Chitika Smowtion 468x60


Friday, June 29, 2012

උඩුකය නිරුවත් දර්ශනය ප්‍රතික්ෂේප කල නිරෝෂා


එකමත් එක රටක චිත්‍රපටය තුල ආන්දෝල්නාත්මක චරිතයක් නිරුපනය කල නිරෝෂා පෙරේරා තමා ඒ චරිතයට එකඟ වූ ආකාරය පිලිබඳ මාධ්‍යයට හෙළිකොට තිබෙනවා.

එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කල සනත් ගුණතිලක විසින් වසර හයක් තිස්සේ එම චරිතය රඟපෑමට තමාට ආරාධනා කල බවත් තම එයට අකමැතිවූ පසු සිය පියා මාර්ගයෙන් මේ බව දන්වා පියාගේ කැමැත්ත අනුව එම චිත්‍රපටයේ රඟපෑ බව හෙළිකොට තිබෙනවා.

එම චිත්‍රපටයේ උඩුකය නිරුවත් දර්ශනයක් තිබුනත් ඇය එය ප්‍රතික්ෂේප කල බවද සඳහන්කොට තිබෙනවා.

මේ පිලිබඳ වැඩිදුර අදහස් දක්වන නිරෝෂා 

ටෙලිකොම් සීමාරහිත අන්තර්ජාල සම්බන්ධතා වලට ජනතා විරෝධය


ශ්‍රී ලංකා ටෙලිකොම් සිමාරහිත අන්තර්ජාල සම්බන්ධතා භාවිතයේදී පාරිභෝගිකයන් මුහුණපාන ගැටළු අප හෙළි කලේ වරක් දෙවරක් නොවේ.

ටෙලිකොම් විසින් අලුතෙන් හදුන්වා දුන් අන්තර්ජාල පැකේජයන් හට සාධාරණ භාවිත ප්‍රතිපත්තිය යටතේ භාගත කිරීමේ සීමාවන් පනවා ඇතත් ටෙලිකොම් "අන්ලිමිටඩ්" පැකේජය භාවිතා කරන පැරණි පාරිභෝගිකයන් හටද සාධාරණ භාවිත ප්‍රතිපත්තිය යටතේ භාගතකිරීම් කිරීම සිමාකිරීම් හේතුවෙන් ඔවුන් අපහසුතාවයට පත්ව ඇත.


ඩෙංගු මදුරුවා මගේ ළඟ දණ ගැස්සුවා - මර්වින්


මර්වින් සිල්වා අමාත්‍යවරයා හට ඩෙංගු රෝගය වැළඳී තිබු බව මෙයට පෙර ලිපියකින් අප හෙළිකර සිටියා.මර්වින් සිල්වා හට වලදී ඇත්තේ අලුත් ඩෙංගු වෛරසය බවත් එය එතරම් බරපතල නොවන බවත් අප වැඩිදුරටත් හෙළිකර සිටියා. 

පසුගියදා කිරිබත්ගොඩ දිසා රෝහලට ගිලන් රථ පරිත්‍යාග කිරමේ උත්සවයකට සහාභාගී වූ මර්වින් සිල්වා තමාට ඩෙංගු වැළඳීම පිලිබඳ අදහස් පලකලේ මෙසේය.

මුගේ හොම්බ කඩන්න ඕන!- හඩ්සන් පරල වෙයි


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් එලියන්ත වයිට්ගේ ප්‍රතිකාර වලින් පසුගිය කාලයේ රෝගාතුරුව සිටි බව ඊයේ දිනයේ අප හෙළි කළා.

නැවත සුවපත් වීමෙන් පසු "රට යන අත" වැඩසටහනට පැමිණි හඩ්සන් සමරසිංහ තමා අමාරුවේ දැමු වෛද්‍යවරයාම නැවතත් සුදු චරිතයක් කිරීමට උත්සහ කල අතර නෙත් එෆ්.එම් ගුවන් විදුලියේ විකාශය වන බැලුම්ගල වැඩසටහනද දැඩි ලෙස විවේචනයට ලක් කළේය.

නෙත් එෆ්.එම් බැලුම්ගල හඩ්සන් සමරසිංහ විසින් විවේචනය කල පළමු අවස්ථාව මෙය නොවේ.මෙයට පෙර රුවන් වැල්ලේ සෝභිත ගැන බැලුම්ගල විසින් හෙලිකල අවස්ථාවේද නෙත් එෆ්.එම් වසා දැමිය යුතු බව ඔහු කියා සිටියා. මෙවර නෙත් එෆ්. එම් හඩ්සන් අතින් විවේචනය වූ ආකාරය පහතින් බලන්න 


රජය අපව නැවත රවටමින් සිටිනවා


- දෙමළ දේශපාලන සිරකරුවන්


සත්‍යග්‍රහයක නිරතවූ දෙමළ දේශපාල සිරකරුවන්ට රජය විසින් ලබාදුන් පොරොන්දුව සියල්ල තවමත් පවතින්නේ හමස් පෙටිටියේය. තමන්ට රජය පොරොන්දුවූ පරිදි විශේෂ අධිකරණ කිසිවක් මෙතෙක් පිහිටුවා නැතැයිද සිරකරුවෝ චෝදනාකර සිටිති.

