Chitika Smowtion 468x60


Sunday, September 30, 2012

සුදර්මන් අරලියගහ මන්දිරයේ

මාධ්‍ය ආයතන වල ප්‍රධානීන් හීලෑ කරගැනීම උදෙසා මසකට වරක් අරලියගහ මන්දිරයේ පැවැත්වෙන මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවට සුදර්මන් රදලියගොඩ ද පසුගියදා සහභාගීවී සිටියා. 

සුදර්මන් යනු අධිකරණ වරෙන්තු ඇති පොලීසිය සොයනා පුද්ගලයෙකි.

මෙවන් පුද්ගලයෙක් අරලියගහ මන්දිරයේ ජනාධිපත්වරයා සමඟ සාකච්ජා පැවැත්වීම ලංකාවේ නීතිය බල්ලට ගොස් ඇති බවට හොඳම උදාහරණයකි.

චන්ද්‍රයා මෙන් 15 ගුණයක එළියක් සහිත වල්ගාතරුවක් ලබන වසරේ දර්ශනය වේ

පූර්ණ චන්ද්‍රයා මෙන් 15 ගුණයක එළියක් සහිත වල්ගාතරුවක් ලබන වසරේ පෘතුවියට දර්ශණය වීමට නියමිතය.

C/2012 S1 ලෙස නම් කර ඇති මෙම වල්ගාතරුව රුසියානු විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගන තිබෙන්නේ පසුගිය සඳුදාය.

අඟල් 15.7ක දූරේක්ෂයක් මඟින් සොයාගනු ලැබූ එය දිවාකාලයේ පවා දර්ශනය වන අතර උදේ කාලයේ හා සන්ධ්‍යා කාලයේ පෘතුවි වාසීන්ට පියවි ඇසින් හොඳින් නැරඹිය හැකිය. රාත්‍රී කාලයේ එය හොඳින්ම දර්ශනය වන්නේ උත්තර අර්ධගෝලයටය.



ලබන ආත්මෙදී ඇමති පුතෙක් නොවේවා යනු මගේ පැතුමයි - මාලක සිල්වා


අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඇතුළු පස් හය දෙනෙක් විසින් කළ යුද හමුදාවේ බුද්ධි අංශයේ මේජර්වරයකුට දරුණු ලෙස පහර දීමෙන් පසුව මාලක සිල්වා අත්අඩංගුවට ගැනුන අතර පසුව ගුටි කෑ මේජර්වරයා විසින්ම තමාට මාලක පහරදුන්නේ නැති බැව් දිව්රුම් පෙත්සමක් මගින් ප්‍රකාශ කල හේතුවෙන් නඩුව සමථයකට පත්වූවා.

මේ මාලක සිල්වා එම නඩුවෙන් පසුව පළමු වරට පවත්වන ලද මාධ්‍යය සාකච්චාවයි.

කොහොමද මාලක ?
හොදින් ඉන්නවා හිටපු විදියටම. ප්‍රශ්නයක් නැහැ. 


ඔබ කුමක් හෝ වෘත්තියක දීලා ඉන්නවද..? 
ඔව්,මම මගේ තාත්තා, ඇමති මර්වින් සිවා මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරනවා. ඊට අමතරව මගේ ව්‍යාපාරවල යෙදිලා ඉන්නවා.වාහන බිස්නස් වගේ දේවල්. 


ඔබ ඉගෙනුම ලැබුවේ කොහේද?
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනගත්තා. ඉන්පසු ඇමෙරිකාවේදී "ග්‍රැෆික් ඩිසයින්" පිලිබඳ උපාධිය සමත් වුනා.


ඔබ චන්ඩියෙක් නේද?මොකද මේ හැම වෙලේම ලෙඩ දාගන්නේ?

හම්බන්තොටට ගොඩබෑ දේශපාලඥයින්ගේ අධි සුඛෝපභෝගි වාහන නැව

පසුගියදා හම්බන්තොට වරායට ගොඩ බැස්වු වාහන 525 ක් අතුරින් වාහන 312 ක් අධි සුඛෝපභෝගි වාහන බව වාර්තා වේ.

මේ අතර Montero Sport, KIA/Hyundai SUV, BMW X 1, X 3, 520D හා Audi A 4, A6. යන වාහන ඇතුලත් වන අතර එම වාහන ගෙන්වා ඇත්තේ දේශපාලකයන් හට ලබා දී ඇති වාහන බලපත්‍ර වලිනි.

6%ක් අධ්‍යාපනයට ඉල්ලන සරසවි ඇදුරන්ගේ පාගමන


එස්.බී දිසානායක හා බන්ධුල ගුණවර්ධන යන ජාතියේ අවාසනාවට ජාතකවූ ඇමතිවරුන් දෙදෙනා විසින් හිතුවක්කාරකමට ගෙනයන ප්‍රතිපත්ති නිසා මේ වනවිට ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය වලපල්ලට ගමන් කරමින් තිබෙනවා.

මෙවන් පසුබිමක නිදහස් අධ්‍යාපනය රැකගැනීම සඳහා සරසවි ඇදුරන් හා සරසවි ශිෂ්‍යයන් විසින් සංවිධානය කර තිබූ පාගමන් දෙක අද 4 වන දිනයේ කොළඹට ලඟාවීමට නියමිතයි.

සරසවි ඇදුරන් විසින් ගාල්ලේ සිට කොළඹ බලා පාගමනින් 
පැමිණි අතර විශ්ව විද්‍යාල සිසුන් කොළඹට පැමිණියේ පේරාදෙනියේ සිටයි.

එසේ පැමිනෙන අතරේ මුද්‍රණාලයක සිට පෝස්ටර් රැගෙන මෝටර් සයිකලයකින් පැමිණි විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් දෙදෙනෙකු  හදිසි අනතුරකින් මියගියා.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ මෙම අනතුර කිසියම් පිරිසක් විසින් ලුහු බඳිමින් කළ දෙයක් බවයි.

එම සිදුන් දෙදෙනා අනතුරට මුහුණපෑ ස්ථානයේ ඇති වෙනත් වාහනයක ටයර් පාරවල් නිසා එවැනි සැකයක් ඇතිවී තිබෙනවා.

මාධ්‍යයට වසන් වූ එඩ්නාගේ කෙරුවාව

මීට පෙර අප විසින් ලිපියක් මගින් හෙළි කලේ පාරිභෝගික අධිකාරයේ පරිගණක අංශයේ ප්‍රධානියා විසින් මිලදී ගනු ලබු එඩ්නා චොක්ලට් එකක තිබී බ්ලේඩ් තල කැබැල්ලක් ගිලීමෙන් සිදුවූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳවයි.

එම ලිපිය පළකිරීමත් සමග බොහෝ පාඨකයන් දන්වා සිටියේ එඩ්නා සමාගමේ නිෂ්පාදන තුලින් ඔවුන්ට මෙයට පෙරද මෙවන් අත්දැකීම් ලැබී තිබු බවයි. 

චන්නයි ගයත්‍රියි වෙන් වෙලා කියන ආරංචිය ඇත්තක්ද?

