Chitika Smowtion 468x60


Sunday, March 4, 2012

Red Bull Street Show with Chris Pfeiffer : Pictorial


සියලු ජයාරූප බලන්න මෙතනින් 
ජයාරූපකරණය : දර්ශන ප්‍රනාන්දු | උතුම් පෙරේරා


කොමිස් කාක්කාගේ ඉංජිනේරු කොම්පැණිය රුපියල් බිලියන පහක් ඩැහැගනී


ශ්‍රී ලංකාවේ 90 දශකයේ මැද භාගයේ සිට රජයේ කොන්ත්‍රාත් සහ ලංසු ලබාගෙන ත්‍රිවිධ හමුදාවට ආයුධ සහ යුධ වාහන ගෙන්වා තම මඩිය තදකර ගත් සුප්‍රසිද්ධ කොමිස් කාක්කා හෙවත් සුමල් සංජීව පෙරේරා, සාමයේ අරුණලූ පිබිදෙන සමයක ඔහුගේ නවතම සල්ලි හොයන සූත්‍රයවී ඇත්තේ රටේ පාරවල් හදා කොමිස් ඩැහැගන්නා තම ඉංජිනේරු කොම්පැණිය මහජනයාට නොවටිනා ගණනකට අලෙවි කිරීමට තැත්කිරීමයි.

දැනට පවතින නීතියට අනුව සමාගමක පුද්ගලිකව ආයෝජකයන්ට ලබාදුන් කොටස් අලෙවිකිරීමට හැක්කේ එම නිකුතුවෙන් අවුරුද්දකට පසු වන අතර හරියටම මෙය කොටස් වෙළඳ පොලෙහි ලැයිස්තුගත කිරීමට අදහස් කරන දිනට අවුරුද්දකට පෙර පුද්ගලිකව ඇක්සස් සමාඟම විසින් රුපියල් බිලියන 4.5 කොටස් නිකුත් කර ඇති අතර මෙයට අමතරව සුමල් පෙරේරා ඇතුළු අධ්‍යක‍ෂක මණ්ඩලයට හා සේවකයන්ට තවත් රුපියල් බිලියන 3 කොටස් නොමිලේ ඛෙදා ඇත. 
මෙම මහජන කොටස් නිකුතුව මඟින් එම ආයතනය බලාපොරොත්තුවනුයේ රුපියල් මිලියන 500 මුදලක් ලබා ගැනීමටයි. (මෙය අනෙකුත් ආයතන සමඟ ගත් කල ඉතා අඩු මුදලකි.) නමුත් මෙහි පිටුපස ඇත්තේ තවත් යමකි.

පොළවේ වැළලී ලෝක වාර්තාවක් තබන්නට ගොස් තරුණයෙක් මරුදකියි


2011 අගෝස්තු මාසයේදී, දැල්වූ ගිනිමැලයක් යට පොළවේ වැළලී පැය 3යි විනාඩි 39 ක් ගත කිරීමෙන් මීරිගම පල්ලෙවෙල මිහිඳුපුරයේ රංජිත් කුමාර ජයසිංහ මහතා ශ්‍රීලංකා වාර්තාවක් තැබූ බව මීට පෙර අප ඔබට ගෙන ආවා.

ඉන් මාසයකට පමණ පසුව එලෙස දැල්වූ ගිනිමැලයක් යට පොළවේ වැළලී පැය 5 ක් ගත කර එම වාර්තාව බිඳ දැමීමට පුජාපිටිය සියපත්ගමෙහි වෙසෙන කේ.එම් හින් බණ්ඩා මහතා මහතා සමත් වූ බවත් පෙර ලිපියකින් අප ඔබට හෙළි කළා.

මෙලෙස පොළොව යට වැළලී එම වාර්තාව බිඳ දමා තවත් ලෝක වාර්තාවක් තැබීමට ගොස් තරුණයෙකු මියගොස් තිබෙනවා. ඔහු කන්තලේ වාන්ඇල ප‍්‍රදේශයේ පදිංචි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන වයස අවුරුදු 24 ක තරුණයෙක්. 

