Chitika Smowtion 468x60


Tuesday, December 20, 2011

වෙස්ට්කෝස්ට් බලාගාරය අක්‍රීය කිරීමට හැරීගෙන් මෙහෙයුමක්


වත්තල කෙරවලපිටිය වෙස්ට්කෝස්ට් විදුලිය නිෂ්පාදන බලාගාරයේ නිෂ්පාදන කටයුතු සඳහා යොදාගනු ලබන Low Sulfer fuel oil (LSFO) හිඟයක් මවාපා එම විදුලි බලාගාරයේ නිෂ්පාදන කටයුතු අක්‍රීය කිරීමේ සියුම් සැලසුමක් දියත්වී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ එම සංස්ථාවේ සභාපති කෝටිපති ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා බව වැඩිදුරටත් අනාවරණය වේ.
හැරී ජයවර්ධන මහතා සභාපති ධූරයට පත්වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම LSFO ඉන්ධන වර්ගය මිලදී ගෙන තිඛෙන්නේ මෙටි්‍රක් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 690ක මුදලකටවන අතර එහි Premium කාණ්ඩය සඳහා ඇමරිකානු ඩොලර් 27ක මුදලක් ගෙවා තිබේ. හැරී ජයවර්ධන මහතා සභාපති ධුරයට පත්වීමෙන් අනතුරුව මෙම මිලදී ගැනීම් පස්වතාවකට අධික ප්‍රමාණයක් අත්හිටුවා ඇති අතර පසුව මෙම ඉන්ධන වර්ගය සැපයීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Fujaira නැමැති සමාගම සමඟ මාස හයක ගිවිසුමකට එළඹ තිබේ.

කරු පාර්ලිමේන්තුවේ පසු පෙළට


කරු ජයසූරිය මහතා මේවනවිට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හෝ සාමාජිකයෙකු නොවන බැවින් ඔහුට තවදුරටත් පාර්ලිමේන්තුවේ ඉදිරි පෙළ අසුනක් නොදියුතු බවට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කර තිබේ.
ජයසූරිය මහතාට වඩා ජ්‍යෙෂ්ඨයින් පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන්වල සිටින බවත් ඔහුට මෙතෙක් ඉදිරිපෙළ අසුනක වරප්‍රසාදය හිමි වූයේ නියෝජ්‍ය නායකයා වීම නිසා බවත් එම මන්ත්‍රීවරු පැහැදිලි කර තිබේ.
කෙසේ වුවද එහිදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත්තේ දෙසැම්බර් 31 දක්වා කරු ජයසූරිය මහතා පක්ෂයේ නියෝජ්‍ය නායකයා බව අමතක නොකරන ලෙසයි.
පක්ෂ නායකයාට හිමි බලතල යටතේ 2012 වසර සඳහා තමාගේ ලැයිස්තුවෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් 20 දෙනා නම් කිරීමේදී කරු ජයසූරිය මහතා සහ රවී කරුණානායක මහතාද නම් කරන බව රනිල් වික්‍රමසිංහ මහතාද මෙහිදී ප්‍රකාශ කර තිබේ.
මින් ඉදිරියේදී පක්ෂයේ විනය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් තමා දැඩිව සිටින බව ප්‍රකාශකර ඇති වික්‍රමසිංහ මහතා, ලබන සතියේ සජිත් ප්‍රේමදාස මහතාව පක්්්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් ඉදිරියට කැඳවා අවවාද කරන බවත්, තමා සමඟ පක්ෂයේ සුභසිද්ධිය සඳහා එක්ව වැඩකිරීමට නොහැකි නම් ඉවත්ව යන ලෙස දැනුම් දෙන බවත් පවසා ඇත.