-චන්න සමග කතාබහක්

එදා මෙදා තුර පුංචි තිරය බිහි කළ නළු නිළි පරම්පරාව තුළ රැඳුණු ජනප්‍රිය නළුවන්ගේ ලැයිස්තුවේ ඔහුට හිමිවන්නේ සුවිශේෂ තැනක්. පුංචි තිරය සේම රිදී තිරය තුළත් තම රංගනය විදහා පෑ ඔහු නළුකමින් අධ්‍යක්ෂණයට පිවිසිලා එයිනුත් සාර්ථකත්වයට පත් වුණා. 

ඔහු අප කවුරුත් හොඳින් හඳුනන චන්න පෙරේරායි. කාලෙකට ඉස්සර ආලින්දයේ නිතර හමු වූ චන්න දැන් හමුවන්නේ ඉඳහිට. මේ අතර තුර ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැනත් විවිධ කතා පහුගිය කා‍ලේ ක්‍ෂේත්‍රය තුළ අසන්නට ලැබුණා. මේ සියලුම කරුණු ගැන දැනගන්න අපි පහුගිය දිනයක චන්න පෙරේරාව හමුවුණා.



චන්න දැන් නිහඬ වෙලා වගෙ පෙනෙන්නෙ ඇයි...?

සරසවි ඇදුරන්ට එරෙහිව නඩුවක්




විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉදිරිපත් කළ ඉල්ලීම් ලබා නොදී සිටීමට රජය තීරණය කර ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කරයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ලබාදෙනවා වෙනුවට ඔවුන් සමග එකඟතාවක් ඇතිකරගෙන වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවීමට හෝ වර්ජනයේ යෙදී සිටින ආචාර්යවරුන් නැවත සේවයට එක් කරගැනීමට හෝ ආණ්ඩුව සූදානමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ඉල්ලීමක් වන වැටුප් වැඩිකිරීමේ ඉල්ලීම අය වැයක් ඉදිරිපත් කිරීමට නියමිත මේ අවස්ථාවේ කිසිදු ලෙසකින් ලබාදීමට නොහැකි බවද උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි. දිසානායක පැවසුවේය.

පිංපඩියෙන් කුසගිනි නිවා මධුභාෂිනී ශිෂ්‍යත්වය සමත් වුණා

  • අඳ මවුපිය දෙදෙනට පාර කියන්නට සිටින්නේද මේ දිරිය දියණියයි


මෙවර පැවැති පහ වසර ශිෂ්‍යත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු සංඛ්‍යාව වන 185ක් ලබාගත් දැරිය කුසගිනි නිවා ගන්නේ ආණ්ඩුවෙන් ලබා දෙන පිං පඩියෙනි. එය මාසයකට රුපියල් දහසකි. ඉතා අනුවේදනීය කතාන්තරයක් මේ දිරිය දැරිය සතුව තිබේ. අප ඒ කතාව සොයා ගන්නට අද (28) උදේ ඇය ඉගෙනුම ලබන පාසලටත්, ඇගේ නිවසටත් ගියෙමු. ඩබ්.එම්.රසානි දිලනිකා මධුභාෂිනීගේ වයස අවුරුදු 11කි. ඇයත්, ඇගේ මව සහ පියාත්, එකම අක්කණ්ඩියත් ජීවත් වන්නේකෑගල්ල,හිරුවානවත්ත,නියදුරුපොළ පිහිටි පැත්තක් කඩා වැටුණ ඉතා අබලන් ගේ කෑල්ලක ය. මෙහි ඉතා දුක්මුසු දර්ශනය වූයේ පුංචි රසානි දිලනිකාගේ සහ ඇගේ අක්කණ්ඩිය වන සචිනි සඳුනිකා ලක්මාලි දැරියන්ගේ දෙමව්පියන් දෙදෙනාම අන්ධ බවින් යුක්ත වීමයි. පියා වූ ඩබ්.එම්.හේරත් බණ්ඩා මහතා උපතින්ම රැගෙන ආවේ අන්ධ දෑසකි.

නයා නැතුව නින්ද නොයන කොල්ලුපිටියේ නයි නළගන


මෙයට පෙර ලිපියක් මගින් ක්ලියෝ පැට්රා සමාජ ශාලාවේ නයෙකු සමග සිටි තරුණියක් පිලිබඳ අපුරු කතා පුවතක් අප හෙළි කර සිටියා.

එම නයා ලැබුනේ නාථ දේවාලය අසලදී බවත් නයාට පණ මෙන් ආදරය කරන බවත් එම ලිපිය මගින් හෙළිදරව් වුවා.

ආර්.එම් නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි ගේ නඩුව මේ දිනවල කොළොඹ කොටුව අධිකරණයේ විභාග වන අතර එහිදී ඩිලානි වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතීඥ රියෙන්සි අර්ස කුලරත්න මහතා ඇතුළු නීතිඥ පිරිසකි.

Friday, September 28, 2012

යුරේනි නොෂිකා සිය වෙබ් අඩවිය එලි දැක්වූ දා

ලංකාවේ ජනප්‍රිය නිළියක් හා මොස්තර නිරුපිකාවක් වන යුරේනි නොෂිකා විසින් පසුගිය 23 වනදා ඇ‍යගේ නිල වෙබ් අඩවිය www.yureninoshika.co නමින් කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදි අන්තර්ජාලයට එක් කරන ලදි.

එම අවස්ථාවේ ජායාරුප එකතුවක් පහතින් බලන්න.


Sujith Prashan Photography


Thursday, September 27, 2012

පොළවෙන් අහසට ඇදුනු ගින්දර ටොනේඩෝව



පසුගියදා ඕස්ට්‍රේලියාවේ අමුතුම ආකාරයේ ටොනේඩෝවක් දක්නට ලැබී තිබෙනවා. ඒ අඩි 100ක් පමණ උසට ගිණි දැල් අහසට ඇදී යන අයුරුයි.

විනාඩි 40ක් පමණ දර්ශනය වූ මෙම ගිණි ටොනේඩෝව වීඩියෝ කර තිබෙන්නේ එම ප්‍රදේශයට ගොස් තිබූ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු විසිනි.

ඔහු එම ප්‍රදේශයට ගොස් තිබෙන්නේ ඔහුගේ නවතම චිත්‍රපටයට සුදුසු දර්ශන පසු තල සෙවීම පිණිසය.

ඔවුන් සිටි ස්ථානයට මීටර් 300ක් පමණ දුරින් මීටර් 30ක් පමණ උසට ජෙට් යානයක් ගමන් කරන විට නඟන හඬට සමාන හඬක් නඟමින් මෙම ගින්දර ටොනේඩෝව ක්ෂණිකව ඇතිවී තිබෙනවා.

මාධ්‍යයට වසන් වූ බ්ලේඩ් චොක්ලට් නිෂ්පාදක සමාගම

චොක්ලට් වර්ගයක බ්ලේඩ් තලයක් තිබී එය අනුභව කළ පුද්ගලයකුගේ සිරුර තුළට යෑමෙන් බරපතළ කැපීම් සහිත තුවාල ඇතිවී ම නිසා රෝහල්ගත කැර තිබේ.

මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපා තිබුනේ පාරිභෝගික අධිකාරියේ ප්‍රධාන පරිගණක නිලධාරියාය.

