Chitika Smowtion 468x60


Friday, May 18, 2012

එකම පීල්ලේ දෙවන දුම්රිය අනතුරත් සිදුවේ


එකම පීල්ලේ දෙවන දුම්රිය අනතුරත් සිදුවේ: 30 කට තුවාල

දුම්රිය සඥා පද්ධතිය නිවැරදිව ක්‍රියා නොකිරීම නිසා 
අප වෙබ් අඩවිය ඊයේ (17) රාත්‍රී එකම පීල්ලේ ගමන් ගත් දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් යළිත් දුම්රිය අනතුරක් සිදු වී තිබේ. මෙම අනතුරින් මගීන් 30 ක් පමණ තුවාල ලබා ඇති අතර එක් දුම්රියක් පීලි පැන ඇත. තුවාල කරුවන් අතර බරපතල තත්ත්වයේ අය නොමැති බව වාර්තා වේ. මෙය සිදුව ඇත්තේ වේයන්ගොඩ ප්‍රදේශයේ කීනවල සහ වඳුරව යන දුම්රිය ස්ථාන අතරතුර දීය.

මගී ජනයා විසින් 'හිඟන්නා' නමින් හඳුන්වන රාත්‍රී 7.30 ට පොල්ගහවෙලින් පිටත්ව කොළඹ බලා දිවෙන මගී දුම්රිය කිසියම් දෝෂයක් නිසා ඉහත දුම්රිය ස්ථාන දෙක අතර නතර කර තිබී ඇත. මෙම දුම්රිය පැය භාගයකටත් වඩා වැඩි කාලයක් එලෙස නතර කර තිබී ඇත. ඉන් පසුව පසුපසින් පැමිණි කොළඹ බලා දිවෙන ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක් ද නවතා ඇති හිඟන්නා දුම්රියේ වැදී තිබේ.

ෆොන්සේකා නිදහස් කිරීමේ රාජපක්ෂ චිත්‍රපටය


ෆොන්සේකා නිදහස් කිරීමේ රාජපක්ෂ චිත්‍රපටය සහ නිදහසින් පසු ෆොන්සේකා නම් දේශපාලනඥයාගේ ගමන් මග

දැනට පෙනෙන ආකාරයට ජනාධිපති වරයා විසින් නුදුරු දිනකදී සරත් ෆොන්සේකාව නිදහස් කිරීමට කටයුතු කරනු ඇත. ජාත්‍යන්තර මාධ්‍ය වෙත ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ සොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය හිටපු හමුදාපති වරයා නිදහස් කරන මෙන් ඉල්ලා සිටින බවත් එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මාස 6 ක පමණ සිට අදාල කරුණ අරභයා තමන් සමග සාකච්ඡා කරමින් සිටින බවත්ය. ජනාධිපති වරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් විදේශ ගත වී ඇති බැවින් ඔහු දිවයිනට පැමිණි පසුව හිටපු හමුදාපති වරයා නිදහස් කිරීම සඳහා තව දුරටත් සලකා බැලිය යුතු කාරණා සම්බන්ධව අවසන් තීරණයකට පැමිණෙන බවය. මෙම ප්‍රකාශයන් තහවුරු කරමින් 16 වන දින උදය වරුවේ ජනාධිපතිවරයා මුනගැසී හිටපු හමුදාපති වරයාගේ සුවදුක් බැලීමට රෝහලට පැමිණි ටිරාන් අලස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ හිටපු හමුදාපති වරයා හැකි ඉක්මනින් නිදහස් කිරීමට උදෑසන පැවති සාකච්ඡාවේදී ජනාධිපති වරයා එකඟ වූ බවයි. මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අලස් මන්ත්‍රී වරයා කියා සිටියේ මේ සඳහා කිසිදු කොන්දේසියක් රජය පාර්ශවයෙන් ඉදිරිපත් නොකළ බවයි. මේ බව අනෝමා ෆොන්සේකා මහත්මියද පසුව තහවුරු කළාය.

