ගවේෂණයකින් අනතුරුව සොයාගෙන තිබේ. 


ලෝකල් ඇඩ් ක්ලික් පිලිබඳ හෙළිදරව්ව ඇත්ත වෙයි!


ලෝකල් ඇඩ් ක්ලික් නම් ව්‍යාජ පිරමිඩ ක්‍රමයක් පිලිබඳ අප වෙබ් අඩවිය විසින් මෙයට පෙර හෙළිදරව්වක් කරන ලදී. 

ලෝකල් ඇඩ් ක්ලික්වෙබ් අඩවියේ පවසන අන්දමට $500 (ලංකා මුදලින් රුපියල් 60000 පමණ) ගෙවා ලියාපදිංචි විය යුතු අතර එම වෙබ් අඩවිය විසින් සතියකට $50 වැඩ ලබාදීමක් සිදුකරනු ලබන බව පවසයි. (මෙම සතියේ ගෙවීම සිදුකරනු ලබන්නේ වෙබ් බැනර් 5 ක් නැරඹීම සඳහාය). 

පසුගිය මැයි මාසය අප පල කල ලිපිය මගින් පැහැදිලිවම පෙන්වා දුන්නේ මෙය පිරමිඩ ක්‍රමයක් බවත් මුලින් එකතුවන්නන්ගේ මඩිය තදකොට අවසානයේ එකතුවුවන් හට කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන තත්වයට පත්වන බවයි.

ගාල්ලේ මහ දවල් දෙනෝදාහක් මැද්දේ සිදුකල මිනීමැරුම


ගාල්ල නගර මධ්‍යයේ පසුගිය 25 වනදා මහ දවල් වෑන් රථයකින් පැමිණි පිරිසක් මෝටර් සයිකලයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් කපා, කොටා මරා දමන ලදි. මෙසේ ඝාතනයට ලක් වූයේ ගාල්ලේ ව්‍යාපාරිකයකු සහ දේශපාලන සම්බන්ධකම් තිබෙන කුමාර සෙ‍නෙවිරත්න නැමැති අයෙකි.

ගාල්ල දංගෙදර පදිංචිකරුවෙකු වූ ඔහු දංගෙදර ප්‍රදේශය හරහා දවල් 1.20 ට පමණ යතුරුපැදියක නැග ගාල්ල, ඩික්මන් හන්දිය දෙසට ගමන් කරමින් සිටියදී පිටුපසින් පැමිණි වෑන් රථයක් යතුරුපැදියේ හප්පා ඇත. 

එම අවස්ථාවේ කුමාර සෙනෙවිරත්න නැමැති අය යතුරුපැදිය සමග මහ පාරේ ඇද වැටී තිබේ. වෑන් රථයේ සිටි පිරිස අනතුරුව එළියට පැන කඩුවලින් සහ මන්නාවලින් කුමාර සෙනෙවිරත්නගේ අතක් සහ කකුලක් වෙන් වන්නට කපා දමා පළා ගොස් ඇත්තේ ගාල්ල නගර මධ්‍යයේය. අත පා වෙන්වීමට සිදුකල මන්න පහරට අමතරව මරණිය තුවාල ගෙන දෙන කඩු පහරවල් දෙකක් පිට ප්‍රදේශයට හා හිස පෙදෙසට එල්ලකොට තිබුණි.

Share this article with your friends