ඔහු පසුගිය 20 වනදා රාත්‍රියේ මිනුවන්ගොඩ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සලකින් චොක්ලට් එක මිලදී ගෙන තිබේ.

නිවසේ දී දරුවන්ට ද බෙදා ඔහුද ඉන් කොටසක් අනුභව කැර ඇත. එහි තිබූ බ්ලේඩ් තලය කැඩී ඉන් කොටසක් ගිලුන අතර ඉතිරි කොටස දත්වල රැඳී තිබේ. අනතුරුව ඔහු දැඩි වේදනාවට පත් කරමින් බ්ලේඩ් තලයේ කොටස් සිරුර පුරා ගමන් කර තිබේ.

රාවනා ඇල්ල රක්ෂිතයෙන් ඉපැරණි උමගක් හමුවෙයි


බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කරදගොල්ල උඩකිරින්ද ග්‍රාමයේ ගල්පර්වතයක් යට මෙතෙක් හමුනොවූ අපුරු උමගක් හමුවී තිබේ. දර කඩා ගැනීමට ගිය ප්‍රදේශවාසීන් විසින් මෙය සොයාගෙන ඇත. 

මෙම උමගට කුඩා කටක් සහිත බාධකයකින් හෙබි උමං දොරෙන් ඇතුළුවීමට සිදුවෙයි. ටික දුරක් ගියපසු අඩි 15 ක් උස උමං මගක් හමුවෙයි. තවත් දුර ගියපසු බඩගාගෙන යායුතු ස්ථානයක් හමුවන අතර, දැඩි අඳුරක් පවතින මෙම උමං මගේ ගමන් කරන විට වවුලන්ගෙන් දැඩි බාධා එල්ලවෙයි. 

සමහර තැන් අඩි 15ක් පමණ උස කාමර ලෙසින් නිර්මාණය වී ඇති එම උමං මාර්ගයේ ටික දුරක් ගියපසු උමග තුලට නොපෙනෙන කවුළුවකින් සීතල දැනෙයි. 

අඟහරුලොවේ විකිරණ වලට බයේ ෆෝන් එක ඕෆ් කරන්න එපා


මේ දිනවල ලංකාවේ බොහෝ දෙනා අතර කෙටි පණිවුඩ ඔස්සේ භයානක අනතුරක් ගැන ඉඟි කරමින් පවතී.

එහි කියවෙන්නේ අඟහරු ලොවේ අහිතකර විකිරණ අද දිනයේ මධ්‍යම රාත්‍රියේ පෘතුවියේ වායුගෝලයට ඇතුළුවන හෙයින් ඔබේ ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කර තබන ලෙසයි.

මෙහි මුලාශ්‍රය ලෙස දක්වා ඇත්තේ නාසා හා බි.බි.සි පුවත් සේවයයි. මෙය 2008 සිට ලෝකය පුරා කරක් ගැසූ අංක එකේ බොරුවකි.

බැංකු ණය ගෙවන්න සැමියා දුන් මුදල් බිරිය යටි මඩි ගසා ඉඩමත් අහිමි වෙයි


බැංකු ණය ගෙවීමට සැමියා මාසිකව දුන් මුදල් පස් වසරක් තිස්සේ යටිමඩි ගැසූ බිරියක නිසා දේපළ ඉඩකඩම් වෙන්දේසියේ විකිණීමට යාමේ පුවතක් මීරිගම ප‍්‍රදේශයෙන් වාර්තා වේ.
සැමියා හමුදාවේය. පුලස්තිපුර පැත්තේ තරුණියක සමග ඔහු විවාහ වූයේ කලකට පෙරය. පියාගේ නිවසේ දෙදෙනා පදිංචි වූවත් දරුවා ලද පසු වෙනම නිවසක් අවශ්‍ය බව බිරිය නිතර සැමියාට කීවාය.
සැමියා ණය මුදලක් ලබා ගන්නට සමුපකාරයේ පිහිට පැතීය. ඉඩමේ අයිතිය තමන්ට නැති කමින් ණය ගැනීමේ අදහස පසුවට කල් තැබූවත් පියා ඉඩම පරවා දුන්නේය.
අනතුරුව ඉඩම ඇපයට තබා ගත් ණය මුදලින් නව නිවස හැදීම ඇරැඹිණි. නිවස ටිකෙන් ටික ඉදිවෙද්දී සැමියා මාසිකව බිරිය අත මුදල් තැබූයේ ණය වාරිකය ගෙවන්නටය.

බණ්ඩාරවෙලට හා දියතලාවට වැටුණු අයිස් වැස්ස

දියතලාව, බණ්ඩාරවෙල හා කහගොල්ල ප‍්‍රදේශවලට පසුගියදා අයිස් වැස්සක් ඇද හැලී තිබෙනවා

විශාල සුළඟක් සමග මෙම අයිස් වැස්සත් ඇද හැලී ඇති අතර අඟල් භාගයක් පමණ වූ අයිස් කැට එ අසමඟ වැටී තිබෙනවා.

මුළින්ම පැය භාගයක් පමණ අයිස් වැස්ස දියතලාවට වැටී ඇති අතර තිබෙන අතර අනතුරුව අයිස් වැටීම ආරම්භ වී තිබෙන්නේ බණ්ඩාරවෙල නගරයටයි.



Wednesday, September 26, 2012

අඟහරු මතුපිට සිට ඇසුණු ගී හඬ




ඇමෙරිකාවේ නාසා ආයතනය මගින් අඟහරු ග්‍රහයා මතුපිට ගවේෂණය කිරීම සඳහා 2011 නොවැම්බර් 26 වැනි දින යවන ලද කියුරියෝසිටි නම් යානය බෙහෝ දෙනකු බලා‍පොරොත්තු වූ පරිදි අඟහරු ග්‍රහයා මතුපිට සාර්ථක ලෙස ගොඩබැසීමට සමත්විය.

ඒ පසුගිය අගෝස්තු මස ආරම්භයේදීය. අනතුරුව ලොව සියලු දෙනාගේ අවධානය යොමුවූයේ කියුරියෝසිටි ඊළඟට කුමක් කරනු ඇත්දැයි කියාය. ඒ අනුව කියුරියෝසිටි නම් මෙම රොබෝමය යානාව මගින් අඟහරු ග්‍රහයා මතුපිට ඇති පස් සාම්පල් පරීක්ෂා කෙරෙනු ඇතැයිද සඳහන් වේ. නමුත් වඩාත් සිත් ගන්නා සුළු කාර්යය එය නොවේ. කියුරියෝසිටි යානයේ තාක්ෂණයේ සහය ඇතිව කිසිදු ජීවියෙකුගෙන් තොර මෙම ග්‍රහලෝකයේ සිට ගීත ගායනයක් පෘථිවියට ඇසීමට සැලස්වීම නාසා ආයතනයේ තවත් එක් අභිප්‍රායක්වී තිබුණි.
එසේ කිසිදු ජීවියෙකුගෙන් තොර රතු ග්‍රහයා මත සිට ගී ගැයීමට යන්නේ කවරෙකුදැයි ඔබ සිතනු ඇත.