නමුත් මාස ගනනක් සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම උදෙසා රජය අපහසුතාවයට පත් කෙරෙන කිසිදු උද්ඝෝෂණයක් සිදු කිරීම සහ රජයට එරෙහිව විපක්ෂ දේශපාලන පක්ෂ විසින් පැවැත් වූ කිසිදු උද්ඝෝෂණයන්ට සහභාගි නොවීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ කොන්දේසිය පිලිබඳව ටිරාන් මන්ත්‍රීවරයා කිසිවක් කිවේ නැත. 17 වන දින පුවත්පත් වාර්තා කරන අන්දමට එදින සවස අනෝමා ෆොන්සේකා මහත්මිය ටිරාන් මන්ත්‍රීවරයා ගේ නිවසේදී ජනාධිපතිවරයා මුණ ගැසී ඇත. මෙම සාකච්ඡා සාර්ථක වූ බවද ඇය මාධ්‍ය වෙත පැවසුවාය. මේ අතර ඛෙලිඅත්තේ බැංකුපොත් ඛෙදා දීමේ රැස්වීමකදී සජිත් සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම වෙනුවෙන් ජනාධිපති වරයා සමග සාකච්ඡා කිරිම උදෙසා සිය ස්තූතිය ටිරාන් අලස් වෙත පිරිනැමුවේය.

මේ ලියන මොහාත වන විට ෆොන්සේකා මහතා නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බවද මාධ්‍ය මගින් ප්‍රචාරය කෙළේය.

සිරකරුවෙකුට ජනාධිපති සමාව දීමේදී ඉහත කතා කිසිවක් වැඩක් නොවේ. ව්‍යවස්ථාව අනුව එය ජනාධිපතිවරයා සතු අභිමතානුසාරී බලයකි. එයට ටිරාන්ලාත් අනෝමලාත් කැබිනට් මණ්ලඩයවත් අවශ්‍ය නොවේ. නිවසේ සිටි ෆොන්සේකා කුදලාගෙන ගියේ මේ කිසිවෙකුගෙන් අසා නොවේ. මේ ජනතාවට පෙන්වමින් සිටින්නේ ෆොන්සේකා නිදහස් කිරීමේ චිත්‍රපටිය යි. මෙම චිත්‍රපටියේ වීරයා රාජපක්ෂ වීමටත් වරෙක රාජපක්ෂ ටිරාන්ව වීරයා කිරීමටත් සියළු උත්සාහ කරන බව පෙනී යයි.

නිදන් හාරන්න ගිය එස්ටීඑෆ් ඒඑස්පී හෙට්ටිආරච්චිට අමතක නොවන පාඩමක්

මහවිලච්චියේ නිදන් හෑරීමට ගොස් හත් පොලේ ගා ගත් ගෝඨාභයගේ එස්ටීඑෆ් කණ්ඩායම නිසා සමස්ථ එස්ටීඑෆ් බලකායටම ඇතිකරන ලද අපකීර්තියත් පොලිස්පතිවරයාට ඒ ගැන වගකීම බාරගන්නට බල කිරීමෙන් ඔහු විසින් සිදුකරගත් මහා විශාල නින්දාවත් නිසා ගෝඨාභය සහ ආණ්ඩුව ගැන විශාල විරෝධතාවක් එස්ටීඑෆ් සහ පොලීසිය අභ්‍යන්තරයේ පැන නැගෙමින් පවතී.

ඊට අමතරව එම සිදුවීම දේශපාලන කරලියේ ආණඩුවට එරෙහි විශාල ජනමතයක් ඇති කෙළේය.

මේ හේතු නිසා ගෝඨාභය විසින් තමන්ගේම මෙහෙයැවීම මත මහවිලච්චියට යැවූ එස්ටීඑෆ් භට කණ්ඩායමට අණදුන් සහකාර පොලිස් අධිකාරී ඩී.කේ.හෙට්ටිආරච්චි වෙත චෝදනා පත්‍රයක් ලබා දීමට ගෝඨාභය විසින්ම උපදෙස් දී තිබේ. එය හුදෙක් දැනට ඇති වී තිඛෙන විරෝධතාවය සමහන් කිරීමට පමණක් යොදා ගන්නා බවත් ඒ වෙනුවෙන් ඉන් එහා යන කිසිදු ක්‍රියාවක් සිදුනොවන බවත් අප වෙබ් අඩවිය වෙත දැනගන්නට තිබේ.