ගාල්ලේ ගොඩනැගිල්ලකට ගෙනා ග්‍රැනයිට් ෂිට් වලට පස්දෙනෙක් යටවෙයි


ගාල්ල නගරයේ විද්‍යාලෝක විද්‍යාලය ඉදිරිපිට ඉදිකරන සාප්පු සංකීර්ණයකට ගෙනා විශාල ග්‍රැනයිට් ෂිට් තොගයක් ඊයේ (03) සවස 5:00 ට පමණ පෙරලීමෙන් එයට පස් දෙනෙක් යටවී තිබෙන අතර සිව්දෙනෙක් දිවි ගලවාගෙන තිබෙන අතර එක පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

මෙම ගොඩනැගිල්ල ඉදිකිරිම සඳහා කන්ටේනරයකින් අඩි 6 දිග අඩි 8 පළල ග්‍රැනයිට් ෂිට්  විශාල ප්‍රමාණයක් ගෙනවිත් තිබෙන අතර ඒවා බිමට බෑමේදී කන්ටේනරයේ එක පසකට හේත්තුකර තිබු ග්‍රැනයිට් ෂිට් තොගය එය බාමින් සිටි පුද්ගලයන් පස් දෙනාගේ ඇඟ මතට පෙරලි ඇත.

Derana Music Video Awards 2011 : Pictorial



දෙරණ මියුසික් වීඩියෝ අවොර්ඩ්ස් 2011


ශ්‍රී ලාංකීය සංගීත ශිල්පීන්ගේ මියුසික් විඩියෝවන් සඳහා සම්මාන පිරිනමන දෙරණ මියුසික් වීඩියෝ අවොර්ඩ්ස් 2011 පසුගිය 02 දා රාත්‍රියේදී පැවැත්වුනා.

එහිදී වසරේ හොඳම වීඩියෝව ලෙස ඉරාජ්ගේ "පොලිසිය" ගීතයත් වසරේ ජනප්‍රියතම වීඩියෝව ලෙස රොමේෂ් ගේ "දිගු දෑස" ගීතයටත් හිමි වුනා
.
ඉරාජ්ගේ "පොලිසිය" ගීතයට වසරේ හොඳම රෙගේ ගීතය සඳහා වූ වීඩියෝවට හිමි සම්මානයද ලැබුන අතර ඉරාජ් විසින් එම සම්මානය තමාගේ හොඳම රසිකයා වෙත එම අවස්ථාවේදීම තිලිණ කරනු ලැබුවා.

එහි විශේෂත්වය වන්නේ එම තරුණයා ආබධිත තරුණයෙකු වීමයි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න 

හිමාලි සයුරංගි යුග දිවියට


ජනප්‍රිය ටෙලි නාට්‍ය නිලි හිමාලි සයුරංගි පසුගියදා (01) යුග දිවියට එළඹුනා.අයගේ අතිනතගත් මනාලයා වුයේ "ඇඩ් ලෑන්ඞ් ඇඩ්වර්ටයිසින්" සමාගමේ හිමිකරු වන අසංගයි.

අමා ටෙලි නාට්‍යයේ රුගත කිරීම් අතර ඔවුන් දෙදෙනා හදුනාගෙන ඇති වාර්තාවේ.
විවාහ උත්සවයේ ජායාරූප බලන්න පහතින් 
ජායරුපකරණය : ලසන්ත වරුසවිතාන


චතුරිකා කටකතා වලට පිළිතුරු දෙයි


ටෙලි නාට්‍යය නිලි චතුරිකා පිරිස් හා රොෂාන් පිලපිටිය විවාහය දිගින් දිගටම කල් යාම හේතුවෙන් කලකිරීමට පත්ව සිටින චතුරිකා, රන්ජන් රාමනායක සමග සමීප ඇසුරක් ගොඩනගා ගෙන ඇති බව පසුගියදා විවිධ මාධ්‍යයන් ඔස්සේ පලවී තිබුනා.

එම කට කතා ප්‍රතික්ෂේප කරමින් චතුරිකා සති අන්ත පුවත්පතකට පවසා තිබුනේ මෙවැන්නක්

රංජන් රාමනායකත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා රාවයක් පැතිරිලා තිබුණා. ඔබ ඒක ප‍්‍රතික්ෂේප කළේත් නෑ 
මම කටකතා ගණන් ගන්නේ නෑ. කටකතාවලට හේතු ඇති. නමුත් හේතු නැතිව කියන කටකතා තමයි වැඩිපුර තියෙන්නේ. රංජන් අයියා විතරක් නෙමෙයි මීට කළින් ධනංජය, සුරාජ්මාපා, රොෂාන් රවීන්ද්‍ර මේ අයත් එක්ක මාව පටලවලා කතා හැදුවා. 

