පහත දැක්වෙන්නේ එම ලිපියයි.
එටිසලාට් සමාගම, ආරම්භ කළ E-Book Store එක ශ්‍රී ලංකාවේ පළමු එක නොවේ. පළමු ebook store and ඒ -library එක එලිදැක්වූයේ www.pothpath.com වේ. එමෙන්ම කාවන් රත්නතුංග මහතාට අයත්, www.mahawamsa.org යනු තවත් එවැනි E-Book Store එකකි.
මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීම වෙනුවෙන් අප සකස්කළ ලිපිය අප මේ වන විට වෙනත් පුවත්පත් සදහා යොමු කොට ඇත.
www.pothpath.com වෙබ් අඩවිය අප ආරම්භ කරන ලද්දේ, 2010.10.20 දින, කොළඹ 07, ජේ.ආර්.ජයවර්ධන කේන්දූයේදීය. ජනාධිපති ජේෂ්ඨ උපදේශක, රොනී ද මැල්, කලාකීර්ති, එඩ්වින් ආරියදාස, සම්මානිත ලේඛක, දයා දිසානායක යන මහතුන් හා විද්වතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.
ලංකාවේ මුල්ම E-Book Store & Library එක මුලින්ම එලිදැක්වූයේ අපද, එටිසලාට් සමාගමද යන්න තේරුම් ගැනීම ඔබට අපහසු නොවනු ඇත. ඔවුන්ගේ මෙහෙයුම් ආරම්භ වන්නේ මේ වසරේ මාර්තු අවසානයේ වන අතර, අප එම මෙහෙයුම් අදින් වසර එකකුත් මාස හයකට පෙර ආරම්භ කොට තිබේ. ඔවුන් හා අප අතර ඇති එකම වෙනස ඔවුන් මුදල් අයකොට සිදුකරන කටයුතු සියල්ල, අප විසින් නොමිළේ සිදුකිරීමයි.
ශ්‍රී ලාංකීය පොත් E-Book ලෙස අලෙවි කිරීමේ ව්‍යාපාරයකට එටිසලාට් සමාගම එක්වීම සම්බන්ධයෙන් මමද ඔවුන්ට සුභ පතන අතර, ලේඛකයින්ගේ නන්විධ අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, ඔවුන්ට වැඩි වාසියක් අත්වන පරිදි මෙම වැඩසටහන ක්‍රීයාත්මක වනු ඇතැයි විශ්වාස කරමි. නමුත් මෙම සංකල්පය සදහා අප අත්තිවාරම් යොදන අවස්තාව වන විට etisalat සමාගම ශ්‍රී ලංකාව තුලට පිවිස හෝ නොතිබිනි. (එකළ එය පැවතියේ Tigo නමිනි.)
කරුණාකර අදාල පුවත නිවැරදි කරන ලෙසත්, අදාල පුවතට ලබාදුන් ප්‍රචාරය මෙම පුවතටද ලබාදෙන ලෙසත් කාරුනිකව ඉල්ලා සිටිමි.
උපුල් ගලප්පත්ති,
ප්‍රධාන සංස්කාරක,
www.pothpath.com
www.elibrarys.org
editor@pothpath.com