Chitika Smowtion 468x60


Thursday, February 9, 2012

ජනාධිපතිවරයා, හිටපු ජනපතිනිය ගැන සෝදියෙන්


ආණ්ඩුවේ ඇමතිවරු කිහිප දෙනෙකු හා ආණ්ඩුකාරවරයෙකු රහසිගත ස්ථානයකදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියව හමුවී ඇති බවට රාජ්‍ය බුද්ධි සේවය විසින් වාර්තා කර ඇති බවත්, එම තත්ත්වය යටතේ දැඩි ලෙස කලබලයට පත් වී ඇති ජනාධිපතිවරයා කුමාරතුංග මහත්මියගේ ගමන් බිමන් හා හැසිරීම පිළිබඳව වඩාත් සෝදිසියෙන් සිටින ලෙස රාජ්‍ය බුද්ධි අංශවලට දැනුම් දි ඇති බවත් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය.

ශ්‍රිලනිප මූලස්ථානය මාරු කිරීමත් කල් තබයි


අභ්‍යන්තර අර්බුද හේතුවෙන් කැබිනට් මණ්ඩල සංශෝධනය කල් දැමූ පරිදිම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙනත් තැනකට ගෙන යාමට දැරූ උත්සාහයද කල් දැමීමට ජනාධිපතිවරයාට සිදුව තිබේ. පක්ෂ මූලස්ථානයේ බඩු බාහිරාදිය නව කාර්යාල ගොඩනැගිල්ල වෙත ගෙන යෑමට සැලසුම් කර තිබුණේ පොහොය දිනයේදීය.

ගෝඨාගේ නියමයෙන් 'හිරු' රාජිතට මඩ ගසයි


ධීවර කටයුතු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පහර දෙන ලෙස තම මාධ්‍ය නාලිකාවේ ප්‍රධානී රේනෝද සිල්වා මහතාට උපදෙස් දී ඇත්තේ ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක‍ෂ මහතා විසින් බව ඒබීසී මාධ්‍ය ජාලයේ වගකිව යුතු මාධ්‍යවේදියෙකු අප කළ විමසීමකදී පැවසීය.
භාරත ලක‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා මහමඟ වෙඩි තබා ඝාතනය කරනු ලැබූ මොහොතේ, රාජිත සේනාරත්න ඇමතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාව ප්‍රසිද්ධියේ විවේචනය කළ ඇමතිවරුන් කිහිපදෙනාගෙන් අයෙකි.

ඓතිහාසික දෙවිනුවර පුදබිම විනාසයි


ඓතිහාසික සිදුවීම් රැසකට තෝතැන්නක් වු දිවයිනේ දකුණු කෙළවර පිහිටි දෙවිනුවර පුදබිම මේ වනවිට ඉතා ඛේදනීය තත්වයකට පත්ව තිබේ. පුරාවිද්‍යාත්මකවද ඓතිහාසිකවද අතිශය වැදගත්ම භූමියක් වන දෙවිනුවර දේවාල භූමිය හා පරම විචිත්‍රාරාම පුරාණ විහාර භූමිය අවට ප්‍රදේශය මේ වනවිට විවිධ කැණීම් හා අලුත්වැඩියාවන් සිදුකරමින් පැවතීම නිසා මෙහි ඇති පුරාවිද්‍යාත්මක අනන්‍යතාවයට බරපතල ලෙස හානි වෙමින් පවතී.
මීට වසර දහස් ගණනකට පෙර සිටුවන ලද දැවැන්ත ගල් කණු පවා බිමට සමතලා කරමින් සිදුකරන මෙම විනාශකාරී ක්‍රියාව එහි යන ඕනෑම කෙනෙකුට මේ මොහොතේදීත් දැකබලා ගත හැකිය.

සරත් ෆොන්සේකා සිරගත කර ඊයේට වසර දෙකයි


හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිරගත කර ඊයේට වසර දෙකක් සම්පූර්ණ වුණා.

මේ වෙනුවෙන් ඔහු නිදහස් කරන ලෙස බලපෑම් කරමින් "අවනීතියට එරෙහි ජාතික ව්‍යාපාරය" විසින් සංවිධානය කළ ප්‍රථම සත්‍යග්‍රහය ඊයේ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට පැවැත්වුනා.


