Chitika Smowtion 468x60


Tuesday, January 3, 2012

කුමාර මහත්තයාගේ බිරිඳ සහ දරුවන් අත්අඩංගුවට


ජනතා විමුක්ති පෙරමුණේ වාම ප්‍රවේශ කණ්ඩායමේ න්‍යායචාර්යවරයා වූ ප්‍රේම කුමාර ගුණරත්නම් නොහොත් කුමාර මහත්තයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ආරක්ෂක අංශ විසින් අද උදැසන කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.
එසේ අත් අඩංගුවට ගෙන ඇති කුමාර මහත්තයාගේ බිරිඳවන වෛද්‍ය චම්පා සෝමරත්න මහත්මිය ගෙන් හා දරුවන් දෙදෙනාගෙන් ආරක්ෂක අංශ මේ වනවිටත් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර සිටී.

ඕස්ටේ්‍රලියාවේ පුරවැසි භාවය ලබා ඇති කුමාර මහත්තයාගේ බිරිඳ හා දරුවන් දෙදෙනා පාසල් නිවාඩුව සඳහා ලංකාවට පැමිණ යළි ඕස්ටේ්‍රලියාව බලා යෑම සඳහා ගුවන් තොටට පැමිණි අවස්ථාවේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වෛද්‍ය සෝමරත්න මහත්මිය හා දරුවන් දෙදෙනා ලංකාවට පැමිණ ඇති බව රාජ්‍ය ඔත්තුසේවාවලට වාර්තා වීමෙන් පසු ඔවුන් කෙරෙහි සෝදිසියෙන් සිටින ලෙස ආරක්ෂක අමාත්‍යාංශ විසින් කටුනායක ගුවන් තොටුපලේ ආරක්ෂක අංශවලට දැනුම් දී තිබී ඇත.
කුමර මහත්තයා, 80 දශකයේ මුල සිටම ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර නායකයකු ලෙස ක්‍රියා කළ අයෙකි. අන්තර් බල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කඳවුම්කරුවෙකුවන රංජිතම් ගුණරත්නම් මහතා කුමාර මහතාගේ වැඩිමහල් සොහොයුරාවේ. 88-89 වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය නියෝජනය කළ රංජිතම් ගුණරත්නම් මහතා රාජ්‍ය ආරක්ෂක අංශ විසින් ඝාතනය කරනු ලැබීය.
එම තත්ත්වය යටතේ සැගවී සිට දේශපාලන කටයුතුවල නිරත වූ කුමාර මහත්තයා, 94 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ යළි ප්‍රසිද්ධ දේශපාලනයට ගෙන ඒමට විශාල කාර්යභාරයක් ඉටුකළ පුද්ගලයකි. ජනතා විමුක්ති පෙරමුණ එසේ ප්‍රසිද්ධ දේශපාලන කටයුතු කළ යුගයේදී පවා පක්ෂයේ අභ්‍යන්තරයේ සිට මොහු විශාල කාර්යභාරයක් ඉටුකළ බව වාර්තාවේ.
විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණ අතහැර ආණ්ඩුවට එක් වී පක්ෂයේ අභ්‍යන්තර නායකයින් පිළිබඳව තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දීමෙන් අනතුරුව කුමාර මහතාට විදේශගතව පක්ෂයේ කටයුතු මෙහෙයවීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අනුමැතිය දී තිබිණ.
කුමාර මහතා තම පවුලේ පිරිස සමඟ ඕස්ටේ්‍රලියාවට ගොස් ඇත්තේ ඉන් අනතුරුවය.


Source: lankanewsweb.com

Share this article with your friends