Wednesday, December 7, 2011
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද සිට වේග සිමා කඩකිරීම තහනම්
මෑතකදී විවෘත වූ ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කල ටික කලකින්ම අනතුරු විශාල සංඛ්‍යාවක් වාර්තා විය.
එයට හේතුව වුයේ පැනවූ වේග සීමාව වන පැයට කිලෝමීටර් 100 ක වේගය ඉක්මවා යාමයි.
අධිවේගියේ මෙතෙක් කල් වාහන ගමන් ගත් ආකාරය දෙආකාරයට බෙදා වෙන්කළ හැක.
එක් වාහන කණ්ඩායමක් 100 හා 100 ට අඩු වේග සීමාවකින් ධාවනය කරද්දී තවත් කණ්ඩායමක් පැයට කිලෝමීටර් 160-180 දක්වා වේගයකින් ගමන් කළේය.
මෙය වැලැක්වීම සඳහා මහාමාර්ග අමාත්‍යංශය විසින් අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාශය වෙත විශේෂ වේග සිමා උපකරණයක් බාර දී ඇත.
මෙම උපකරණයේ වටිනාකම රුපියල් ලක්ෂ 10 ක් වන අතර මේ වේග සිමා උපකරණය මගින් වාහනය ගමන් ගන්නා වේගය මීටර් 150 කට පෙර ප්‍රකාශ කල හැකි අතර වාහනය ධාවනය කරන රියදුරාගේ මුහුණ හා වාහනයේ අංක තහඩුව ජායාරුප ගතවේ.
Source : gossip9.com
Read more: http://www.gossip9.com/2011/12/blog-post_07.html#ixzz1fsDQO15q
Comments

Post a new comment
Comments by IntenseDebate
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද සිට වේග සිමා කඩකිරීම තහනම්
2011-12-07T23:37:00+05:30
Admiral