උඹ බර්ටිට නේද උදව් කළේ කියමින් විහාරාධිපතිට බිම දමාගෙන පහර දෙයි




හොරොව්පතාන , ඉහළදිවුල්වැව ශ්‍රී ජිනරතනාරාමයේ විහාරාධිපති ඉහළ දිවුල්වැවේ විමලවංශ හිමියන්ට ඊයේ (24) රාත්‍රි 9.30 ට පමණ එම විහාරස්ථාන බිමේ දී මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ. විමලවංශ හිමියෝ ඉහළ දිවුල්වැව විදුහලේ ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරන අතර හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙක් ද වෙති. ඊයේ (24) සවස 5.30ත් 6ත් අතර මෙම විහාරස්ථානයට කිසියම් පිරිසක් පැමිණ රතිඤ්ඤා පත්තු කරන්නට පටන් ගෙන ඇත. එම පිරිස අතරේ කපුගොල්ලෑවේ සිදු වූ මිනිමැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණයේ අධිචෝදනා ලැබ සිටින ප්‍රදීප් සඳරුවන් නැමැත්තා ද සිටින බව හිමියෝ හදුනා ගෙන ඇත. මොහු සිවිල් ආරක්ෂක බලකායේ හිටපු සෙබළෙකි. මිනිමැරුම් සිද්ධියත් සමග ඔහුගේ සේවය අත්හිටුවා තිබේ. 

තේ කෝප්පයට බසින බ්‍රිතාන්‍යයේ කුඩාම සුනඛ ‍පෝතකයා ‘මිනී’




තදින් වසා ගත් දෙනෙතින් යුතුව තේ කෝප්පයක් තුළ සුව නින්දේ පසුවන ‘මිනී’ සුනඛ ‍පෝතකයකු බව බැලූ බැල්මට කිසිවෙකුට කිව නොහැක. මිනිස් නිය‍පොත්තකටත් වඩා කුඩා වූ අත් හා පා පතුල් සහිත අඟල් හතරක දිගින් යුතු සුනඛ ‍පෝතක ලිලිපුට්ටෙකු වන ‘මිනී’ එතෙක් මතෛක් බ්‍රිතාන්‍යය ඉතිහාසයෙන් වාර්තා වුණු කුඩාම සුනඛ ‍පෝතකයා ලෙස විරුදාවලි ලැබිමට තරම් වාසනාවන්ත වී තිබේ. යෝර්ක්ෂයර් ටෙරියර් හා චිහුආහුආ දෙවර්ගයේ දෙමුහුම් වර්ගයකට අයත් මිනී මීට සති දෙකකට එපිටදී මෙලොව එළිය දුටු අවස්ථාවේදී ඇය කෙතරම් දුර්වල තත්ත්වයක පසු වීද යත් ඇය ජීවත්වනු ඇතැයි කිසිවෙකුත් බලා‍පොරොත්තු නොවීය

.

Tuesday, September 25, 2012

රන්ජන් රඟන "රන්ජා"


සුනිල් ටී.ප‍්‍රනාන්දු විසින් නිෂ්පාදනය කරන සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කරන "රන්ජා" නම් නවතම චිත්‍රපටය සඳහා දෙරණ සිනමා සම්මාන උළලේ ජනප්‍රියම නළුවා වූ රන්ජන් රාමනායක තෝරාගෙන තිබේ.

මේ සඳහා රන්ජන් රාමනයාක වෙත කරනු ලබන ගෙවීම ලක්ෂ 25 ක් බව වාර්තා වේ. මෙහි ප‍්‍රධාන නිළියගේ චරිතයට පණ පොවන්නේ පියුමි බොතේජු වන අතර රොබින් ප‍්‍රනාන්දු, රොජර් සෙනවිරත්න, රෙක්ස් කොඩිප්පිලි, දුලීකා මාරපණ , ටෙනිසන් කුරේ, හා ශී‍්‍රමාල් වෙඩිසිංහ ද අනෙකුත් චරිත වලින් දායක වේ.

චිත්‍රපටයේ මුහුරත් උළෙල දා ජයාරූප එකතුවක් පහතින් බලන්න 







ඇමති විමල් ගුගල් ට නැවතත් දොස් තබයි!


ගුගල් සමාගම වෙත දොස් පැවරීමට අමාත්‍ය විමල් විරවංශ තරම් සමතෙකු ලංකාවේ නැත. මින් ඉහතදී අමාත්‍යවරයා විසින් ගුගල් වර්ජනය කරීමට ලාංකික තරුණ තරුණියන්ට ආරාධනා කලේ මෙසේය. 

"අන්තර්ජාලය පාවිච්චි කරන අය ගුගල් සර්ච් එන්ජින් එක පාවිච්චි කරන්න එපා..ජීමේල් එකෙන් ගැලවෙන්න..මගෙත් තියෙන්නේ ජීමේල් එක ඊමේල්..හෙට ඉදන් ඒක වෙනස් කරනවා..ජි මේල් වලින් අයින් වෙමු..ගුගල් වලින් අයින් වෙමු.."

“ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්” (මුස්ලිම්වරුන්ගේ අහිංසකත්වය) නම් සිනමා නිර්මාණයකට එරෙහිව ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් විසින් අරඹා ඇති විරෝධතා ව්‍යාපාරයට හේතුව ගුගල් බව අමාත්‍ය විමල් විරවංශ මහතා ප්‍රකාශකොට ඇති අතර ගුගල් සෙවුම් යන්ත්‍රය උපයෝගී කරගනිමින් ඇමරිකාවේ බලධාරීන් සාරධර්ම කඩකරමින් සිටින බවද මාධ්‍යය හමුවකදී ප්‍රකාශකොට ඇත.


වැල්ලවත්තේ වැටලූ ගණිකා නිවාසය මර්වින්ගේ ලේකම්ගේ

පසුගිය සිකුරාදා පස්වරුවේ අංක 577, ගාලුපාර ස්ථානයේ දෙමහල් නිවසක පවත්වාගන ගිය සුපිරි ගණිකා මධ්‍යස්ථානය වලාන දූෂණ මර්දන ඒකකය විසින් වටලනු ලැබු අතර පසුව අනාවරනය වුනේ එහි හිමිකරු වන්නේ අමාත්‍ය මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම් බවයි.

එම ඒකකයට ලද තොරතුරක් මත අලුත්කඩේ උසාවියේ සෝදිසි වරෙන්තුවක් මත මෙම ස්ථානය උපායදූතයන් දෙදෙනෙකු යොදවා සෝදිසි කර තිබුණි.

දමිතා දෙසැම්බර් මස යුග දිවියට


ජනප්‍රිය නිලියක් මෙන්ම ගායිකාවක් වන දමිතා අබේරත්න එළෙඹෙන දෙසැම්බර් මස යුග දිවියට එළඹීමට සුදානම් වන බව වාර්තා වනවා.

දමිතා අබේරත්න මෑතකදී වඩාත් කතාබහට ලක්වුයේ රුවන්වැල්ලේ සෝභිත සම්බන්ධයෙන් ගොඩනැගුනු කතිකාවට ඇගේ නමද ගෑවී තිබු හෙයින්.

එහෙයින් ඇය තමාගේ නිර්දෝෂී භාවය ප්‍රකාශකරමින් පුවත්පත්වලට ලිපි සපයන අතරේ ඒ පිලිබඳ පලකල වෙබ් අඩවි වලට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ කලාය.