මාධ්‍යවේදීන්ට පරිගණක ලබා දීමට වෙන් කළ මිලියන 50ක් ආපසු යවලා


මාධ්‍යවේදීන්ට 'ලැප්ටොප්' පරිගණක ලබාදී සඳහා 2011 අයවැයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයට වෙන් කර තිබූ රුපියල් මිලියන 50කට වැඩි මුදලක් මේ දක්වා එම කාර්යකට යොදා නොතිබීම නිසා යළි මහාභාණ්ඩාගාරවෙත යැවීමට සිදු වී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
2011 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ, ජනමාධ්‍යවේදීන්ට පරිගණක ලබාදීම සඳහා එම අයවැයෙන් රුපියල් මිලියන 50ක් වෙන් කර ඇති බවයි.
එහෙත් එම මුදල වෙනත් ව්‍යාපෘතියක් වෙනුවෙන් වැයකිරීමට පිඹුරු පත් සකසමින් සිටි අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.පී. ගනේගල මහතාට 2011 මුදල් වර්ෂය තුළ ඒ කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ගත නොහැකි වී තිබේ.
මෙම තත්ත්වය තුළ ජනාධිපතිවරයා විසින් 2011 වසරට වෙන් කළ එම මුදල, මෙම මුදල් වර්ෂය අවසන් වී ඇති හෙයින් යළි හරවා යැවීමට සිදු වී ඇති බවත් මෙය මාධ්‍යවේදීන්ට වූ බලවත් අසාධාරණයක් බවත් අප වෙත තොරතුරු ලබාදුන් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

එජාප ව්‍යවස්ථාවට සංශෝධනයක්


වසරකට වරක් එක්සත් ජාතික පක්ෂ නායකයා ඇතුලූ ප්‍රධාන නිලතල සඳහා පුද්ගලයින් තෝරා පත්කර ගත යුතු බවටවන වගන්තිය සංශෝධනය කොට, වසර පහකට වරක් පක්ෂ නායකත්වය සඳහා නිලවරණ පැවැත්වීමට අදාළ සංශෝධන ලබන වසරේ මුලදීම ගෙන ඒමට අදහස් කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු අප වෙත පැවසීය.
ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් දක්වා එක් නායකයෙකුගේ මගපෙන්වීම යටතේ පක්ෂය ක්‍රියාත්මක විය යුතු බව ජ්‍යෙෂ්ඨ නායකයින්ගේද මතය වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.
මීට අමතරව පක්ෂයේ නිලතල සඳහා ඉදිරිපත් වීමට අවශ්‍ය මූලික කොන්දේසි කිපයක්ද එම ව්‍යවස්ථා සංශෝධනයට එක් කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසීය.

නියෝජ්‍ය නායක ධූරයෙන් අස්වෙන්නැයි සජිත්ට බලපෑම්


නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වී එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ බහුජන ව්‍යාපාරයකට නායකත්වය දෙන්නැයි සජිත් කණ්ඩායමේ ක්‍රියාකාරිකයින් පිරිසක් ඊයේ රාත්‍රීයේ සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ නිලවරණයේදී නියෝජ්‍ය නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්කර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් අයකු ප්‍රසිද්ධියේ කටයුතු කර ඇතැයි මෙහිදී ප්‍රකාශ කර ඇති රංජිත් මද්දුමබණ්ඩාර මහතා, එසේ නොවූයේනම් කරු ජයසූරිය මහතාගේ ඡන්ද ප්‍රතිඵලයම සජිත් ප්‍රේමදාස මහතාටද ලැබීමට ඉඩ තිබූ බව සඳහන් කර තිබේ.

කරූ බිල්ලට දී සජිත් ජාම බේරා ගනී


තමාට අනාගතයේදී ප‍්‍රබල අභියෝගයක් එල්ලවීමට ඉඩ තිබූ කරූ ජයසූරිය මහතා දේශපාලන භූමියෙන් තාවකාලිකව ඉවත්කොට තම නියෝජ්‍ය නායක තනතුර යාන්තමින් රැක ගැනීමට සජිත් පේ‍්‍රමදාස මහතා සමත් වී තිබේ. 


එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා ඇතුළු ප‍්‍රධානීන් තෝරා පත් කර ගැනීම සඳහා අද (19) පැවැති නිලවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා විසින් ඉදිරිපත් කළ කරූ ජයසූරිය මහතා පරාජය කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා යළි පක්‍ෂ නායකත්වය තහවුරු කරගෙන තිබේ.අද පැවැති නිලවරණයේදී නායකත්වය සඳහා තරග කළ කරූ ජයසූරිය මහතා ඡන්ද 26 ක් ලබාගන්නා විට රනිල් වික‍්‍රමසිංහ මහතා ඡන්ද 68 ක් ලබාගෙන තිබේ.