රට මහින්දට... පාර්ලිමේන්තුව චමල්ට...
හමුදාව ගෝඨාභයට.. ආර්ථිකය බැසිල්ට...
උරුමය නාමල්ට... කරුමය ජනතාවට..
කැලෑ නීතියට ඉඩ නොතබනු... පොලිස්‌ කොමිසම ස්‌ථාපිත කරනු...
විනිසුරුවන්ට බලපෑම් නොකරනු... 18 වන සංශෝධනය අහෝසි කරනු...
අධිකරණයට අත නොතබනු... සරත් ෆොන්සේකා ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස්‌ කරනු...
 ආදී සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් විශාල පිරිසක් එම සත්‍යග්‍රහයට එක්වී සිටියා. 

මගේ ශරීරයෙත් බුදුවරුන්ගේ වගේම මහා පුරුෂ ලක්ෂණ තියනවා- පිටිදුවේ සිරිධම්ම හිමි


බුදුවරුන්ගේ ශරීරයේ දක්නට ලැබෙන මහා පුරුෂ ලක්ෂණ තමන් වහන්සේගේ ශරීරයේත් තිබෙන බව පිටිදුවේ සිරිධම්ම හිමියන් පවසනවා.

මේ බව සිරිධම්ම හිමියන් පවසා තිබුනේ උන්වහන්සේගේ කැමරාවෙන් නැතිවූ ජායාරූප වල ටී ෂර්ට් ඇඳන් හිඳීම පිළිබඳව පසුගියදා රන්දිව පුවත්පත සමඟ පැවැත්වූ සාකච්ජාවකදී ඇසූ පැනයකට පිළිතුරු දෙමින්.

ශිහාන් විවාහය ගැන කතාකරයි



විවාහයෙන් පසු ශිහාන් තමන්ගේ විවාහය ගැන හා ගෙෂේනි ගැන මාධ්‍යයට හෙළි කර තිබෙනවා.
ශිහාන් කොහොමද අලුත් ජීවිතේ
(හිනැහී) හරිම සුන්දරයි. ජීවිත කාලය පුරාම ඒ සුන්දරත්වය තියාගන්න බලා‍පොරොත්තු වෙනවා.

ප්‍රථම ප්‍රේමය විවාහයකින් කෙළවර වන්නේ කලාතුරකින්
මම ඇයව බිරිඳ විදියට තෝරාගත්තේ ප්‍රථම පෙම්වතිය හින්දම නමෛයි මට ගැළපෙනම කෙනා හින්දා.

මොනවද ඒ ගැළපීම්

හිරුනිකා නිකන් ඉන්න ….




හිරුනිකා ප්‍රේමචන්ද්‍ර දේශපාලනයට  ආ බව මාද්‍ය වලින් අපට දැනගන්නට ලැබුණි.එයට රාජපක්ෂ ජුන්ටාවට කඩේ යන වෙබ් අඩවි පවා සැහෙන උනන්දු වී තිබු ආකාරය අපට දැකගන්නට හැකිවිය.
සතය නම් හිරුනිකා ගේ දේශපලන ආගමනය හුදෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ආණ්ඩුවේ) උපදේශය(උවමනාව) ක්‍රියාවට නැගීමයි යමෙක් කිවහොත් ඔබත් එකග වනු ඇත . මක් නිසාද යත් ඊළග චන්දෙදි භාරතට හිතවත් ශ්‍රී ලංකා කාරයෝ සන්ධානෙට චන්දෙ දෙන්න මැලිවෙනවා කියන කරණය දැන් පැහැදිලිය . මක්නිසාද යත් භාරත ඝාතනය සම්බන්ධයෙන් සාධාරණය ඉටුනොවීම, අනික දුමින්ද සුව වුනොත් දුමින්ද චන්දේ ඉල්ලන්නෙත් සන්ධාන ලැයිස්තුවෙන් නිසා . යම්කිසි හෙයකින් දුමින්ද ට සුව නොවුනොත් එයාගේ අය්යා හරි වෙන ඥාතියෙක් චන්දේ ඉල්ලන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන්. එවැනි තත්වයකදී හිරැණිකා ට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලැයිස්තුවෙන් ඉල්ලන්න හැකියාවක්  නැත . 

අවනීතියට එරෙහි විරෝධතා රටපුරා


රාජපක්ෂවරුන්ගේ චෞර පාලනයට එරෙහිව දීප ව්‍යාප්ත මට්ටමින් සත්‍යග්‍රහ ව්‍යාපාරක් ආරම්භකිරීමටත්, ඒ හරහා ජනමතයක් ගොඩනගමින් පුළුල් උද්ඝෝෂණ මාලාවක් ආරම්භකිරීමටත් එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
ජනරල් සිරගතකොට වසර දෙකක් සැපරීම නිමිත්තෙන්, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ අවනීතියට එරෙහි ජාතික ව්‍යාපාරය විසින් අද පෙරවරුවේ සංවිධානය කර තිබූ සත්‍යග්‍රහයට එක්වෙමින් අත්තනායක මහතා එසේ පැවසීය.