එජාප උද්ඝෝෂණයේදී රනිල් - සජිත් ගැටුමක්


ඉන්ධන මිල වැඩිකිරීම, බස් ගාස්තු වැඩි කිරීම හා විදුලි ගාස්තු වැඩි කිරීම, ජීවන වියදම ඉහළ යාම හා ආණ්ඩුවේ දූෂිත වැඩපිළිවෙලට හෙළා දැකීම සඳහා රජයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් පානදුරේ ඔර්ලෝසු කණුව අසල පසුගියදා (01) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබූණා.

එහිදී උද්ඝෝෂණයේදී අරමුණ පසෙක ලා සජිත්-රනිල් පිට එළිපිට ගැටුම් ඇතිකරගනා ආකරයක් සියළු දෙනාට  දක්නට ලැබී තිබෙනවා. සජිත් පාර්ශවයට ජනතාව ඇමතීම සඳහා රනිල් වික්‍රමසිංහ ඉඩ නොදීමත් සමඟ කීපදෙනෙක් රනිල්ට හූ කියා තිබෙනවා.

උදයගේ ඉවත්වීමෙන් පසු සෙන්ටිග්‍රේඩ්ස් කණ්ඩායමට නව සාමාජිකයෙක්


සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමේ ගායක උදය ශ්‍රී වික්‍රමසිංහ එම කණ්ඩායමෙන් නිල වශයෙන් ඉවත්වූ බව හා එයට බලපෑ හේතුන් අප ඔබට මෙයට පෙර ලිපියකින් ඉදිරිපත් කළා.

උදයගේ ඉවත්වීමෙන් පසුව සෙන්ටිග්‍රේඩ්ස් කණ්ඩායම විසින් එම අඩුව පුරවාලීම සඳහා නව සාමාජිකයෙක් සෙන්ටිග්‍රේඩ්ස් කණ්ඩායමට එක්කරගෙන තිබෙනවා.

එරංග නම් වන ඔහු විසින් මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ "සැදී රන් අබරණින්" ගීතය ගායනා කරන අයුරු පහතින් බලන්න.

දැන් නම් මුන්ට හොඳටම පිස්සු - රංජිත් හේනායකආරච්චි


මෙයට හේතුව මුන් දූපතක ඉපදීමද කියා මම නොදනිමි. ඒත් පැහැදිලිවම මේ හැසිරීම නම් ලොව වෙනත් කිසිම තැනක දකින්නට නැති දෙයකි. මැති ඇමතිවරුන් අමු බූරුවන් ලෙස හැසිරෙන වෙනත් රටක් නම් නොමැත. සමහර ගෝත‍්‍ර සමාජ මෙන්ම ආගමික අන්තවාදයෙන් හිස් විකාරකරගෙන අඳභාවයට පත් මිනිස් කණ්ඩායම් තම විරුද්ධවාදීන්ට එරෙහිව බැන අඩගසමින් රෙදි ඔසවා ගෙන වීදි දිගේ වියරුවෙන් හැසිරෙනු දකින්නට ලැබුණා වුවත් ඒ රටවල පවා කැබිනට් ඇමතිවරු මෙසේ සිහි විකල් කරගෙන හැසිරෙනු දකින්නට නොලැබේ. එසේ සිහිවිකලෙන් හැසිරෙන කැබිනට් ඇමතිවරු දකින්නට ලැබෙන්නේ අපේ මේ පුුංචි මුතු ඇටයේ පමණි. 

ඇමති ජොනී කෝටි ගණනක මුදල් රටින් පන්නලා


අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් අයතා ලෙස උපයාගත් රුපියල් කෝටි ගණනක මුදලක් පසුගියදා සිංගප්පූරුව වෙත නීත්‍යානුකූල නොවන පරිදි රැගෙන ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය වෙත වාර්තා වී තිබේ.
පසුගිය දා තායිලන්තයේ නිල සංචාරයකට සහභාගී වූ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමතිවරයා එම ගමන්වාරයේදී එසේ රැගෙන ගිය මුදල් තැන්පත් කිරීම සඳහාත් ටියොන් නැමති මැලේසියානු ජාවාරම්කරු හමුවීම සඳහාත් පැය 8ක කාලයක් සිංගප්පූරුවේ ගතකොට තිබේ. ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමතිවරයා මෙම සංචාරයේදී තායිලන්තයේ හිටපු අගමැති තක්ෂේන් සිනවාත‍්‍රා හමුවීමට කටයුතු යොදාගෙන තිබුණද ඒ පිළිබද ප‍්‍රවෘත්තිය හෙළිදරව් වීම නිසා එම හමුව කල්දමා තිබේ.

