Chitika Smowtion 468x60


Sunday, July 22, 2012

කහවත්තේ දියණිය පණ බේරාගන්න සටන් කරලා


කහවත්තේ කොටකෙතන පේ‍්‍රමාවතී (65) මව ද, දියණිය පුෂ්පකුමාරි ද (32) ගෙදර මැද සාලයේදී මරා ඇදගෙන ගොස් කෙළවර කාමරයට දමා ගිනි තබා ඇතැයි ද, කැපී වෙන්වී ගිය ඇඟිල්ලෙන් ඒ බව පෙනෙතියි ද පොලිසිය අනුමාන කරයි.
පුෂ්පකුමාරි මෙනවිය දිවි බේරා ගැනීම සඳහා මිනීමරුවන් හා සටන් කළ බව පෙනේ යැයි ද ඇගේ හිසට තියුණු අවියකින් 12 වරක් ගසා ඇගේ සායෙන් හිස බැඳ ඇතැයි ද පොලිසිය කියයි. මිනීමරුවන් මෙතෙක් අල්ලාගෙන නැත.

පියා පාපියෙක් වෙයි


පහලොස් හැවිරිදි සිය දියණියට අතවර කොට ඇ‍ය පස්මස් ගැබිනියක බවට පත් කළ පියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.මන්නාරම ප්‍රදේශයෙන් මේ සිදුවීම වාර්තා වෙන අතර අගතියට පත් සිසුවිය දෙවරක් පියා අතින් අපහරණයට ලක් වූ බව ඇය පොලීසියට පවසා තිබේ.වව්නියා පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මඩු පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මම කැමති හැමෝගෙම සිත් ආදරයෙන් පුරවන්නයි - අනර්කලී


මම කැමති හැමෝගෙම සිත් ආදරයෙන් පුරවන්නයි. 

දේශපාලනය මට අපේ පවුල් පසුබිමෙන් උරුම උනු දෙයක් !

මට හැකි උපරිමයෙන් මගේ ජනතාවට සේවය කරනවා. 

මම මොන වගේද කියලා මමවත් තාම දන්නෙ නෑ ! 

ඉටිපහන් ටෙලිනාට්‍යය තුළින් කුඩා ගැහැණු දරුවකුගේ චරිතයකට පණ පොවමින් ඉතා කුඩා අවදියෙන්ම රංගනයට දායක වී පුංචි තිරය, රිදී තිරය විතරක් නෙවෙයි මේ වන විට ඇය දේශපාලන වේදිකාවත් ජයගන්න සමත් වී තිබෙනවා.

ඇය අනර්කලී ආකර්ශා. ඇය කුමන විදියේ කෙනෙක් ද යන්න ඇයවත් තවම නොදන්නා බවයි අනර්කලී පවසන්නේ. ඒ පිළිබඳව ඇය අදහස් දැක්වූයේ මෙලෙසයි.

අනර්කලී සාමාන්‍ය ජීවිතයේදී මොන වගේ චරිතයක් ද?

අයේෂා මව් පදවිය ලැබීමට සූදානමින් !


අයේෂා සඳමාලි මේ දිනවල තම කැදැල්ලට පුංචි අමුත්තෙක් එනකං මඟබලන් ඉන්න බව පවසනවා.

නිරූපිකාවක්‌, නර්තන ශිල්පිනියක්‌, රංගන ශිල්පිනියක්‌ වගේම නිවේදිකාවක්‌ වූ අයේෂා සඳමාලිත් අම්ම කෙනෙක්‌ වෙන්න යනවා කියලා ලැබුණු ආරංචිය ගැන අයේෂා පවසන්නේ මෙලෙසයි.

අයේෂා මවක්‌ වීමේ සිහිනය සැබෑ කරගන්න යනවා කියන්නේ ? 
ඔව්. ඇත්තටම කාලයක්‌ තිස්‌සේ තිබුණ බලාපොරොත්තුවක්‌ තමයි ඉෂ්ටවෙන්න යන්නේ. ඒ වුණාට තිබුණ වැඩත් එක්‌ක ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න ටිකක්‌ කල්ගත වුණා. නමුත් මම හිතනවා ජීවිතයේ ලැබෙන්න ඕනෑ දේවල් ලැබෙන්න ඕනෑ කාලයට ලැබුණ කියලා. ඒ ගැන ලොකු සතුටක්‌ තිබෙනවා.

මේ දවස්‌වල කාලය ගෙවෙන්නේ කොහොමද?
ගොඩක්‌ විවේකයෙන් තමයි කාලය ගතවෙන්නේ. මොකද වෛද්‍යවරු උපදෙස්‌ දීලයි තියෙන්නේ ගොඩක්‌ මහන්සිවෙන්න එපා, විවේකයෙන් ඉන්න කියලා.

වැඩියෙන් කැමැති දුවෙකුටද? පුතෙකුටද ?

හිරු ටීවී vs නිමල් ලක්ෂපතිආරච්චි


නිමල් ලක්‍ෂපතිආරච්චි මහතාගේ අභාවය සමග ඔහු අවසන් වරට සේවය කළ හිරු ටීවී නාලිකාව ක‍්‍රියා කළ ආකාරය බොහෝ දෙනෙකුගේ අප‍්‍රසාදයට ලක් වී ඇත.

අනෙකුත් නාලිකා ඒ මහතාගෙ අභාවය වෙනුවෙන් විශේෂ ප‍්‍රවෘත්ති හා වැඩසටහන් ඉදිරිපත් කරද්දී හිරු ටීවී නාලිකාව ඔහු ගැන විශේෂ සඳහනක් නොකොට දැන්වීමක් පමණක් පල කළේය.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට නිමල් ලක්‍ෂපතිආරච්චි මහතා මිය යාමට සති කිහිපයකට පෙර හිරු ටීවී ආයතනයෙන් ඉල්ලා අස් වී ඇත. 

‍ෆිට්-ඔන් රූම් එකේදී ෆොටෝ ගසා දූෂණය කොට මැරුම් කයි !


පසුගිය 06 වනදා ගම්පහ කප්රුක නම් රෙදිපිළි වෙළඳසල ඇතුලතදී එහි හිමිකරු වන කෝටිපති ව්‍යාපාරික ලැරික් සමන් රාජපක්ෂ (43) නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම වෙළඳසලේදීම කපාකොටා ඝාතනය කරනු ලැබුවා.

මෙතෙක් කල් අභිරහසක්ව පැවතුන කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණයට හේතුව මේවන විට හෙළිවෙමින් පවතී.වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

දිනක් එක් කාන්තාවක් ගම්පහ කප්රුක රෙදිපිළි ආයතනයට පැමිණ රෙදිපිළි මිලදී ගෙන ඒවා තමාට ගැලපෙනවාද යන්න බැලීම සඳහා එම ආයතනයේ ඇති ෆිට් - ඕන් කාමරයට ගොස් ඇත.


Share this article with your friends