Chitika Smowtion 468x60


Monday, July 23, 2012

ස්ත්‍රී දුෂකට සෙත් පතා බෝධි පූජාවකට සැරසේ


ස්ත්‍රි දූෂණ චෝදනා ලැබූ අකුරැස්ස ප්‍රාදේශීය සභාපතිට සහය පළ කරමින් 500 ට ආසන්න පිරිසක් බෝඩ් ලෑලි අල්ලා ගෙන අකුරැස්ස නගරයට මේ වනවිට එක් රොක් වී සිටී. සභාපතිවරයාගෙන් ඉවත් කළ සභාපති ධූරය නැවත ලබා දෙන්නැයි කියමින් සහ සභාපතිවරයා ස්ත්‍රී දූෂකයෙක් නොවේ යැයි සදහන් කරමින් එම පිරිස රැස් වී බෝඩ් උස්සා ගෙන සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.අකුරැස්ස නගරයේ ඇති විහාරස්ථානයකට තව සුථ වේලාවකින් මෙම පිරිස ගමන් කර සභාපතිවරයාට සෙත් පතා බෝධි පූජාවක් පැවැත්වීමට නියමිතය. නගරයේ ආරක්ෂාවට විශේෂ පොලිස් කණ්ඩායම් මෙන්ම කැරැළි මර්ධන පොලිස් නිලධාරීන් ද යොදවා ඇත. උසස් පොලිස් නිලධාරීන් පවා අකුරැස්සට පැමිණ සිටිති. සාමාන්‍ය මහජනතාවගේ කටයුත්තක් ලෙස මෙම බෝධි පූජා පිංකම පෙන්විමට සංවිධායකයින් උත්සහ දැරුවත් අත්අඩංගුවේ සිටින සභාපතිවරයාගේ තේ කම්හල්වල සේවකයන් වැඩි පිරිසක් බලහත්කාරයෙන් ඊට ගෙන්වා ඇතැයි ද තතුදත් තොරතුරු අනාවරණය කළේය.

ෂීබා 'හොල්මන්'


පොලිස්පතිවරයා හා සමාන කීර්තියෙන් බබලන අයෙක් පොලිස් දෙපාර්තමේන්තුවේ සිටී යැයි මම විශ්වාස කරමි. ඒ  'ෂීබා'. ඒ නම ඇසූ පමණින් එක්වරම මේ මොකෙක් ගැනදැයි කියා බොහෝ දෙනෙක් නොදනිති. නමුත්  ශ්‍රී ලංකා  පොලිස් පරීක්ෂණ  හා රහස් පරීක්ෂක කටයුතු ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනා 'ෂීබා' ගැන දනිති. ඒ අන් කවුරුන්වත් නොව,රත්නපුර පොලිස් නිල සුනඛ අංශයේ 'කැප්ටන්' ය.



අද සිට තැන තැන දෙපැයක් විදුලිය කැපේ (Power Cut)


පුත්තලම නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හා කෙරවලපිටිය වෙස්ට් කෝස්ට් බලාගාරයේ තාක්ෂණික දෝෂයකින් අඩපණවීම නිසා ජාතික විදුලිබල පද්ධතියට මෙගවොට් 400 බලධාරිතාවක් අහිමි වන බව විදුලිබල මණ්ඩලය කියයි.
කඩිනමින් අලූත්වැඩියා කරන බවත්, සඳුදා සිට දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක උදේ හා දහවල් කාලයේ දෙපැයක් විදුලිය කපන බවත් මණ්ඩලය පවසයි.

වෙබ් අඩවි නව නීති ගැන සාකච්ඡා මාලාවක් අරඹයි.

නාරාහේන්පිට කිරුළ පාරේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මාධ්‍යවේදීන්, පාඨකයන් ඇතුළු අන්තර්ජාල පුවත් වෙබ් අඩවි සියළු පාර්ශවයන් සමග සාකච්ඡා මාලාවක් පැවැත්වීමට යයි. වෙබ් අඩවි ලියාපදිංචිය සඳහා රුපියල් ලක්ෂයක් ද , වාර්ෂිකව රුපියල් 50,000 ක්ද ගෙවිය යුතුයැයි රජය පසුගියදා තීරණය කළේය. රජයේ මේ නීතිරීති ගැන සාකච්ඡාකර රජයට කරුණු ඉදිරිපත් කිරීමේ අදහසින් මෙම සාකච්ඡා මාලාවේ පළමුවැන්න අගෝස්තු 14 දා පැවැත්වෙන බව දැනගන්නට ඇත.



අළුත් Z Score නිකුත් කිරීම තවත් නාගැනීමක්ද ?


මහත් ආන්දෝලනයකට ලක් වූ z-ලකුණු අද දින වන විට ගණනය කිරීම් අවසන් කර තිබෙන බව වාර්තා වනවා.

මෙම නව ලකුණු වලට අනුව පැරණි විෂය නිර්දේශය ඔස්සේ විභාගයට පෙනී සිටි සිසුන් ශ්‍රේණිගත කිරීම් වලදී පහල ස්ථාන ලබාගෙන තිබීම දකින්නට ලැබෙනවා.
නැවත ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වූ හෙයින් නැවත විභාගයට පෙනී සිටිනවාද නැද්ද යන්න බොහෝ දෙනාට ගැටළුවක් වූ අතර විභාග ප්‍රතිඵල වෙනස් වූ නැවත විභාගයට පෙනී සිටීමට අවශ්‍යය සිදුන්ට සති දෙකක කාලයක් ඇතුලත දී අයදුම්පත් බාරදීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත.

Share this article with your friends