පාඩම් උගත් පසුවත් 20 ක් අතුරුදහන්


උගත් පාඩම් හා ප‍්‍රතිසංවිධාන වාර්තාව පිටවී මේවනවිට මාස 3කට ආසන්න වන අතර මේ වනවිටද එම කොමිසමේ නිර්දේශයන් උල්ලංඝනය කරමින් පුද්ගල අතුරුදහන් 20 ක් වාර්තා වී තිබේ.
මෙම වාර්තාව විසින් අතුරුදහන්වීම් සම්බන්ධයෙන් රජයේ වගකීම හා ඒ සඳහා වන මැදිහත්වීම් පිළිබද කරුණු අනාවරණය කර ඇති අතර ආණ්ඩුව විසින් එකී මානව අයිතීන් කඩකිරිම නැවැත්වීම සම්බන්ධයෙන් ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබදවද කරුණු දක්වා ඇත.

අනුරාධපුර රැඳවියන්ට බොරු කටඋත්තර දෙන්නැයි බලපෑම්


‘අපි ශ‍්‍රී ලාංකිකයෝ’ සංවිධානයට එරෙහිව කටඋත්තරයක් ලබාදෙන ලෙස අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ සැකකරුවන්ට එහි පාලකයින් විසින් බලපෑම් කර තිබේ. පසුගිය පෙබරවාරී 23 දා අනුරාධපුර බන්ධනාගාරයේ ගිණුම් අංශයට රැගෙන ආ එල්.ටී.ටී.ඊ සැකකරුවන් 6 දෙනාට මෙලෙස බලපෑම් කර ඇත.

දැයට කිරුළේ සංතෝෂමෙන් රටසවාරී


අනුරාධපුර ඔයාමඩුවේ පැවති දැටය කිරුළ ප‍්‍රදර්ශනය සඳහා විශාල දායකත්වයක් දැක්වූ උතුරුමැද පළාත් සභාවේ මැති ඇමතිවරුන් සඳහා විදේශ සංචාරයක් ලබාදී ඇති බව වාර්තා වේ.
අදාල සංචාරය සඳහා ප‍්‍රතිපාදන වෙන්කිරීම පළාත් සභාව විසින් සිදුකර ඇති අතර මේ සඳහා ආණ්ඩුපක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් හතලින් දෙදෙනකු පමණ සහභාගී වනබව වාර්තා වේ.

ආණ්ඩුව දවසේ දේශපාලනය ගෙනයන්න නාඩගම් නටනවා - ජනඅරගල කැඳවුකරු චමීර කොස්වත්ත


‘‘ජිනීවා මානව හිමිකම් කොමිසමේදී තවදුරටත් යෝජනාවක් ඉදිරිපත් කරන්න ඉඩක් නැහැ. මේ සමුළුවට ගිහිල්ලා මහින්ද සමරසිංහ මහත්තයා කියන්නෙත් උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කරනවා කියලා. ඇමරිකාවේ නියෝජිතවරිය ඇවිත් කියන්නේත් ඒ නිර්දේශ ක‍්‍රියාත්මක කරන්න කියලා. එහෙ ම නම් මෙතන ප‍්‍රශ්නයක් නැහැ. දෙගොල්ලොම කියන්නේ එකක්. එහෙම නම් මොකක්ද ආණ්ඩුව පසුගිය දින කිහිපය තිස්සේ නටපු නාඩගම. මේවා තමයි ජනතාව මුහුණ දෙන ප‍්‍රශ්නවලට උත්තර නැති ආණ්ඩුව දවසේ දේශපාලනය පවත්වාගෙන යන්න කරන නාඩගම්.’’ යැයි ජනඅරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු චමීර කොස්වත්ත මහතා කියා සිටී.

