Chitika Smowtion 468x60


Friday, April 20, 2012

ක්‍රිකට් වලට පහේ පහරක් ලංකාවෙන් යෝජනා වෙයි


කි‍්‍රකට් ක්‍‍්‍රීඩාවේ පහරක් මගින් ලබාගත හැක්කේ ලකුණු 01, 02, 03, 04 හා 06 ක් හා ලකුණු 05 ක් හිමිවන්නේ නිපන්දුවකට හෝ වයිඩ් පන්දුවකට ලකුණු හතරක් ලබා ගතහොත් පමණි.

නමුත් තනි පහරක් සඳහාද ලකුණු පහක් යෝජනා කල යුතු බව ශ්‍රී ලාංකිකයෙකු විසින් යෝජනා කර තිබේ.

රත්නසිරි නල්ලපෙරුම නම් මෙම යෝජනාව ඉදිරිපත් කරන මහතාගේ අදහස් වී ඇත්තේ පිටිය තුළ එක් වරක් පමණක් පතිත වී හතරේ සීමාවෙන් ඉවතට ඇදී යන හතරේ පහරවල් සඳහා ලකුණු 5ක් ලබා දිය යුතු බවයි. 

ලන්ඩනයේ ප්‍රතිකාර ලබන දොස්තර ජයලත් ජයවර්ධන


බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතව සිටි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා පසුගිය 13 වැනිදා ගැට්වික් ගුවන්තොටුපළේ දී සිහිමුර්ජා වී ඇද වැටීම හේතුවෙන් ලන්ඩන‍යේ නැගෙනහිර සරේ රෝහල වෙත ඇතුළත් කර තිබිණි.

විවිධ මාධ්‍යය ඔස්සේ ජයලත් මහතා සුවය ලබා මෙරටට පැමිණි බව සඳහන් කලත් ඒ මහතා තවදුරටත් එම රෝහලේ ප්‍රතිකාර ලබන අතර හදවත් සැත්කමකට භාජනය කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

ජයලත් ජයවර්ධන මහතා එසේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අයුරු පහතින් බලන්න.

කිඹුල් උගුල සාදන හැටි


පසුගියදා මාතර නිල්වලා ගඟෙන් අල්ලා ගත් කිඹුලා දෙහිවල සතුන් වත්තට භාරදීමට ගිය මොහොතේ එම කිඹුලා භාර ගැනීම සත්ව උද්‍යානයේ නිළදාරීන් විසින් ප්‍රතික්‌ෂේප කළා. 


ඒ කිඹුලා දරුණු නිසා ත්තුවත්තේ කූඩුවේ සිටින අනික්‌ ගැට කිඹුලන් සමග ගැටුම් ඇතිකර ගැනීමට ඉඩ තිබෙන යැයි බියෙනි. එම නිසා කිඹුලා යාල අභය භූමියට මුදා හැරීමට වනජීවී නිලධාරීන්ට සිදුවුණා.

එම නිසා නිල්වලා ගඟේ සිටින මිනීමරු කිඹුලන් ඇල්ලීමේ මෙහෙයුම පෙරේදා සිට තාවකාලිකව නතර කිරීමට වනජීවී නිලධාරීන් තීරණය කර තිබෙනවා. කිඹුලන් ඇල්ලීමට පෙර ඔවුන් මුදාහැරීමට නිශ්චිත ස්‌ථානයක්‌ තෝරාගන්නා තෙක්‌ මෙලෙස මෙහෙයුම තාවකාලිකව නතර කළ බවයි වාර්තා වෙන්නේ.

මාතර ගඟේ මිනීමරු කිඹුලන් ඇල්ලීමේ ව්‍යාපෘතිය කිසිසේත්ම රජයෙන් අනුග්‍රහය ලැබූ එකක් නොවේ. කිඹුලා ඇල්ලීමට සාදන ලද අඩි 18 ක් පමන දිග උගුල සෑදීම සහ එය අදාල ස්ථානයන්හි සවිකොට කිඹුලා අල්ලා ගන්නා ලද්දේ ස්වෙච්ඡා වනජීවී ක්‍රියාකාරිකයන් පිරිසකි. 



දඹුල්ල පූජා භූමිය රැකගන්න පෙළ ගැසෙමු - ඉනාමලුවේ ශ්‍රී සුමංගල මහා නාහිමි.