මරී කොල්වින්: වීරවරියකගේ තෙමස් සැමරුම


‘නිර්භීතයින් අතර නිර්භිතයා’ යැයි සිය වෘත්තීය සගයින් විසින් ආදර ගෞරවයෙන් පිදුම් දුන් ඇයට නූතන මර්තා ගෙල්හෝන් යැයි කියන්නට අයෙක් පුරුදුව සිටියහ.
මාර්තා ගෙල්හොන් වනාහී දක්ෂතාවයෙහි, කැපවීමෙහි සහ නිර්භීතකමෙහි සංකේතයක් බඳු වූ විසිවන සියවසෙහි ශ්‍රේෂ්ඨතම යුද වාර්තාකාරිනියයි.
1908 දී මෙලොව එළිය දුටු මාර්තා මාධ්‍යකරණයට එළඹි 1929 සිට මෙලොව හැර ගිය 1999 දක්වාම වාර්තාකරණයේ සහ ලේඛනයේ යෙදුණි. ඇය 1939 ස්පාඥ සිවිල් යුද්ධය, 1941 චීන- ජපාන යුද ගැටුම, 1943 - 45 දෙවන මහා ලෝක යුද්ධය, 1946 ඉන්දුනීසියානු - නෙදර්ලන්ත යුද ගැටුම, 1963 - 1978 වියට්නාම් යුද්ධය, 1978 - 1998 නිකරගුවානු සහ එල් සැල්වදෝරියානු යුද ගැටුම් වාර්තා කළා ය. ඇයගේ වාර්තා යුද්ධයේ කුරිරු බව පෙන්නුම් කළ මානවවාදී දෘෂ්ඨියකින් යුතු වූ නමුත් සෑම විටම සත්‍ය මත පදනම් වී තිබුණි. යුද හමුදා සමඟ ගමන් කළ කිසිදු අවස්ථාවක ආරක්ෂාව පිණිස හෝ යුද හමුදා නිල ඇදුම් නොඇදි එකම යුද වාර්තාකරු/කාරිනිය ඇය යැයි කියනු ලැබේ. වියට්නාම් යුද්ධය පිළිබඳ වාර්තාකරණයන් නිසා ඇමෙරිකානු රූකඩයක් වූ දකුණූ වියට්නාමය ඇයට එරටට ඇතුල් වීම පවා තහනම් කොට තිබුණි.

මූල්‍ය සමාගම් ගණනාවක් අවදානමේ !


ශී‍්‍ර ලංකා මහ බැංකුව පසුගිය වසරේදී ප‍්‍රකට මූල්‍ය සමාගම් 03 ක බලපත‍්‍ර අහෝසි කර ඇති අතර, තවත් 05 ක් පීඩාවට පත් සමාගම් වශයෙන් හඳුනාගෙන ඇත. ලංකා ඔරෙක්ස් ලීසිං කම්පැනි, පී.එල්.සී, කළුතොට ඉන්වෙස්ට්මන්ට් ඇන්ඞ් ලීසිං ලිමිටඞ් සහ සෙලින්කෝ ලීසිං කෝපරේටඞ් ලිමිටඞ් යන ප‍්‍රකට මූල්‍ය සමාගම් කෙරෙහි බලපත‍්‍ර අහෝසි කර ඇති අතර, පීඩාවට පත් මූල්‍ය සමාගම් මොනවාද යන්න හෙළි කර නැත.
මේ අතර තවත් මූල්‍ය සමාගම් 07 ක ව්‍යාපාරික නාම වෙනස් කර ඇත. ව්‍යාපාරික ලෝකයේ නම් වෙනස් කරනු ලබන්නේ වැඩි ව්‍යාපාරික ඉලක්ක දිනා ගැනීම හෝ බිඳ වැටීමේ අවදානමක් මග හරවා ගැනීමටය.

