Chitika Smowtion 468x60


Tuesday, September 18, 2012

මර්වින්ගේ බලපෑම් හමුවේ මේජර් බලුකුක්කෙක් වෙයි

අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාගෙන් හා රෙජාන් විජේරත්න යන ඇමති පුතුන් දෙදෙනාගෙන් පසුගියදා ඔලුව පැලෙනකම් ගුටිකා දින ගනනක් රෝහල්ගතව සිටි බුද්ධි අංශ මේජර්වරයා විසින් අමාත්‍ය මර්වින් සිල්වාගේ බලපෑම් හමුවේ සිය සටන අත්හැර දමා තිබෙනවා.

මෙතෙක් දවසක් රෝහල්ගතව සිටි ප්‍රදීප් සුසේන නම් එම යුධ හමුදා මේජර්වරයා අද දිවුරුම් පෙත්සමක් 
මඟින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙන්නේ මාලක සිල්වා හා රෙහාන් විජේරත්න තමන්ට පහර නොදුන් බවයි.


උදේ 8 ට ආවේ නැත්නම් 8.30 ට පැනලා අල්ලන්නයි හිටියේ- පොලිස්පති

මාලක රෙහාන් දෙදෙනාම බරපතල රෝග වලින් පෙළෙනවායැයි කියා නීතීඥවරු ඇප ඉල්ලයි 

මාලක සිල්වා හා රෙහාන් විජේරත්න යන ඇමති පුතුන් දෙදෙනා ඊයේ අධිකරණය බාරවීමත් සමඟ උසාවියට ඉදිරිපත්කරනු ලැබුවා.

එදිදී එක්ස්-රේ කොල කිහිපයක් ද සමඟ මර්වින් සිල්වා දුවගන උසාවියට පැමිණි අතර එම පාර්ශවයේ නීතීඥයන් විසින් උසාවියට කරුණු දැක්වූයේ මාලක හා රෙහාන් දැඩි රෝගාබාධ වලින් පෙලෙන බවයි.

"මාලක සිල්වා පිටකොන්දේ ආබාධයකින් පෙළෙනවා. එය ඉතාම භයානක රෝගී තත්ත්වයක් බව ස්නායු වෛද්‍ය පද්ම ගුණරත්න මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඉදිරියේදී ඔහුට ශල්‍යකර්මයක්ද කිරීමට නියමිතයි."

දෙවන සැකකරු වන රෙහාන් විජේරත්නගේ නීතීඥයා පැවසුවේ

"දෙවන සැකකරුත් හුස්ම ගැනීමේ බරපතල රෝගී තත්ත්වයකින් පෙළෙනවා. ඔහුට රෑට උපකරණයක් සවිකර නිදාගන්නා ලෙසට වෛද්‍ය උපදෙස් ලබාදී තිබෙනවා"

කේට් කුමරියගේ උඩුකය නිරුවත් ජායාරූප ප්‍රංශ සඟරාවක

බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරුගේ නිරුවත් ජායාරූප ප්‍රසිද්ධ වී මාසයක් ගතවෙද්දී විලියම් කුමරුගේ බිරිඳ වන කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූප කිහිපයක් ප‍්‍රංශ සඟරාවක් පසුගියදා ප්‍රකාශයට පත්කලා.

ක්ලෝසර් නම් එම සඟරාව විසින් පිටු 4ක් පුරාවට පල කර ඇති එම ඡායාරූප කේට් හා ඇගේ සැමියා වන විලියම් කුමරු පසුගියදා ප‍්‍රංශයේ දී ගත කළ පෞද්ගලික නිවාඩුවක් අතරතුරේදී ගත් ඡායාරූපයි.

යාර 1,000ක් පමණ දුර සිට දිගු කැමරා කාච යොදාගන ගෙන ඇති මෙම ජායාරූප පැහැදිලි බවින් අඩු වුවද ඒවායේ සිටින්නේ කේට් බව පැහැදිළිව හඳුනාගත හැකි බවයි පැවසෙන්නේ.



S.B ට කඩේ යාමට පැමිණි ආචාර්යවරු ඇනගනී


දේශප්‍රේමී විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ සංසදය ලෙස හදිසියේ සංසදයක් අටවාගත් එස්.බී දිසානායකට කඩේ යන ආචාර්යවරුන් කිහිප දෙනෙක් විසින් කොළඹ සව්සිරිපායේදී පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වා තිබුනා.

රට පුරා ආචාර්යවරුන් විසින් මාස 3ක් තිස්සේ ගෙනයන සටන "විදේශ බලවේග වල කුමන්ත්‍රණයක්" ලෙස හුවාදක්වමින් එය දියකර හැරීම සඳහා ඔවුන් පැමිණියද මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නකිරීම් හමුවේ තමන් නියෝජනය කළ සංසදය පිළිබඳවත් නොදැන කෝප වී ඔවුන් මාධ්‍යවේදීන්ට බැන වැදී තිබුණා.

එහිදී එහි කැඳවුම්කරු ෆීලික්ස් නෙම්සිරි ජයතිලක පැවසුවේ

"මේ අරගලය වැරදි වහන්තරාවක් ඉස්සරහට දාගන කරන අරගලයක්. අනික මේකේ නරක දෙයක් තියනවා මේක පිටිපස්සේ. මේකේ තියනවා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. මම බය නැතුව කියනවා ඒක."

ඔවුන්ගේ පිටුපස "දේශප්‍රේමී විශ්‍යවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංසදය" ලෙස විශාල බැනරයක් ද තිබූ අතර මෙම මාධ්‍ය සාකච්ජාවට පැමිණි මාධ්‍යවේදීන් ඒ පිළිබඳව විමසීමක් කළා.

Share this article with your friends