පිරිත් සජ්ජායනා කරමින් පැවැත්වූ විරෝධතාව


උද්ඝෝෂණයක යෙදෙන අතරතුරේ ආවේගශීලී දියව්! කරව්! යන වදන් සුපුරුදු වුවද පිරිත් සජ්ජායනා කරමින් සිදුකළ විරෝධතාවක් පෙරේදා පැවැත්වුණා.

අම්පාර ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා 50 නමක් පමණ සහභාගීවූ මෙම විරෝධතාවය පැවැත්වුනේ අක්‌කරේපත්තුව - පානම මාර්ගයේ 10 වැනි කණුව අසල පිහිටි මොට්‌ටාගල ප්‍රදේශයේ.

බර්ටිද එස්.එම් ද? දෙදෙනාම උතුරු මැද වැව් අමුණු විනාශ කළෝ වෙති


උතුරු මැද පලාත් සභාවේ මහඇමති දූරය සඳහා බර්ටි ප්‍රේමලාල් දිසානායක හා එස්.එම්.රංජිත් කුලල් කාගන්නා අයුරු පසුගියදා දක්නට ලැබුණා.

එම ගැටුම නිමාවට පත්කරමින් එස්.එම්.රංජිත් අද මහ ඇමති දූරයේ දිවුරුම් දීමට නියමිතය.

මෙයින් නොසතුටට පත් බර්ටි ප්‍රේමලාල් සතුටු කිරීම සඳහා ඔහුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු අසුනක් ලබාදීමට යෝජනා වී තිබෙනවා.

මේ සඳහා කවුරුන් හෝ සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු අතර මාලනී ෆොන්සේකා මහත්මිය සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමට තීරණය කොට තිබෙන බවයි වාර්තා වෙන්නේ.

ඒ වෙනුවට මාලනී ෆොන්සේකාට වෙනත් ඉතා වැදගත් තනතුරක් පිරිනැමීමට නියමිතය.

කෙසේ වුවද බර්ටි ප්‍රේමලාල් උතුරු මැද මහ ඇමති වුවද, එස්.එම් රංජිත් මහ ඇමති වුවද එයින් වැඩි වෙනසක් උතුරු මැදට අපේක්ෂා කළ නොහැකිය.

දෙදෙනාම මැර දේශපාලඥයෝය. දෙදෙනාම වැව් තාවුලු වල හෝටල් හදමින් ස්වභාවික සම්පත් විනාශ කළ අය වෙති.

Sunday, September 23, 2012

ලෝකයම අන්ධකාරයේ ගිලෙන දින තුනක්?


මේ දිනවල ෆේස් බුක් වබේ අඩවිය ඔස්සේ ද, ඊමේල් මාර්ගයෙන් ද පැතිර යන එක්තරා අපූරු ආරංචියක් විශාල ආන්දෝලනයකට තුඩු දී තිබේ. මෙම ආරංචියෙන් කියවෙන්නේ මෙම වසරේ (2012) දෙසැම්බර් මස 22,23 සහ 24 යන දින තුන තුළ මුළු මහත් පෘථිවියම අන්ධකාරයෙන් වැසී යනු ඇති බවයි. දින තුනක් පුරා සූර්යාලෝකය පෘථිවිය මත පතිත නොවනු ඇති බව ඒ මගින් කියවේ. විශ්වයේ ඇතිවන කිසියම් විපර්යාසයක් නිසා මෙබඳු සිද්ධියක් සිදුවනු ඇති බවට අනාවැකි පවසා ඇත්තේ ඇමෙරිකාවේ සුප්‍රකට අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයක් වන නාසා (NASA) ආයතනය බවද මෙම විද්‍යුත් ආරංචිය විසින් පවසනු ලබයි.

Saturday, September 22, 2012

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල දිරිමත් කිරීමට ඉදිරිපත්වුන ගයේෂා !







වැන්දඹුවක් කෙලෙසුවාට රුවන්වැල්ලේ සෝභිත රිමාන්ඩ් !


රුවන්වැල්ලේ සෝභිත නමින් ප්‍රසිද්ධව සිටි අන්කොක්කාවල සුනිල් නමැති වංචනික පුද්ගලයා සිදුකල නොයෙකුත් දුෂණ හෙළි වීමත් සමග සෝභිත වෙද මැදුර ප්‍රදේශවාසින් විසින් වැටලු අතර "අංකොක්කාවල සුනිල්" එම ප්‍රදේශයෙන් පැන ගියේ සිය සියලු වත්කම්ද ඇත හැර දමමිනි.

නමුත් පසුව ඔහු නීතිඥයෙකු මගින් දන්වා සිටියේ චිවරය හැරීමට තමා එකඟ බවයි. ඒ අනුව "රුවන්වැල්ලේ සෝභිත" චිවරය අතහැර "සුනිල් ශාන්ත" ලෙස පෙනී සිටිය අතර ඔහු නැවතත් සිය පුරුදු වංචනික ක්‍රියා සුපුරුදු ස්ථානයේම කළේය.

එයට සුපුරුදු පරිදි මාධ්‍යය අනුග්‍රහය ලබාදීමට ප්‍රමුඛතාවය ගෙන කටයුතු කලේ "ස්වර්ණවාහිනී"  මාධ්‍යය ආයතනයයි.


කොල්ලෝ උනාම හිර ගෙදර යන්න ඕනේ - මර්වින්


උසස් පන්තියේ උදවිය වැරදි කරනවා !
කොල්ලෝ උනාම හිර ගෙදර යන්න ඕනේ !

ඇතැම් පුද්ගලයන් රාත්‍රී සමාජශාලා වලට යාම ගැන මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබුනේ මෙවැන්නක්

"ඉස්සර රජවරුන්ට අන්තඃපුර තිබුණා. අන්තඃපුර වල කාන්තාවන් හත් අටසීය දහස් ගනන් හිටපු අවස්ථාවන් අපි ඉතිහාසයේ අහලා තියනවා.

වර්තමාන සමාජය ගත්තහම තමන්ගේ මානසික වින්දනයට කියලා සමහර අය රාත්‍රී සමාජ ශාලාවලට යනවා.
"

තරුණ පරපුර සිදු කර ඇති සේවාව අගයමින් යෝෂිතටත් සම්මානයක්


සමාජීය, ආර්ථික, දේශපාලනික, සුබසාධන, ශාස්ත්‍රීය, ක්‍රීඩා ඇතුළු ක්‍ෂේත‍්‍ර දහයක් තුළ තරුණ පරපුර සිදු කර ඇති සේවාව අගයමින් ජේසීඅයි ශ්‍රී ලංකා ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරන විශිෂ්ට තරුණ සම්මාන ප්‍රදානෝත්සවය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පෙරේදා පැවැත්වුණා.

32 වැනි වරට සංවිධාන කළ ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙලේදී ලබාදුන් සම්මාන 10න් එකක් යෝෂිත රාජපක්ෂටද හිමිවුණා

යෝෂිත රාජපක්ෂ මහතාට සම්මානය හිමිවුනේ "පුද්ගල නිපුනත්වය" (Personal Accomplishment) සඳහාය. කලාව වෙනුවෙත් සම්මානය හිමිවුනේ ගායිකාවක වන අශාන්ති ද අල්විස්ටයි.