පැරීසියේ එජාප පාක්ෂිකයෝ එක්වූ සිරිකොත රැස්වීම


විදේශයන් හී ශ්‍රී ලාංකිකයින් ලක්ෂයක් එක්සත් ජාතික පක්ෂයට බඳවා ගැනීමේ හස්ති සේනා මෙහෙයුම පසුගියදා පැරීසියේ දි නොසිතූ ලෙස අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය. පැරිස් ඉතිහාසයේ සියලූම යූ එන් පි සහෘදයෝ එකට එකතු වූ ප‍්‍රථම අවස්ථාව මෙය බව නම් අතිශෝක්තියක් නොවේ.
පැරිස් එජාප ශාඛාවේ සභාපති අජන්ත කල්දේරා ඇතුලූ නිල දරුවන්ගේ උත්සහාය මල්පල ගන්වමින් සේනානායක, ජයවර්ධන, පේ‍්‍රමදාාස, රනිල්, සජිත් සියලූම පාක්ෂිකයෝ එකට එකතුවූ ඵෙතිහාසික දිනයක් ලෙස පැරීසියේ පෙබරවාරී 26වෙනිදා සඳහන් කලහැක. 

ඇමෙරිකා-ශ‍්‍රී ලංකා ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ඇරඹේ


ඇමෙරිකානු ආක‍්‍රමණයක් එන බව කියමින් චම්පික රණවක හා විමල් වීරවංශ යන අමාත්‍යවරුන් ඇමෙරිකාවට එරෙහිව ජනයා උසිගන්වද්දී, ජනාධිපතිවරයාගේ හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත මේ වනවිට ඇමෙරිකානු හමුදා කණ්ඩායමක් සහ ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදා පිරිසක් අතර යුද අභ්‍යාසයක් රහසිගතව සිදුවෙමින් පවතී.

ජනාධිපතිවරයාට නෝර්වේ උපදෙස්


පසුගිය 29, 01 දෙදින රාත‍්‍රියෙහි නෝර්වේ විශේෂ නියෝජිතයින් කිහිප දෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ජාත්‍යන්තර බලපෑම්වලට මුහුණදිය යුතු ආකාරය පිළිබදව උපදෙස් ලබාදී ඇත.
එම නෝර්වේ නියෝජිතයින් ජනාධිපතිවරයා විසින් කැඳවා ඇත්තේ, රාජකාරී කටයුතුවල සේවයේ නියුතු නිලධාරීන් සේවය නිමාකොට නික්ම ගිය පසුවය. නෝර්වේ නියෝජිතයින්ගේ හමුව හෙළිදරව්වීම වලක්වා ගැනීමට එසේ ක‍්‍රියාකර තිබේ.

බාල පෙට‍්‍රල් යළිත්? කපාට ප‍්‍රශ්නයක්! - ඇමති කියයි


නැවතවරක් බාල පෙට‍්‍රල් වෙළද පොලට පැමිනීමේ අවධානමක් තිබෙන බව ඛනිජ තෙල් කටයුතු පිළිබද අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
සිංගප්පූරුවේ විටෝල් සමාගම මගින් ආනයනය කරන ලද මෙටි‍්‍රක් ටොන් 20,000 ක් පමණවන පෙට‍්‍රල් සම්බන්ධයෙන් මෙම තත්ත්වය උද්ගතවී තිබේ. අදාල පෙට‍්‍රල් තොගය ඔක්ටේන් 90 වර්ගයෙන් මෙටි‍්‍රක් ටොන් 15,000 ක්ද ඔක්ටේන් 95 වර්ගයෙන් මෙටි‍්‍රක් ටොන් 5000 ක්ද බැගින් සමන්විත වේ.

කිසියම් ප‍්‍රමාද දෝෂයක් හේතුවෙන් මෙම වර්ග දෙක මිශ‍්‍රවී ඇති බවත්, වර්ග දෙකෙම ප‍්‍රමිතිය බාලවී ඇති බවත් වාර්තා වේ. එහෙත් ඛනිජ තෙල් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පසුගියදා මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කර සිටියේ එවැනි මිශ‍්‍රවීමක් සිදුවී නැති බව නිලධාරීන් තමාට ප‍්‍රකාශ කළ බවයි.