ජනපතිගේ පවුලට උඩින් යන්න රු. කෝටි 302 ක්


ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට අයත් යැයි කියමින් අති නවීන ගුවන් යානා දෙකක් මිලදී ගැනීමට රාජපක්‍ෂ ආණ්ඩුව සූදානම් වේ. ජනාධිපතිවරයාගේ හා ඔහුගේ පවුලේ උදවියගේ ගමන් බිමන් සඳහා සුපිරි පහසුකම්වලින් සමන්විත මෙම වී.වී.අයි.පී. හෙලිකොප්ටර් යානා දෙක මිලදී ගැනීමට නියමිතය. මේ සඳහා වැය වන මුදල රුපියල් කෝටි 302 ක් බව පැවසේ.
ඉකුත් මැයි 08 වනදා ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ගුවන් යානා දෙකක් මිලදී ගැනීම සඳහා වූ ප‍්‍රතිපාදන ඌණතාව පියවා ගැනීමට යයි සඳහන් කරමින් මේ සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ආණ්ඩුවේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස මෙම පරිපූරික ඇස්තමේන්තුව සභාගත කළත්, ඒ පිළිබඳ වැඩි විස්තරයක් තමා නොදන්නා බව දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකු සමඟ පවසා තිබේ.

කොන්දේසි සහිත සමාවකට ජෙනරාල් එකඟ නෑ


කොන්දේසි සහිත සමාවක් ලැබුණහොත් සරත් ෆොන්සේකා මහතා නිසැකවම එය ප‍්‍රතික්‍ෂෙප කරනු ලබන බව ඒ මහතාගේ පවුලේ සමීප ආරංචි මාර්ග සඳහන් කරයි. ෆොන්සේකා මහතාට ජනාධිපතිවරයා විසින් සමාවදීමට යන්නේ කොන්දේසි සහිතව බවට මේ වන විට දේශපාලන ක්‍ෂේත‍්‍රය තුළ ආරංචි පැතිරෙමින් තිබෙන අතර, ඒවායින් කියවෙන්නේ දේශපාලනය නොකිරීම, රටින් බැහැරව සිටීම වැනි කොන්දේසි ඊට ඇතුළත් බවයි.
කෙසේ වුවද, ජෙනරාල්වරයාට කොන්දේසි විරහිත සමාවක් ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්‍ෂය මෙන්ම, ජනතා විමුක්ති පෙරමුණද මේ වන විට ජනාධිපතිවරයාට බලපෑම් කර සිටී.
අධිකරණ ක්‍ෂෙත‍්‍රයේ නව ප‍්‍රවණතාවයත්, ජාත්‍යන්තරයෙන් එල්ල වන විරෝධයත් හේතුවෙන් ජෙනරාල් නිදහස් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින අතර, ඔහු ඒ සම්බන්ධයෙන් පසුගිය 16 වනදා රාති‍්‍රයේ අනෝමා ෆොන්සේකා මහත්මිය සමගද සාකච්ඡා පැවැත්වීය.

අධිකරණය ජෙනරාල්ට ඇප ලබාදෙයි


පසුගිය ජනාධිපතිවරණ සමයේදී යුද හමුදාවෙන් පළා ගිය සෙබළුන් නීත්‍යානුකූල නොවන පරිදි සේවයේ යොදා ගත් බවට චෝදනා කරමින් රිමාන්ඞ් භාරයේ පසුවූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (18) පෙරවරුවේ නියෝග කළේය.
මේ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ෆොන්සේකා මහතා වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලූම් මත විභාගයට ගත් අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ මහතා එම නියෝගය ලබා දුන්නේය.

දේශපාලන සිරකරුවෝ 17 වැනිදා සිට මාරාන්තික උපවාසයකට සැරසෙති


ප්‍රසිද්ධ ලිපියක් යොමුකරමින් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින රැදවියන් පවසා සිටින්නේ තමන් 2009 වසරේ සිට වසර 3 ක් තිස්සේ රිමාන්ඩ් භාරයේ රඳවාගෙන සිටින බවත් තමන් වෙනුවෙන් නීත්‍යානූකූල ක්‍රියාමාර්ග ගන්නා ලෙස හෝ එසේ නැතිනම් තමන් නිදහස් කරන ලෙසයි.
මෙලෙස කිසිදු නෛතික තත්ත්වයක් වෙත යෙමු නොකරමින් සිටීමට විරුද්ධව තමන් මැයි මස 17 වැනිදා සිට මාරාන්තික උපවාසයක් ආරම්භකරන බව ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර සිටී.