ඉකුත් අවුරුදු හත පුරා දූෂණය හා වංචාව නිසා රටට සිදුවූ පාඩුව රු. බිලියන 1562



ඉකුත් අවුරුදු හත පුරා දූෂණය හා වංචාව නිසා රටට සිදුවූ පාඩුව රු. බිලියන 1562 ක්‌ හැටියට විපක්‌ෂය ගණන් බලා ඇත. තෙල්, සංස්‌ථාවේ “හෙජිං” ගිවිසුම, වැට්‌ මගඩිය, මිහින්එයාර්, කෙරවලපිටිය විදුලි බලාගාරය ඇතුළු වංචනික ගනුදෙනු 14 ක්‌ නිසා මේ පාඩුව සිදුවී ඇතැයි කියෑවේ.
කෙරවලපිටිය විදුලි බලාගාරය
කෙරවලපිටිය විදුලි බලාගාරයේ සැබෑ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 200 ක්‌ව තිබියදී එහි වියදම ඩොලර් මිලියන 400 කට වංචනිකව ඇස්‌තමේන්තු කළ බව ඔබ දන්නවාද?
බලාගාරයේ ධාරිතාව මෙගවොට්‌ 300 සිට 200 ට වංචනිකව අඩු කර තිබෙන බව දන්නවාද?
කෙරවලපිටිය බලාගාරයේ උත්පාදනය වන විදුලි ඒකකයක්‌ සඳහා එකඟ වූ මුදල රු. 18 ක්‌ වූවත්, දැන් ඒ බලාගාරයෙන් විදුලිය රු. 40 ක්‌ වන බව බව ඔබ දන්නවාද?

ජනරාල්ට කොන්දේසි සහිත සමාවක්!


රාජපක්ෂවරුන් විසින් ඊයේට (08) වසර දෙකකට පෙරදී බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන සිරගතකරනු ලැබූ, පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතාට කොන්දේසි කිහිපයක් යටතේ නිදහස ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු අප වෙත පැවසීය.

මහජන පක්ෂයට එක්වන ලෙස චන්ද්‍රිකාට ඇරයුමක්


ශ්‍රී ලංකා මහජන පක්ෂයට එක්වන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ආරාධනයක් ලැබී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තාවේ.

'ලංකා ලීක්ස්' නමින් නව වෙබ් අඩවියක්


ජීවිත ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවෙන් පැන ගොස් සිටින ශ්‍රී ලාංකීය මාධ්‍ය කිහිපදෙනකු විසින් 'ලංකා ලීක්ස්'(http://www.lankaleaks.com) නමින් නව වෙබ් අඩිවියක් ආරම්භ කර තිබේ. එම වෙබ් අඩවිය එම වෙබ් අඩවිය අද එළිදක්වා ඇති අතර එහි කාර්ය මණ්ඩලයට වෙබ් අඩවිය ඩොට් කොම් උණුසුම් සුභාසිංශන පිරි නමමු.


ආණ්ඩුවට එරෙහි ප්‍රබල මතයක් ගෙන යන ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය උසාවි නියෝගයක් මත ශ්‍රී ලංකාව තුළ තහනම් කර ඇති අතර, 'ලංකා නිවුස් වෙබ්', 'ලංකා ගාඩියන්', 'ශ්‍රී ලංකාවේ නිවුස්', 'පැපරාසි නිවුස්' හා 'රාවය නිවුස්' යන වෙබ් අඩවි ශ්‍රී ලංකාව තුළ මුළුමනින්ම අවහිර කර තිබේ.

දුමින්ද වෙනුවෙන් නීතිපති දිගටම වැඩ


ජනාධිපති උපදේශක භාරත ලක්ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතන සිද්ධියේ අවසන් වාර්තාව ශ‍්‍රී ලංකා රහස් පොලීසිය විසින් මේ වනවිට ජනාධිපති යටතේ ක‍්‍රියාත්මකවන නීතිපති දෙපාර්තමේන්තුවට භාරදී ඇති අතර ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජයන්ත ජයසූරිය මහතා කටයුතු කරනු ලැබේ.
රහස් පොලීසිය විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට යොමුකළ අවසන් වාර්තාව අනුව කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාට එරෙහිව දන්ඩ නීති සංග‍්‍රහයේ වගන්ති 15ක් යටතේ චෝදනා ගොනුකිරිමට හැකියාව ඇති බව පෙන්වා දී තිබේ.