සිදුවෙන දේවල් වලට රජය සහ ප්‍රදේශයේ දේශපාලකයින් වගකිව යුතුයි. 

අපි සාමකාමී උද්ගෝෂණ පටන් ගන්නවා. 


පක්ෂ වෙනත් බේද නොසලකා බෞද්ධ උරුමය රැකගන්න එකතුවෙන්න. 


දඹුල්ල පූජා භූමිය අවට විහාරයට අයත් ඉඩම් සංවර්ධනය මුවාවෙන් වෙනත් ආගමිකයන්ට විකිණීමේ ප්‍රයන්තයක් පවතින බවත් ඊට එරෙහිව මහානායක ඉනාමලුවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ ඉදිරිපත් වීම පිළිබඳවත් අප මෙයට පෙර ලිපි මගින් ඔබ දැනුවත් කරනු ලැබුවා.

දඹුල්ලේ ආදාහන මළුව හෙවත් ඉඳිගොල්ලෑව බෝක්කුව සීමාවේ සිට දඹුල්ල තානායම දක්වා ප්රසදේශය දඹුල්ල පූජාභූමියට අයත් බවත් ඉන් ඔබ්බට නව නගරයක් ලෙසත් ගැසට් නිවේදනයකින් "දඹුල්ල සංවර්ධන සැලසුම් යෝජනා ක්‍රමය" ලෙස ප්‍රසිද්ධියට පත් කළ බව මේ පිළිබඳව විශේෂ පුවත්පත් සාකච්ඡාවකට උන් වහන්සේ ප්‍රකාශකර තිබෙනවා.
මෙලෙස පංසල අවට ඉඩම් විහාරය සතු වීම නිසා

ඇන්ජෙලා සෙනවිරත්න කරුණු පැහැදිලි කරයි


මම ඒ ගෙදර හිටියේ අවුරුදු 10 කට කලින් 
ඔය සිදුවීමට කිසිම සම්බන්ධයක් නැහැ 
මම නැතිවෙලා නැහැ  


මෙරට කලක් ජනප්‍රියව සිටි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිලියක් වන ඇන්ජෙලා සෙනෙවිරත්න නමින් ඉන්දියාවේ නව දිල්ලියේ සිට මධ්‍යම තැපෑලට ලද හෂීස් පාර්සලයපිලිබඳ සිදුවීම මේ වනවිට ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව තිබෙනවා.

මේ අතර ඇන්ජෙලා සෙනෙවිරත්න මහත්මිය ගොසිප් 9 වෙත සම්බන්ධ කරගැනීමට හැකිවූ අතර එහිදී එම චෝදනා සියල්ලම ය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
ඇගේ ප්‍රකාශය බලන්න පහතින් 

හෂීස් මත්ද්‍රව්‍යය පාර්සලය ලැබුණු නිළිය අතුරුදන් !


මෙරට කලක් ජනප්‍රියව සිටි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිලියක් වන ඇන්ජෙලා සෙනෙවිරත්න නමින් ඉන්දියාවේ නව දිල්ලියේ සිට මධ්‍යම තැපෑලට ලද හෂීස් පාර්සලය රැගෙන යාමට පැමිණි විදේශිකයෙකු ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය අංශය විසින් පෙරේදා (18) කොටු කර ගැනීමට සමත් වී තිබෙනවා.

කොටු වූ බ්‍රිතාන්‍ය ජාතික තරුණයා මෙරට රැඳීසිට ඇත්තේ මෙරට පිහිටි බටහිර තානාපති කාර්යාලයක සේවය කරන විජාතික කාන්තාවකගේ කොල්ලුපිටියේ පිහිටි නිවසක බව පරීක්ෂණවලින් හෙළිවී ඇත.

නිවසේ හිමිකරු ඇන්ජෙලා සෙනෙවිරත්න බවත් තානාපති කාර්යාලයේ සේවය කරන විදෙස් කාන්තාව එම නිවස කුළියට ගෙන ඇගේ සැමියා සමග පදිංචිව සිටින බවත් සඳහන්ය.
ශ්‍රී ලාංකික වන ඇගේ සැමියා මේ දිනවල විදෙස් ගතව සිටී. 


ඇගේ මිතුරන් දෙදෙනක් වන බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවේ සංචාරයකට ඉකුත් 04 වෙනිදා මෙරටට පැමිණ නතරවී සිට ඇත්තේ එම නිවසේය.

Share this article with your friends