යෝෂිත රාජපක්ෂ, ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අතින් තමන්ට හිමි සම්මානය ලබා ගත්තේ මෙසේය.

විස්සයි විස්සේ ලෝකල් වැඩ


පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය පසුගිය 18 වනදා හම්බන්තොට සුරියවැව ක්‍රීඩාංගනයේ දී ආරම්භ විය.

2007 වසරේ දකුණු අප්‍රිකාවේද , 2009 වසරේ එංගලන්තයේ හා 2010 වසරේ කොදෙව් දූපත් වල පැවැත්වූ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ මෙවර සත්කාරක රට වන්නේ ශ්‍රී ලංකාවයි.

අන්තර්ජාතික ක්‍රීඩා උත්සවයක් වන මෙහි සිදුවූ "ලෝකල්" වැඩ කිහිපයක් පිලිබඳ මේ දිනවල කතාබහට ලක්ව තිබෙනවා. මෙහි වඩාත් කතාබහට ලක්ව ඇත්තේ ලංකාවේ චියර් ලිඩර්ස් ලාය.

Friday, September 21, 2012

"ආචාර්ය" නිසා මර්වින්ට ඩිනර් නැතිවෙයි

සෑම සතියකම බදාදා රාත්‍රියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීම පසුගිය බදාදා දිනයේ තිබුනේ සවස 5 ටයි.

ඒ 58 වැනි පොදු රද මඩුලු සැසිවාරයට සහභාගී වන පාර්ලිමේන්තු නියෝජිතයන්ට ජනාධිපතිවරයා සැලසුම් කර තිබූ භෝජන සංග්‍රහය නිසයි.

එම භෝජන සංග්‍රහයට ජනාධිපතිවරයා අමාත්‍ය මර්වින් සිල්වාටද ආරාධනා කලත් ආරාධනාව නිසා මුහුණ කළු වූ මර්වින් සිල්වා ආරාධනාව ප්‍රතික්ෂෙප කළා.

එයට හේතුව මර්වින්ගෙන් ජනාධිපතිවරයා හේතුව විමසා සිටියා.



2012 වසරේ විදුලිබල මණ්ඩලයේ පාඩුව මිලියන 30,900 යි - චම්පික


ඊයේ පාර්ලිමේන්තුවේදී විදුලි බල ඇමති චම්පික රණවක මහතා විසින් විදුලිබල මණ්ඩලය ලැබූ පාඩුව ගැන සඳහන් කළා.

ඒ අනුව 2011 හා 2012 වර්ෂ වලදී විදුලිබල මණ්ඩලය ලැබූ පාඩුව මෙසේය.

2011 වසරේ පාඩුව මිලියන 19,200
2012 වසරේ පාඩුව මිලියන 30,900

ජල විදුලි නිෂ්පාදනය විශාල ලෙස අඩාලව තිබිම නිසා තාප විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට යැමෙන් ලංකා විදුලිබල මණ්‌ඩලයේ දෛනික සිදුවන පාඩුව රුපියල් මිලියන 130 සිට මිලියන 200 දක්‌වා වැඩි වී තිබෙනවා.

ඓශ්වර්යාගේ දියණියගේ මුහුණ පළමුවරට කැමරාවට හසුකරගනී

ඓශ්වර්යා රායි හා අභිෂේක් බච්චන්ගේ දියණිය වන අරාධ්‍යාට මේ වනවිට මාස 10ක්. නමුත් මේවන විටත් ඔවුන් තම දියණියගේ මුහුණ මාධ්‍යයෙන් සඟවා තිබුනේ.

නමුත් ඊයේ ඇමරිකාවේ චිකාගෝ වෙත යාමට ගුවන්තොටුපලට පැමිණි ඓශ්වර්යා හා අරධ්‍යා කැමරාවට හසුකරගැනීමට මාධ්‍යවේදීන්ට හැකිවුණා.

අභිෂේක් බච්චන් රඟපාන ඩූම්-3 චිත්‍රපටයේ රූගතකිරීම් මේ දිනවල සිදුවන්නේ චිකාහෝ නගරයේ නිසා අභිෂෙක් බැලීමටයි අයිශ්වර්යා චිකාගෝ යාමට ගුවන්තොටුපලට පැමිණ තිබෙන්නේ.

එම ජායාරූප පහතින්.

තවත් විදෙස් කතක් හික්කඩුවේදී දූෂණය කරයි

හික්කඩුව ගෝණපීනුවල ප්‍රදේශයේදී නිවසකට පසුගියදා ඇතුළුවූ පුද්ගලයින් දෙදෙනෙක් එහි සිටි හැට හය හැවිරිදි පින්ලන්ත ජාතික කාන්තාවක් ඇඳ මත බැඳ දමා දූෂණය කර තිබෙනවා.

ඇය හික්‌කඩුව බේරතුඩුව ප්‍රදේශයේ අක්‌කර පහක ඉඩමක්‌ මිලටගෙන නිවසක්‌ තනා පදිංචිව සිට ඇති අතර දූෂණය කිරීමෙන් අනතුරුව ඇය සතු යූරෝ හාරදහසක්, රුපියල් ලක්ෂ දෙකක් ඇතුළුව ඇයගේ ජංගම දුරකථනය හා විදෙස් ගමන් බලපත්‍රයද කොල්ලකා ඔවුන් පලාගොස් තිබෙනවා.

Thursday, September 20, 2012

මාලකට පාතාලයා කිව්වාට මර්වින්ට මල පනී


ඊයේ පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ මංත්‍රීවරයෙකුගේ ප්‍රකාශයක් නිසා මර්වින් සිල්වාට අසූ හාරදාහට තදවී තිබුණා.

එම මංත්‍රීවරයා විසින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් විමසීමක් කළේ "දිවුරුම් පෙත්සමක් මඟින් අපරාධය අහෝසි කරගැනීමට පුළුවන්දැයි" යන්නයි.

අසන ප්‍රශ්නයට 
අවඥාවෙන් සිනාසී ගොබ්බ පිළිතුරක් දී විකටයෙකු මෙන් හැමදාම ලිස්සා යන කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මෙම ප්‍රශ්නයද සුපුරුදු පරිදි අවඥාවෙන් සිනාසී මඟ හැර ගියා.

අනතුරුව මංත්‍රීවරයා කතාව කරගන ගියේ මෙලෙසින්.

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් අගය කලයුතු වැඩක්


සරසවි වසා තිබියදී රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හබරාදුව ප්‍රදේශ‍යේ දුෂ්කර රෝහලක් ප්‍රතිසංස්කරණය කර ඇති බව අප වෙත වාර්තා වේ.

පහතින් දැක්වෙන්නේ ඔවුන් අප වෙත එවා තිබූ සටහනයි.

වර්තමානයේ සිට අනාගතය දක්වා දිවෙන්නා වූ පාලමක් වේ නම් එම පාලමේ අත්තිවාරම සැකසෙන්නේ විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය හදාරන සුවහසක් විද්‍යාර්ථීන්ගේ දෑතෙනි.