අද්මිරාල් චෙංහෝට මුවාවී චීනය ලංකා මුහුදුපත්ලට බැල්ම හෙළයි


කි‍්‍රස්තු වර්ෂ 1405 දී ශ‍්‍රී ලංකාවට පැමිණි චීන ජාතික නාවිකයෙකුවන අද්මිරාල් චෙංහෝගේ සාගර පියසටහන් පිලිබදව පුරාවිද්‍යාත්මක ගවේෂනයක් කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ මන්නාරමේ සිට හම්බන්තොට දක්වා මුහුදු තීරය තුළ තමන්ට අවසරය ලබාදෙන්නැයි චීන රජය ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කොට තිබේ.
15 වන සියවසේදී චීන නාවික හමුදාව මැදපෙරදිග සහ අග්නිදිග ආසියාවේ සංචාරය කරමින් ලංකාවට පැමිණ ඇති බවත්, ඔවුන් ලංකාව වටේටම සංචාරය කර ඇති බවත්, තම ඉතිහාසයේ කියවෙතැයි පවසන චීනය, ලංකාව අවට මුහුදේ සමූද්‍ර පුරාවිද්‍යා පර්යේෂණයකට අවසර ඉල්ලා ඇති අතර, මේ පිළිබදව සැකසිතා ඇති ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ සඳහා තවම අවසර ප‍්‍රධානය කොට නැත.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට නිදහස දිනාදීම වෙනුවෙන් එක්වන්ව පෙළ ගැසෙමු


නිති විරෝධී හා අසත්‍ය චෝදනා මත දැනට බන්ධනාගාර ගත කොට සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැහැරගෙන ගොස් දෙවරසක් ගතිවීම නිමිත්තෙන් ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජනතා ව්‍යාපාරය’’ විසින් කොළඹ අලූත්කඬේ උසාවි සංකීර්ණය අසළ පැවැත්වීමට නියමිත සාමකාමී උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමේ අරමුණින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස ආණ්ඩුව ගෙන යන අසත්‍ය ප‍්‍රචාරවලට නොරැවටී, ජෙනරාල්වරයා වෙනුවෙන් ජාති ආගම්, කුල මල හා පක්ෂ පාට භේද ඉවතලා සහභාගී වී තම කැපවීම පෙන්වන මෙන් තම ව්‍යාපාරයේ සාමාජික සාමාජිකවන් ඇතුළු කෘතගුණ දත් සියලූ ශ‍්‍රි ලාංකේය පොදු මහ ජනතාව වෙත ආරාධනා කර සිටිබව විශේෂ නිවේදනයක් නිකුත්කරමින් ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජනතා ව්‍යාපාරය’’ කියා සිටී.

පැරීසියේ 64 වෙනි නිදහස් උළෙල


ශ්‍රී ලංකාවට නිදහස ලැබී 2012 පෙබරවාරී 04 වෙනිදාාට වසර 64කි. ඒ වෙනුවෙන් ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දි නිදහස් සැමරුම් උත්සවයක් පැවැත්වුනි. ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්්‍ය දයාන් ජයතිලක හා එම මැතිනියගේ ප‍්‍රධානත්වයෙන් හා සියලූම ආගම්හී පූජ්‍ය පක්ෂයේත්, පැරීසියේ ක‍්‍රියාශීලී, සමාජශීලී සංගම්හී නිලධාරීන් ශ්‍රී ලාංකික සිංහල, දෙමළ, මුස්ලිම් ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් අලංකාර සරුව පිත්තල නොවූ අභිමානවත් නිදහස් උත්සවයක්
පැවැත්වුනි.

ගයාන් පෙරේරාගේ "ටිකෙන් ටික" ගීතයට බෞද්ධ සංවිධාන වල විරෝධය



ජනප්‍රිය ගායක සුනිල් පෙරේරාගේ පුතු වන ඩැඩි සංගීත කණ්ඩායමේ ගයාන් පෙරේරා ගායනා කරන "ටිකෙන් ටික" නම් ගීතයට බෞද්ධ සංවිධාන වල දැඩි විරෝධය එල්ලවී තිබේ.

එයට හේතු වී ඇත්තේ එම ගීතය අතරමැද "භවතු සබ්බ මංගලම්" ආශිර්වාද ගාථාව මධු සමය ගත කිරීමට යන යුවලක් ගැන කියවෙන ගීතයේ පසුබිමට යෙදීමයි.

ඒ අනුව මෙම ගීතය ඉදිරියේදී ලංකාව තුල තහනම් කිරීමට අවශ්‍යය ක්‍රියාමාර්ග ගැනීමට සුදානමින් සිටින බව අප වෙත වාර්තා වේ. 

Share this article with your friends