එසේම, නියෝජ්‍ය නායක තනතුරට තරග කළ රවී කරුණානායක මහතා ඡන්ද 42ක් ලබාගන්නා විට සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාගත හැකි වී ඇත්තේ ඡන්ද 50 ක් පමණි. දෙදෙනෙකු ඡන්දය අවලංගු කර තිබේ. තවත් පස් දෙනෙකුගේ ඡන්ද ලබාගැනීමට රවී කරුණානායක මහතාට හැකිවූයේ නම් ඔහුට නියෝජ්‍ය නායක තනතුර හිමිවනු ඇත.කොළඹ නාගරික කොට්ඨාශය නියෝජනය කරන කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙකු ඔහුට එරෙහිව ඡන්දය පාවිච්චි කළ බව එම පක්‍ෂයේ මන්තී‍්‍රවරයෙකු අප වෙත පැවසීය.

සජිත් බේරගන්න ජෝශප් හේමා රහස් කුමන්ත‍්‍රණයක


එක්සත් ජාතික පක්‍ෂ නිලවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා ආරක්‍ෂා කර ගැනීම සඳහා එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජෝශප් මයිකල් පෙරේරා මහතා සහ සජිත් පේ‍්‍රමදාස මහතාගේ මෑණියන් වන හේමා පේ‍්‍රමදාස මහත්මිය අතර රහස් කුමන්ත‍්‍රණයක් පැවැති බව සිරිකොත අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.


එම කුමන්ත‍්‍රණයට අනුව, කරූ පිලේ නියෝජ්‍ය නායකයා ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරිපත්වීමටත්, රනිල් පිලේ නියෝජ්‍ය නායක අපේක්‍ෂකයා ලෙස ජෝශප් මයිකල් පෙරේරා මහතා ඉදිරිපත්වීමටත් තීරණය වී තිබේ.එහෙත් මෙම කුමන්ත‍්‍රණය පක්‍ෂ නායකත්වයට වාර්තාවීමත් සමග පක්‍ෂයේ උපනායක තනතුරට ඉදිරිපත් වන ලෙස ජෝශප් මයිකල් පෙරේරා මහතාට උපදෙස් ලැබී තිබේ.

රයිනි විවාහකයෙකුට රැවටිලා


ජනපි‍්‍රය ගායක යුවලක් වන රූකාන්ත හාචන්‍ද්‍රලේඛාගේ දියණිය රයිනි චාරුකා පසුගියකාලයේදී පෙම් පලහිලවුවක් නිසා හිත් වේදනාවන්සිටි බව වාර්තා වේ.රයිනිගේ පේ‍්‍රමවන්තයා ජනපි‍්‍රයනළුවෙක් බවත්, ඔහු රයිනි මඟ හැරියේ තවත්ජනපි‍්‍රය සම්මානනීය නිළියක් සමඟ තිබූ හාදකමක්නිසා බවත් පැවසේ.

ඇය මෙම පෙමට මුල පුරා ඇත්තේ ‘සිංහාව ලෝකනය’ චිත‍්‍රපටය රූගත කරන කාලයේදීබවද වාර්තා වේ.කෙසේවුවද එම ආදරයට ආයුෂ තිබී ඇත්තේ ඉතා කෙටිකලක් පමණකි
කෙසේවුවද මෙම ජනපි‍්‍රය නළුවා විවාහකයෙක් බවත් මේ අතර වාර්තා වේ.

Raini Charuka Goonatillake sexy Image

හිරුණිකාගේ අලුත් දේශපාලන පක්ෂය ගැන කතාව බොරුවක්


මුල්ලේරියාවේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය විසින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට අදහස් කරන බව පසුගියදා එක්තරා පුවත්පතක වාර්තා වුනා.

නමුත් ඒ පිළිබඳව ගොසිප්9 හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියගෙන් සිදු කල විමසීමකදී ඈ අපවෙත ප්‍රකාශකොට සිටියේ ඇය එවන් දෙයක් ප්‍රකාශ නොකළ බවත් අදාළ මාධ්‍යයවේදීයා විසින් එය වරදවා වාර්තා කොට ඇති බවයි.

