නවක ශිෂ්‍යයින්ට ලිංගික අතවර!
විශ්වවිද්‍යාල සිසුන්ට ලබාදෙනු ලැබු නායකත්ව පුහුණුවෙන් පසු ඇතැම් සරසවි තුළ නවකවදය දැඩිව ක්‍රියාත්මක කර ඇති බවට තොරතුරු ලැබි ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.
කොමිසන් සභාව සදහන් කරන්නේ විශ්වවිද්‍යාල තුළ නවක වදය ඉහළ ගොස් ඇති බවය.
දේශපාලන යටි අරමුණු ඊට හේතු වී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණි සමරනායක මහතා පවසයි.
ඔහු පැවසුවේ ඇතැම් විශ්වවිද්‍යාලවලදී නවක ශිෂ්‍යයින්ට ලිංගික අතවර කර ඇති බවට ද තොරතුරු වාර්තා වී ඇති බවය.
මෙය ජාතික වශයෙන් පිටුදැකිය යුතු ව්‍යසනයක් බව ඔහු සදහන් කළේය.
සභාපතිවරයා පැවසුවේ මෙරට තුළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවීම් පිළිබඳව ඉතා දැඩිලෙස සාකච්ඡා කරන අවධියක මෙලෙස අමානුෂික තත්ත්වයක් පැවතීම නවක සිසුන්ට පමණක් නොව ඔවුන්ගේ ඥාතීන්ට ද විශාල ආතතියක් ඇති කරන කරුණක් බවය.
නවක සරසවි සිසුන් ආරක්ෂා කරගැනිමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව ද සභාපතිවරයා අදහස් පළ කළේය.
සභාපතිවරයා පැවසුවේ නවක සිසුන් ආරක්ෂා කිරිමට ආචාර්යවරුන් බැඳී සිටින බවය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණි සමරනායක මහතා වැඩිදුරටත් පැවසුවේ නවක සිසුන් ආරක්ෂා කිරිමට ආචාර්යවරුන් ක්‍රියා කරන්නේ නම් එය ආණ්ඩුවට කඩේ යාමක් නොවන බවය.