මෙය අතිශෝක්තියක් නොවන්නේ එයට සාක්ෂි ඕනෑ තරම් මෙරට විශ්වවිද්‍යාල ආරම්භ වූ දා සිට අද දක්වා ඇත. නමුත් වර්තමානයේ විශ්වවිද්‍යාල සිසුන්ට සමාජය විසින් ලබා දෙන අර්ථකථනය කුමක් ද ? මෙය සලකා බැලීම වටී.

ලංගම ට අලුතින් බස් 3,000ක් ගෙන්වීමට පෞද්ගලික බස්‌ හිමියන්ගේ විරෝධය


චීනයෙන් බස් රථ 3,000ක් ගැනීමට ලංගම සූදානම් වෙනවා. මෙම ගණුදෙනුවත් සමඟ කලබලයට පත්වී සිටින්නේ පෞද්ගලික බස්‌ හිමියන්ගේ සමිති සම්මේලනයයි.

ඔවුන් පවසන්නේ අලුතින් බස්‌ රථ 3000 ක්‌ ධාවනයේ යොදවන්නේ නම් ඊට විරුද්ධව දින 14 ක්‌ තුළ දීපව්‍යාප්ත එක්‌දින සංකේත වැඩවර්ජනයක්‌ කරන බවයි.

ලංගම සතුව මේ වනවිට බස් රථ 5,000ක් පමණ ඇති අතර ඒවායින් 3,500ක් පමණ වසර 15ක් පමණ පැරණි බවත්, චීනයේ තාක්ෂණය දියුණු බවත් පසුගියදා අමාත්‍ය වෙල්ගම මහතා පවසා තිබුණා.

සිනමා නළු අර්ජුන කමල්නාත්ගේ මුදල් වංචාව


සිනමා නළු අර්ජුන කමලනාත් විසින් පසුගිය සැප්තැම්බර් 1 වන දින සංවිධානය කරන ලද "ලංකා ෆේසස් ස්පෙෂල් නයිට්" නමැති ප්‍රසංගය ඔස්සේ මුල්‍යමය වංචාවක් සිදුකොට ඇත.

අදාළ ප්‍රසංගය පැවැත්වීමට ප්‍රධාන අනුග්‍රහය ලබා දුන් "ලංකා ෆේසස් " ආයතනය විසින් ප්‍රසංගය පැවැත්වීමට ලබා දුන් අති විශාල මුදලක් මෙසේ අර්ජුන කමලනාත් විසින් වංචනිකව ලබාගෙන ඇත.

"ලංකා ෆේසස් ස්පෙෂල් නයිට්" ප්‍රසංගය පසුගිය පලවනදා නෙලුම් පොකුණ රඟහලේ පැවැත්වුන අතර අර්ජුන කමලනාත් විසින් එම ආයතනයෙන් ලක්ෂ 20 ක මුදලක් වංචා සහගතව ලබාගෙන ඉතා සොච්චම් මුදලක් එහි රඟපෑ රංගන ශිල්පීන් ට ගෙවා ඉතිරිය ඔහු විසින් ලබාගෙන ඇත.

පිල්ලෙයාන්ට ජනාධිපති උපදේශක තනතුරක්

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය ඒකාබද්ධව ඊයේ නැගෙනහිර පළාත් සභාවේ බලය පිහිටවනු ලැබුවා.

එහි මහ ඇමති ලෙස පත්කළේ එජනිස යෙන් තරග කළ අබ්දුල් මජීඩ් මොහොමඩ් නජීබ් ය. ඔහු පසුගිය එජනිස රජයේ හිටපු සමුපකාර නියෝජ්‍ය ඇමැතිවරයාය.

හිටපු මහ ඇමති වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හට ඊයේ අරලිය ගහ මන්දිරයේදී ජනාධිපති උපදේශක තනතුරක් පිරිනමා තිබෙනවා. 



අජන්ත මෙන්ඩිස්ගේ ලෝක වාර්තාව


ඊයේ (19) දිනයේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන් අතර ඒ අනුව කඩුලු 4 ක් දැවී ලකුණු 182 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම හැකිවිය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 100 ක් පමණයි.ඒ අනුව 20/20 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේ ලකුණු 82 ක ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විනි.

Tuesday, September 18, 2012

මර්වින්ගේ බලපෑම් හමුවේ මේජර් බලුකුක්කෙක් වෙයි

අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාගෙන් හා රෙජාන් විජේරත්න යන ඇමති පුතුන් දෙදෙනාගෙන් පසුගියදා ඔලුව පැලෙනකම් ගුටිකා දින ගනනක් රෝහල්ගතව සිටි බුද්ධි අංශ මේජර්වරයා විසින් අමාත්‍ය මර්වින් සිල්වාගේ බලපෑම් හමුවේ සිය සටන අත්හැර දමා තිබෙනවා.

මෙතෙක් දවසක් රෝහල්ගතව සිටි ප්‍රදීප් සුසේන නම් එම යුධ හමුදා මේජර්වරයා අද දිවුරුම් පෙත්සමක් 
මඟින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙන්නේ මාලක සිල්වා හා රෙහාන් විජේරත්න තමන්ට පහර නොදුන් බවයි.


උදේ 8 ට ආවේ නැත්නම් 8.30 ට පැනලා අල්ලන්නයි හිටියේ- පොලිස්පති

මාලක රෙහාන් දෙදෙනාම බරපතල රෝග වලින් පෙළෙනවායැයි කියා නීතීඥවරු ඇප ඉල්ලයි 

මාලක සිල්වා හා රෙහාන් විජේරත්න යන ඇමති පුතුන් දෙදෙනා ඊයේ අධිකරණය බාරවීමත් සමඟ උසාවියට ඉදිරිපත්කරනු ලැබුවා.

එදිදී එක්ස්-රේ කොල කිහිපයක් ද සමඟ මර්වින් සිල්වා දුවගන උසාවියට පැමිණි අතර එම පාර්ශවයේ නීතීඥයන් විසින් උසාවියට කරුණු දැක්වූයේ මාලක හා රෙහාන් දැඩි රෝගාබාධ වලින් පෙලෙන බවයි.

"මාලක සිල්වා පිටකොන්දේ ආබාධයකින් පෙළෙනවා. එය ඉතාම භයානක රෝගී තත්ත්වයක් බව ස්නායු වෛද්‍ය පද්ම ගුණරත්න මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඉදිරියේදී ඔහුට ශල්‍යකර්මයක්ද කිරීමට නියමිතයි."

දෙවන සැකකරු වන රෙහාන් විජේරත්නගේ නීතීඥයා පැවසුවේ

"දෙවන සැකකරුත් හුස්ම ගැනීමේ බරපතල රෝගී තත්ත්වයකින් පෙළෙනවා. ඔහුට රෑට උපකරණයක් සවිකර නිදාගන්නා ලෙසට වෛද්‍ය උපදෙස් ලබාදී තිබෙනවා"

කේට් කුමරියගේ උඩුකය නිරුවත් ජායාරූප ප්‍රංශ සඟරාවක

බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරුගේ නිරුවත් ජායාරූප ප්‍රසිද්ධ වී මාසයක් ගතවෙද්දී විලියම් කුමරුගේ බිරිඳ වන කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූප කිහිපයක් ප‍්‍රංශ සඟරාවක් පසුගියදා ප්‍රකාශයට පත්කලා.