ඒ පිලිබඳ අදහස් දක්වන හිරුණිකා 


"පහුගිය දවසක පුවත් පතකින් කතා කළා.." ආ නංගි මම තමයි මරණ ගෙදර සම්පුරණයෙන් කවර් කරේ..ඔයාට මතකයි නේද? කියලා..මම ආ කියන්න කියල කිව්වා.. 

ප්ලාස්ටික් කුඩ සටනට මැදිවූ අපේ ගොවියෝ


එළවළු හා පලතුරු ප්‍රවාහනය සඳහා ක්‍රියාත්මක කරන ලද "ප්ලාස්‌ටික්‌ කූඩ" නීතිය රට පුරා ආන්දෝලනාත්මක සිදුවීම් වලට මුල්වූ කරුණක් විය.

ඇත්තෙන්ම මෙම ප්ලාස්ටික් කුඩ කලබගෑනිය ඇතුලතින් ක්‍රියාත්මක වුයේ සැබෑ ගොවීන්ගේ හඬද? එය විමසා බැලිය යුතු ප්‍රශ්නයකි.

ප්ලාස්ටික් කුඩ මිලට ගැනීම මෙන්ම ඒවා භාවිතය හේතුවෙන් ගොවියාට යම්කිසි පාඩුවක් දැරීමට සිදුවන බව පැහැදිලිව පෙනෙන්න තිබෙන කරුණකි.නමුත් එහි අවසන් ප්‍රතිඵලය භුක්ති විඳීමට සිදුවනුයේ පාරිභෝගිකයාටය.මන්ද ප්‍රවාහන වියදම ඉහල යාම හේතුවෙන් එළවළු හා පලතුරු වල මිල ගණන් ඉහල යාමද සිදු විය හැකි බැවිනි.

ප්ලාස්ටික් කුඩ පිලිබඳ ප්‍රශ්නයේදී ගොවීන්ට ගෝනි නිපදවන ව්‍යාපාරිකයන්ගේ බළල් අතක් වීමටත්, ආණ්ඩුවේ ප්‍රබලයෙකුට ප්ලාස්ටික් කුඩ සමාගම් තුනකින් ලැබෙන ඩොලර් කුට්ටි අනුව වැඩ කිරීමටත් සිදු විය.

සිරිකොත ගැටුමේ ජායාරූප එකතුව





සරත් ෆොන්සේකාට ලබන මාසයේ නිදහස ලැබෙයිද?


හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ජනපති සමාව සහිතව 2012 වසර ආරම්භයේදී හිරෙන් නිදහස හිමි වන බව රජයේ ඉහල පෙළේ ආරංචි මාර්ග අනුව කියවෙන බව මේ දිනවල අසන්නට ලැබෙනවා. 

මීට පෙර මල්වතු අස්ගිරි මහානාහිමි වරුන් ඇතුළු පාර්ශව ගණනාවක් ෆොන්සේකා මහතාට ජනපති සමාව දෙන ලෙස ඉල්ලා තිබුණ නමුත් ඒ කිසිවකට ජනාධිපතිතුමා ඇහුන්කන්දුන් බවක් පෙනෙන්නට තිබුනේ නෑ.

ජනාධිපතිතුමාට අවශ්‍යය වූයේ සරත්ෆොන්සේකා මහතා හෝ ඔහුගේ පවුලේ කෙනෙකු ලවා සමාව ඉල්ලනු දැකීමටය. නමුත් සරත් ෆොන්සේකා මහතා හෝ ඔහුගේ පවුලේ කිසිවෙකු ජනාධිපතිතුමා වෙත ගොස් සමාව ඉල්ලිමට කැමැත්තක් දැක්වූයේ නෑ.

මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් පසුගියදා පැවසුවේ සරත් ෆොන්සේකා මහතාට සමාව ලබාදීම පිළිබඳව ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග කීප වරක් සාකච්ඡා කළ බවත් ඊට ඇති ගැටළු ගැන අවධානය යොමුකළ බවත්ය. එහෙත් පැවැති සාකච්ජා මොනවාදැයි ඔහු හෙළිකළ කළේ නැත. ඒ අනුව නිදහස ලැබූවද අහිමිවූ වරප්‍රසාද ලැබෙනේද, විදේශ ගතවීමේ නිදහස හෝ දේශපාලනය කිරීමේ අයිතිය ලැබෙන්නේද, කවර කොන්දේසි වලට යටත්ව නිදහස ලැබෙන්නේද යන්න දැනගන්නට ලැබෙන්නේ නැත.