රජය තවදුටත් තමන් රවටමින් සිටින්නේනම් තමන් නැවත සත්‍යග්‍රහයන් වෙත යොමුවන බව ඔවුන් පවසා සිටිති. මේ අතර ඉදිරි සති දෙක තුළදී විශේෂ අධිකරණ පිහිටුවීමට කටයුතු කරන බව අධිකරණ අමාතංශයේ උසස් නිළධාරියෙක් "යුක්තිය" වෙත පැවසීය.

වව්නියාව බන්ධනාගාරයේ සැබෑලෙසම සිදුවූයේ කුමක්ද ?


අද ජාතික පුවත්පතක් වන දිවයින සහ ලංකා සී නිවුස් වෙබ් අඩවිය වාර්තාකර තිබුණේ වව්ව්නියාව බන්ධනාගාරයේ කැරැල්ලක් ඇති වී ඇති බවත් සිරකරුවන් විසින් බන්ධනාගාර පාලනාධිකාරීවරයාව ඔවුන්ගේ ග්‍රහණයට ගන්නට සැරසුණු බවත්ය.
එම පුවතේ තවදුරටත් සඳහන් වූයේ මෙහිදී කිලිනොච්චි එල්ටීටීඊ අධිකරණයේ විනිසුරුවරයකු ලෙස කටයුතු කළ අලගරත්නම් සහ මුහුදු කොටි නායකයකු වන සරනභවාන් ඇතුළු තවත් එල්ටීටීඊ රැඳවියකු ත්‍රස්‌ත විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශනය සඳහා 26 වැනිදා රැගෙන යැමෙන් පසු ඔවුන් නැවත වව්නියාව බන්ධනාගාරය වෙත ගෙන එන තෙක්‌ බන්ධනාගාර නිලධාරීන්ට බන්ධනාගාරය තුළට නොඑන ලෙස පාලනය ගෙන තිබෙන එල්ටීටීඊ රැඳවියන් පවසා ඇත.

රැජින සහ හිටපු අයි ආර් ඒ නායකයන් අතර හමුවක්


බ්‍රිතාන්‍ය එලිසබත් රැජින, උතුරු අයර්ලන්ත ජනරජ හමුදාවේ (අයි.ආර්.ඒ.) හිටපු ප්‍රධාන නායකයකු වන, උතුරු අයර්ලන්තයේ නියෝජ්‍ය මහ ඇමති මාර්ටින් මැගිනස් සමග අතට අත දුන්නාය.
උතුරු අයර්ලන්තයේ සංචාරයක නිරත වෙමින් සිටින එලිසබත් රැජින බෙල්ෆාස්ට් නගරයේ නෘත්‍යාගාරයකදී මාර්ටින් මැගිනස් සමග අතට අත දෙද්දී ඔවුන් සිනාමුසුව සිටිනු දක්නට ලැබුණි.
උතුරු අයර්ලන්තයේ සංහිදියාව ඇති කිරීම සඳහා කටයුතු කරන අයර්ලන්ත සහයෝගිතා ව්‍යාපාරය විසින් සංවිධානය කළ එම අවස්ථාව මාධ්‍ය මගින් විස්තර කෙරුනේ උතුරු අයර්ලන්ත සාම වැඩපිළිවෙලේ සංකේතාත්මක මොහොතක් හැටියටයි.

'ශ්‍රී ලංකාවට ප්‍රබුද්ධ දේශපාලන ක්‍රමයක් අවශ්‍යයි'


ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයත් සමග ශ්‍රී ලංකාවේ ප්‍රබුද්ධ දේශපාලන ක්‍රමයක් ඇති කළ යුතු අන්දම පිළිබඳ කතිකාවතක් මතු වී ඇතැයි දේශපාලන නායකයෝ කියා සිටිති.
ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයත් සමග වත්මන් මනාප මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ජනතාව කලකිරී සිටින බව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේය.
ඝාතනය කෙරුණ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් කොළොන්නාවේ ඉදි කෙරෙන පිළිරුවට මුල්ගල් තබමිනුයි ඉහතකී අදහස් පළකෙරුණේ.

හිරුණිකා - නාමල් හමුවක්

හිරුණිකා නාමල්ට කියන්නේ මොකද්ද?

මුල්ලේරියාවේ සිදුවූ වෙඩි තැබීමකින් ඝාතනයට ලක් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පිලිරුවක් ඉදිකිරීමට මුල්ගල තැබීම කොළොන්නාව කර්මාන්ත ශාලා පරිශ්‍රෙය්දි කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (27) දිනයේ සිදු කරනු ලැබුවා.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය සමග සුහද කතාබහක නිරතවන අයුරු ජායරුපයට නැගී තිබුනේ මෙලෙසිනි.

Share this article with your friends