Chitika Smowtion 468x60


Saturday, April 14, 2012

ජනපතිට පුලුවන් නම් ප්‍රේම්කුමාර්ට බැරි මොකෝ? - BBC


දිමුතු ආටිගල සහ ප්‍රේම්කුමාර ගුරත්නම්ගේ අතුරුදහන් වීම පිලිබදව පසුගිය 10 වෙනිදා  බීබීසි ලෝක සේවයට අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටින්නේ එය පැහැරගෙන යමක් නොවන බවයි. එනමුත් පොලිසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශ වල පරස්පරතා ඇතිබවටද බීබීසිය කියා සිටියා.

එසේම මෙහිදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ ප්‍රේම්කුමාර ගුරත්නම් ලංකාවට පැමිණීමට වෙනත් නමක්ද භාවිතා කල ඇති බවයි. 

එහිදී බිබීසි මාධ්‍යවේදී චන්දන කිර්තිබණ්ඩාර "නමුත් දැන් රටේ ජනාධිපතිවරයාගේ නමත් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ. නමුත් ඔහු පාවිච්චි කරන්නේ මහින්ද රාජපක්ෂ කියලා. එහි වරදක් තියෙනවද ? " කියා විමසා සිටියා.


ඊට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටින්නේ "රට තුල සන්නද්ධ කණ්ඩායම් සැරිසරනවා කියලා මේ සිද්ධියෙන් විතරක් කියන්න බැහැ" කියාය. ඒවගේම මේ පැහැරගැනීම් වලට ආරක්ෂක අංශ සම්බන්ධබවට වූ කරන චෝදනාද මාධ්‍ය ප්‍රකාශවරයා ප්‍රතික්ෂේප කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා සහ බිබිසි අතර සාකච්චාවට පහතින් සවන්දෙන්න. 


  


දිමුතුගේ හා ප්‍රේම්කුමාර්ගේ කතා වල පරස්පරතා

මේ අතර මෙම පැහැරගෙන යාමේ සිද්ධිය පිලිබදව දිමුතු ආටිගල සහ ප්‍රේම්කුමාර ගුණරත්නම් ගේ අදහස් දැක්වීම් වල පරස්පරතාද දක්නට ලැබෙනවා. එසේම දශක ගණනාවක් රහසිගත දේශපාලනයේ නියුතුව සිටි ප්රෙම්කුමාර ගුණරතත්නම්ට, තමා ප්‍රසිද්ධ දේශපාලයට පැමිණෙන බව පවසා ඒ සඳහා නියමිත තිබු ඉතිරි දින දෙක ආරක්ෂිතව සිටීමට නොහැකි වුයේ ඇයිද යන පැනයද මතුවෙනවා. කියායි. කෙසේවෙතත් 11 වෙනිදා ඔස්ට්‍රේලියාවේ සිට මාධ්‍ය අමතමින් ප්‍රේම්කුමාර ගුණරත්නම් කියා සිටියේ තමන් අත්තඩංගුවට ගැනීමෙන් පසු දින 3 ක් තිස්සේ රඳවා තබා දෑස් බැඳ, අත්පා වලට මාංචු දමා වදහිංසාවට ලක්කළ බවයි.

පසුගියදා මාධ්‍යට අදහස් දැක්වූ දිමුතු ආටිගල කියා සිටියේ "මාව ගොඩක් දුර අරන් ගියා වගේ මට දැනුනා. කඳවුරකට වගේ. මට දැනුනේ එක ආරක්ෂක අංශ සම්බන්ධ තැනක් කියලා." (ඒ පිලිබදව ගොසිප් 9 පෙර වාර්තාවට සබැඳියක් පහලින් දක්වා ඇත.) එනමුත් බිබිසි යට අදහස් දැක්වූ ප්‍රේම්කුමාර ගුණරත්නම් කියා සිටින්නේ "මට ඇස් වහලා තිබුනත් දැනිච්ච විදියට ඒවා ඉතා පුංච් තැන්, ඒවා හමුදා කඳවුරු හෝ පොලිසි වල තිබුන සාමාන්‍ය රටාව ඒවගේ තිබුනේ නැහැ. දෙවැනි ස්ථානයට් ගෙනිච්චම ඒකත් පැහැදිලියි. එක්කෝ අතහැර දැමු හෝටලයක් වගේ

එහි හඬ පටයට පහලින් සවන් දෙන්න.

  






Source: http://www.gossip9.com/2012/04/bbc.html#ixzz1s0YnWLQ6

Share this article with your friends