සුනාමි පෙරහුරුව අද

සිරිමන්ත රත්නසේකර
සුනාමි අනතුරු ඇඟවීමේ පෙරහුරුවක්‌ අද (20 වැනිදා) සවස 3.00 සිට 4.30 දක්‌වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

අදාළ පෙරහුරුව දිස්‌ත්‍රික්‌ක 14 ක තෝරාගත් ගම්මානයන්හි පැවැත්වෙන බව එම අමාත්‍යාංශය පවසයි.

කොළඹ, කළුතර, ත්‍රිකුණාමලය, අම්පාර, ගාල්ල, මුලතිව්, යාපනය, කිළිනොච්චිය, මන්නාරම, පුත්තලම, හම්බන්තොට, ගම්පහ සහ මඩකලපුව එම දිස්‌ත්‍රික්‌ක 14 වන බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

මෙම සුනාමි අනතුරු ඇඟවීමේ පෙරහුරුව අදියර තුනක්‌ යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සුනාමි අනතුරු ඇඟවීමේ පණිවුඩය ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයටත් එම පණිවුඩය අදාළ දිස්‌ත්‍රික්‌ නිලධාරීන්ටත් අනතුරුව එම පණිවුඩය ආපදාවන්ට ලක්‌වන ජනතාවට දැනුම්දීමට සලස්‌වා ඔවුන්ව ආරක්‍ෂිත ස්‌ථාන වෙත යොමුකිරීමට පියවර ගැනේ.


ජනපතිට හා රජයට මඩ ගසන නිසා රංගේ බණ්‌ඩාරට පහර දුන්නා

- අරුන්දික කියයි
නෝමන් පලිහවඩන

පාලිත රංගේ බණ්‌ඩාර මන්ත්‍රීතුමා රජයට වගේම ජනාධිපතිතුමා ඇතුළු අපටත් බොරු චෝදනා එල්ලකරමින් මඩ ගැහුවා. ඒ විදිහට කතා කරන්න එපා කියලා අපි ඔහුට කිව්වා. ඒත් ඇහුවේ නැහැ. ලොබිය තුළදී මා ඔහුගේ කම්මුලට පහරවල් දෙක තුනක්‌ එල්ල කළා යෑයි පුත්තලම් දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා "දිවයින" ට ඊයේ (19 දා) ප්‍රකාශ කළේය. ඊට පස්‌සේ ඔහු මට පහර දෙන්න ආවා. ඒත් ඒවා වැළකී ගියා.

රංගේ බණ්‌ඩාර මන්ත්‍රීතුමා ඉතාමත් නරක විදිහට රජයට වගේම ජනාධිපතිතුමා ඇතුළු අපට මඩ ගැහුවා. වරද දිගටම කරගෙන යන නිසා මම ඔහුට පහර දුන්නා.


ලොව දිගම සුබපැතුම් පත වැලිකඩ හිර ගෙදරින්


2012 වසර සඳහා සකස් කෙරුණු ලෝකයේ දිගම සුබපැතුම් පත ලෙස සැලකිය හැකි වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 20 දෙනෙකුගේ පමණ දායකත්වයෙන් නිර්මාණය කරන ලද සුබ පැතුම්පත හෙට (21) ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමට නියමිතයි.

මෙම සුබපැතුම් පත අඩි 195 ක් ද, පළල අඩි 05 ක් ද වනවා.මෙරට රාජාවලියේ රජවරුන්ගේ සිට වර්තමාන පාලකයන් දක්වාත්, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියත් මෙම සුබ පැතුම් පතෙහි අන්තර්ගතව ඇත.මෙය ලොව දිගම සුබ පැතුම්පත ලෙස ඇතුලත් කිරීමට මේවනවිටත් කටයුතු යොදා ඇත.



Share this article with your friends