Chitika Smowtion 468x60


Tuesday, October 9, 2012

මාලනී ෆොන්සේකාට යළි මන්ත‍්‍රි පදවිය?



සිය පාර්ලිමේන්තු මන්ත‍්‍රි පදවියෙන් ඉල්ලා අස් වූ මාලනී ෆොන්සේකා මහත්මිය අද (09) යළි කතානායක චමල් රාජපක්ෂ මහතා ඉදිරියේ දිව්රුම් දෙමින් මන්ත‍්‍රි පදවිය භාර ගැනීමට නියමිතය. පසුගියදා අවසන් වූ උතුරුමැද පළාත් සභා මැතිවරණයේ දී එහි හිටපු මහ ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක සහ හිටපු ඇමැතිවරයකු වන එස්.එම්.චන්ද්‍රසේන යන මහත්වරුන් අතරේ හටගත් ආරවුල විසඳිමට අත දීමක් වශයෙන් මාලනී ෆොන්සේකා මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය රජය වෙත යවා තිබිණ.

පළමු වරට ලංකාවේ මාර්ග වල ඇඳි ත්‍රිමාණ චිත්‍ර

විවිධ දර්ශන ත්‍රිමාණව පෙනෙන පරිදි පාරවල් වල ඇඳීම විදෙස් රටවල සුලභ දෙයක් වුවද ලංකාවට එය අලුත් අත්දැකීමකි.

බත්තරමුල්ලේ වෝටර් එජ් හෝටලය අසල ඇවිදයාමට ඇති මාර්ගයේ ඇති ත්‍රිමාන චිත්‍ර කාගෙත් අවධානය දිනාගන්නා අතර ඒවා ඇඳ ඇත්තේ පහත ලෙසය

20-20 ක‍්‍රිකට් තරගාවලියේදී විනිසුරුන් මුදලට තරග විකුණලා ‘ද හින්දු’ පවසයි



පෙරේදා (07) අවසන් වූ පන්දු 20-20 ලෝක ක‍්‍රිකට් තරගාවලියේ දී ශ‍්‍රී ලාංකීය විනිසුරුවරුන් ඇතුඵවිදේශීය විනිසුරුවරුන් හය දෙනෙකු මුදලට තරග පාවා දී තිබෙන බව අනාවරණය වෙතැයි ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත පවසයි. මෙම පිරිසට ශ‍්‍රී ලංකීය විනිසුරුවරුන් තිදෙනෙක් ඇතුළත් බව එම පුවත්පත පෙන්වා දෙයි. පාකිස්ථානයේ නදීම් ගෞරිස්,ඇනී සිද්ධික් යන විනිසුරුවරුන් මෙලෙස තරග පාවා දී තිබෙන බව ‘ ද හින්දු‘ පුවත්පත පවසයි.

විද්‍යාලෝකයේ නව විදුහල්පති ඇවිත් නෑ. පොලිසිය සීරුවෙන්




කලහකාරී තත්වයක් උද්ගත වීමත් සමඟ පුරා සතියක් වසා දමා තිබූ ගාල්ල විද්‍යාලෝක විදුහලේ අද (08) උදෑසන අධ්‍යාපන කටයුතු යළි ඇරඹුණද නව විදුහල්පති වරයා විදුහලට පැමිණ සිටියේ ‍නැත . පාසලේ කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වෙනේ දැයි තීරණය කර ෆැක්ස් මඟින් වාර්තා දෙකක් එවන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය වැඩ බලන විදුහල්පතිවරයාට නියම කර තිබේ. දහවල් 12‍.00 ට හා පස්වරු 2.00 ට මෙම වාර්තා දෙක එවන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ. විද්‍යාලෝක විදුහලේ කලහකාරී තත්වයක් ඉකුත් 01 වැනිදා උද්ගත වූයේ රාජ්‍යසේවා කොමිසමේ නියමය පරිදි වැඩ භාර ගැනීමට පැමිණි නව විදුහල්පති බන්දුල ජයසිංහ මහතාට සංවිධානාත්මක පිරිසක් ඉඩ නොදීම හේතුවෙනි.

නදීෂා හේමමාලිගේ නවතම ජායාරූප






Share this article with your friends