නිධන් හෑරීම රට පුරා ජයටම


රට පුරා දිගින් දිගටම නිධන් මංකොල්ලයන් මේ දිනවල සිදුවෙනවා. 2011 වර්ෂය තුළ නිධන් හෑරීමේ සිද්ධීන් 220 ක්‌ වාර්තාවී තිබෙන අතර 2012 වසරේ පසුගිය මාස 5 තුළ රටපුරා නිධන් හෑරීමේ සිද්ධීන් 108 ක්‌ වාර්තා වී තිබෙනවා. 

ඇතැම් නිධාන් හෑරීම් සඳහා ආණ්ඩුව විසින් හමුදාව යොදාගන්නාන බවයි ජනතාව අතර මතයක් ඇතිවී තිබෙන්නේ. පසුගියදා මහවිලච්චිය ප්‍රදේශයේදී කට්ටඬියෙකු සමඟ ජනතාවට කොටුවූ විශේෂ කාර්ය බලකා සෙබළුන් නිසා එය තහවුරු වූ බවයි බොහෝ දෙනා පවසන්නේ.

සරත් ෆොන්සේකාට ඇප ලැබේ


රිමාන්ඩ් භාරයේ පසුවූ හිටපු යුද හමුදාපති සරත් ‍ෆොන්සේකා මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණ සමයේ යුද හමුදාවෙන් පලාගිය සෙබළු සේවයේ යොදවාගත් බවට චෝදනා ලැබීමෙන් පසු වසරකට ආසන්න කාලයක් බන්ධනාගාර ගතවී සිටීමට ෆොන්සේකා මහතාට සිදුවී තිබුණා.


ඒ අනුව ලක්ෂ 10ක ඇප මත සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට අනුමැතිය ලැබුණු අතර විදෙස් ගතවීම වළකාලමින් ගුවන් බලපත්‍රය අධිකරණයට ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා දන්වා තිබෙනවා.

නමුත් සුදු කොඩි නඩුවේ තීන්දුවට තවම නිදහසක් හිමිවී නැහැ


කැනඩාවෙන් ජයසුරියට සල්ලි දීල නෑ


සනත් ජයසූරිය ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් ප්‍රදර්ශණ තරඟයක් සඳහා කැනඩාවට පිටත්ව ගොස් තිබෙනවා.

කැනඩාවේ ටොරන්ටෝ රොජර්ස් ක්‍රීඩාංගනයේ යි මෙම තරඟ මාලාව පවත්වා ඇත්තේ.

පසුගිය සෙනසුරාදා පැවති මෙම තරඟයට ශ්‍රී ලංකාව, නවසිලන්තය, ඔස්ට්‍රේලියාව හා සිම්බාබ්වේ ඇතුළු රටවල් 6 ක ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් හා කැනඩා කණ්ඩායම අතරයි තරඟ පවත්වා ඇත්තේ.

තරඟයට සහභාගී වීමට පෙර මේ සඳහා ඇමරිකානු ඩොලර් 15,000 ක මුදලක් සහ ගුවන් ටිකට්පත් සඳහා ගෙවීමක් ද කරන බවට පොරොන්දු වී සිටියද එය ගෙවීම පැහැර හැර ඇතැයි ජයසූරිය මහතා කැනඩා බි.බි.සී. සේවයට පවසා තිබෙනවා.


සරත් ෆොන්සේකා හෙට නිදහස්...!!



හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළා.

ඊයේ රාත්‍රී හදිසියේම ජනාධිපතිවරයා ටිරාන් අලස් මහතාගේ ගෙදර ගොස් තිබූ අතර අනෝමා ෆොන්සේකාගේද සහභාගීත්වයෙන් සරත් ෆොන්සේකා මහතාගේ නිදහස්කිරීම පිළිබඳව එහිදී සාකච්ජා කර තිබුණා.

ප්‍රභාකරන්ගේ මරණයෙන් පසුව යුධ ජයග්‍රහණයට වසර 3ක් සපිරෙන්න දිනය ඉහලින් සැමරීමට මේ වනවිට කටයුතු යොදා තිබෙනවා. මීට පෙර එම සැමරුම් දෙකම සැමරුවේ සරත් ෆොන්සේකා මහතා සිරකර තබාගනයි.

Share this article with your friends