නාමල්ගේ හිතවතියක් මුදල් අමාත්‍යාංශයේ නීති දෙපාර්තමේන්තුවට


ජනාධිපති ජ්‍යෙෂ්ඨ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ බලපෑම් මත මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යාංශයේ නීති කටයුතු දෙපාර්තමේන්තුවේ නීති නිලධාරිනියක ලෙස ඔහුගේ සමීපතම හතවතියක්වන රිෂානි හරේන්ද්‍රා වික‍්‍රමගේ නැමැති තරුණියක් පත්කිරිමට තීරණය කර තිබේ.
රිෂානි හරේන්ද්‍ර වික‍්‍රමගේ මෙනවිය නීති කටයුතු දෙපාර්තමේන්තුවේ නීති නිලධාරිනියක ලෙස කොන්ත‍්‍රාත් පදනම මත සේවයට බඳවා ගැනීමට කටයුතු කරනලෙස ජනාධිපතිවරයා විසින් නියෝජ්‍ය මුදල් අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතාට නියෝග කර ඇත.

කන්දකඩුව රජයේ ගොවිපළ භූමියත් යුද හමුදාවට


රට පුරා රජයේ ඉඩම් හා ගොවිපළවල් අත්පත් කර ගනිමින් සිටින ශ‍්‍රී ලංකා යුද හමුදාව, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යටතේ ඇති කන්දකඩුව ගොවිපළට අයත් භූමිය අත්පත් කර ගැනීමට කටයුතු කරමින් සිටී.
එහි  මූලික පියවර වශයෙන් එම ඉඩම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අවශ්‍ය නොවන බවට තමා වෙත ලිඛිතව දැනුම් දෙන්නැයි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් පශු සම්පත් හා ග‍්‍රාමීය ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබිණ. එයින් බියට පත් එම අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් කේ.එම්.ටී. කෑදරගම මහතා එම ඉඩම තම අමාත්‍යාංශයට අවශ්‍ය නොවන බවට ආරක්ෂක ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ. 

විලී ගමගේ කෝටි දෙකක අත්තිකාරමක් අරන්


ශ‍්‍රී ලංකා රබර් නිෂ්පාදන හා අපනයන සංස්ථාව සතු කර්මාන්තශාලා 03ක් පෞද්ගලික සමාගමක් වෙත දිගු කාලීනව බදු දීම සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකා සැකසීම වෙනුවෙන් රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් විලී ගමගේ මහතා ‘‘ඇරෝමා නැචුරල් රබර් ප‍්‍රයිවඩ් ලිමිඩට්’’ යන ආයතනයෙන් රුපියල් කෝටි 02ක අත්තිකාරම් මුදලක් ලබා ගෙන ඇති බව එම අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පොළොන්නරුව රජයේ ගොවිපළ නාමල්ගේ හිතවතෙකුට


පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොළොන්නරුව රජයේ ගොවිපළ ජනාධිපති ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයාගේ හිතවතෙකුට වසර 30ක කාලයක් සඳහා බදු දීමට යයි. එහි මූලික පියවරක් ලෙස මෙම ගොවිපළින් කිසිදු ආදායමක් නොලැබෙන බව පවසා, එය තවදුරටත් භාණ්ඩාගාරයට බරක් නොවී පවත්වාගෙන යෑම සඳහා පෞද්ගලික අංශයේ සහයෝගීතාවයෙන් වැඩිදියුණු කරන ලෙස මුදල් අමාත්‍යාංශය පශු සම්පත් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

ආණ්ඩුව ජාතික ධජයෙන් නිරුවත වසාගෙන - මංගල


රාජපක්ෂ ආණ්ඩුව තමන්ගේ නොහැකියාව, වංචා දූෂණ, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියා වසන් කරගැනීම සඳහා යලිත්වරක් ජාතිවාදය උසිගන්වමින් සිටින බවත්, එහෙයින් ආණ්ඩුවේ නිරුවත වසාගැනීමට ජාතික ධජය භාවිතා කිරීමට ඉඩ ලබානොදන ලෙස මාතර දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී, එම පක්ෂයේ ජාතික සංවිධායක මංගල සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.
සමරවීර මහතා එම ඉල්ලීම කරනු ලැබුවේ ශ‍්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේදී පසුගියදා (29) පැවති මාධ්‍යය හමුවක් අමතමිනි.

ආණ්ඩුව පසුගිය කාලය පුරා ජනතාව මුලාකරමින් දිගින් දිගටම සිදුකලේ සිය නිරුවත වසාගැනීමට ජාතික ධජය යොදාගැනීම බව මන්ත‍්‍රීවරයා එහිදී අවධාරනය කළේය. 

Share this article with your friends