ක්ලෝසර් නම් එම සඟරාව විසින් පිටු 4ක් පුරාවට පල කර ඇති එම ඡායාරූප කේට් හා ඇගේ සැමියා වන විලියම් කුමරු පසුගියදා ප‍්‍රංශයේ දී ගත කළ පෞද්ගලික නිවාඩුවක් අතරතුරේදී ගත් ඡායාරූපයි.

යාර 1,000ක් පමණ දුර සිට දිගු කැමරා කාච යොදාගන ගෙන ඇති මෙම ජායාරූප පැහැදිලි බවින් අඩු වුවද ඒවායේ සිටින්නේ කේට් බව පැහැදිළිව හඳුනාගත හැකි බවයි පැවසෙන්නේ.



S.B ට කඩේ යාමට පැමිණි ආචාර්යවරු ඇනගනී


දේශප්‍රේමී විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ සංසදය ලෙස හදිසියේ සංසදයක් අටවාගත් එස්.බී දිසානායකට කඩේ යන ආචාර්යවරුන් කිහිප දෙනෙක් විසින් කොළඹ සව්සිරිපායේදී පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වා තිබුනා.

රට පුරා ආචාර්යවරුන් විසින් මාස 3ක් තිස්සේ ගෙනයන සටන "විදේශ බලවේග වල කුමන්ත්‍රණයක්" ලෙස හුවාදක්වමින් එය දියකර හැරීම සඳහා ඔවුන් පැමිණියද මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නකිරීම් හමුවේ තමන් නියෝජනය කළ සංසදය පිළිබඳවත් නොදැන කෝප වී ඔවුන් මාධ්‍යවේදීන්ට බැන වැදී තිබුණා.

එහිදී එහි කැඳවුම්කරු ෆීලික්ස් නෙම්සිරි ජයතිලක පැවසුවේ

"මේ අරගලය වැරදි වහන්තරාවක් ඉස්සරහට දාගන කරන අරගලයක්. අනික මේකේ නරක දෙයක් තියනවා මේක පිටිපස්සේ. මේකේ තියනවා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. මම බය නැතුව කියනවා ඒක."

ඔවුන්ගේ පිටුපස "දේශප්‍රේමී විශ්‍යවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංසදය" ලෙස විශාල බැනරයක් ද තිබූ අතර මෙම මාධ්‍ය සාකච්ජාවට පැමිණි මාධ්‍යවේදීන් ඒ පිළිබඳව විමසීමක් කළා.

Monday, September 17, 2012

මාලක පොලිසියට බාරවෙයි. මම එදා හෝටලයට ගියේ ජන්ද ප්‍රතිපල බලන්නයි


  • අද මම පොලීසියට බාර වෙනවා.
  • මම එදා හෝටලයට ගියේ ජන්ද ප්‍රතිපල අහන්නයි.
  • මම කිසිම පහරදීමක් කළේ නැහැ.
  • CCTV වල තියන ඒවා ගැන දන්නේ නැහැ.
  • මම ඩ්‍රයිවර්ට කිව්වා පිස්තෝලය ගැන ඇමතිතුමාට කියන්න කියලා
  • රණවිරුවන්ට අප ඉන්න තැනක අතක් උස්සන්න දෙන්නේ නැහැ
  • මම පොලීසිය මඟ හැරියේ නැහැ. දැනුත් මම ඉන්නේ පොඩි ගමනක් යන ගමන්.
  • මාව ආරක්ෂා කරන්න හොඳ යාලුවෝ පිරිසක් ඉන්නවා
අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා හා තුර්කියේ තානාපතිනියගේ පුත් රෙහාන් විජේරත්න විසින් බුද්ධි අංශ මේජර්වරයෙකුට පහරදීමෙ පසුව මාලක, රෙහාන් ඇතුළු 5 දෙනෙක් අද කොම්පඤ්ඤ වීදියේ පොලීසිය වෙත බාර වී තිබෙනවා. අනතුරුව ඔවුන් 24 වනදා දක්වා බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කර තිබෙන්නේ.

ඊට ප්‍රථම ඊයේ මාලක සිල්වා විසින් එම පහරදීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා. එම සාකච්ජාව පහතින්.


එදා මොකක්ද වුනේ?


නෙත් එෆ්. එම් බැලුම්ගල ගාල්තැන්නේ දේවාලයට ගොස් වීඩියෝ කරයි


මහනුවර ගාල්තැන්න දේවාලයේ දෙවගැති ගාමිණී ආනන්දගේ ක්‍රියාකලාපය මෙයට පෙර කිහිපවතාවක්ම අප විසින් හෙළිකරනු ලැබුවා. ගාල්තැන්න දේවාලය මාධ්‍යය මගින් විශාල සහයක් ලබාදෙන්නේ ස්වර්ණවාහිනිය වන අතර එය ස්වර්ණමහල් හා බැදුණු ව්‍යපාරික සම්බන්ධයක් බව අප මෙයට පෙර හෙළිකර සිටියා.

මේ පිළිබඳව සවිස්තරව හෙළිකොට සිටියේ නෙත් එෆ්. එම් බැලුම්ගල කණ්ඩායම විසිනි. ඔවුන්ගේ හෙළිදරව් කිරීම් හේතුවෙන් කෝපයට පත් දේවගැතිවරයා විසින් මිලියන 50 ක් ඉල්ලා නෙත් එෆ්. එම් වෙත වන්දි නඩුවක් පැවරු අතර නෙත් එෆ්. එම් කණ්ඩායම විසින් දෙවගතිවරයාගේ ගිලන්වූ පියාට රෝද පුටුවක් පරිත්‍යාග කරනු ලැබුවා.

මිල්කෝ සමාගමේ කිරි මාෆියාව (දෙවන කොටස)

අකාර්යක්ෂම පරිපාලනය සහ අඩු පහසුකම් පිලිබඳ හේතු දක්වා මිල්කෝ ආයතනය පෞද්ගලිකකරණය කිරීමේ වෑයමක් පිලිබඳ වාර්තා වේ.

මෙම වැඩපිළිවෙල දියත්කොට ඇත්තේ ජනාධිපති ආර්යාවගේ ඥාතියෙකු වන මිල්කෝ සමාගමේ නව අධ්‍යක්ෂක වරයා වන සුනිල් වික්‍රමසිංහ විසිනි.

කිරි ගොවීන්ගෙන් කිරි මිලටගෙන ඒවායින් වැඩි ප්‍රමාණයක් විනාශ කිරීමට මිල්කෝ සමාගම පියවරගෙන තිබු අතර මෙයට පෙර ලිපියකින් අප හෙළිකොට සිටියේ එලෙස කිරි ලීටර් ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් විනාශකොට ඇති බවයි.


දිවයිනේ සියලු කිරි ගොවීන්ගෙන් දිනපතා එකතුවන කිරි ප්‍රමාණය කිරි ලීටර් ලක්ෂ හයකට ආසන්න වන අතර ඉන් මිල්කෝ සමාගම සිය නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන්නේ කිරිලිටර් ලක්ෂ දෙකක් වැනි සුළු ප්‍රමාණයකි.

Share this article with your friends