Chitika Smowtion 468x60


Saturday, June 30, 2012

මට අතිරේක දර්ශන සුදුසු නෑ - යුරේනි


2006 සේවිකා රූ රැජින ලෙස තේරුනු යුරේනි නොෂිකා පසුව ''කිඳුරංගනා'' ටෙලි නාට්‍යයේ සංජු විදියට කළ ප්‍රථම රංගනයට ලංකාවේ ජනප්‍රියත්වට පත්වුණා.

එම නාට්‍යයෙන් පසුව සෑහෙන කලක් ටෙලි නාට්‍යය වල නොසිටි ඇය පසුගිය කාලයේ ඉන්දියාවේ සිටි අතර ජෝන් ඒබ්‍රහම් සමග වෙළෙඳ දැන්වීමක පෙනී සිටියා.

ඊට පෙර බොලිවුන් සිනමාවේ දැනට ජනප්‍රියතම නිළියන් අතර කරීනා කපුර්,කත්‍රිනා කයිෆ් හා විද්‍යා බාලන්ට පසුව ජනප්‍රියතම නිලිය ලෙස සැළකෙන ප්‍රියංකා චොප්රා සමඟ සුළු දර්ශනයක පෙනී සිටීමට ලැබූ දැන්වීමක් යුරේනි විසින් ප්‍රතික්ෂේප කර තිබෙන්නේ තමා 2006 ලංකාවේ සේවිකා රෑ රැජින වූ බැවින් එවැනි අතිරේක දර්ශනයකට සිටිම සුදුසු නැති නිස බවයි.

ඒ පිලිබඳ වැඩිදුර අදහස් දක්වන යුරේනි 


පසුගිය කා‍ලේ හින්දි සිනමාවට එකතු වීමේ හීනය ඇතුව ලොකු කැපවීමක් කලා කියලා ආරංචියි...?
මම ඉන්දියාවේ වෙළෙඳ දැන්වීම් නිෂ්පාදන ආයතනයකට එකතු වෙලා කටයුතු කළා. ඒ රටේ සිනමාවට යන්න පහසු නැහැ. වෙළෙඳ දැන්වීම් ක්‍ෂේත්‍රය, මෝස්තර නිරූපණ ක්‍ෂේත්‍රය හරහා තමයි යන්න වෙන්නේ. ඉතින් මමත් වසර 1 1/2 ක් ඉන්දියාවේ අදාළ නිෂ්පාදන ආයතනයටවෙලා කටයුතු කළා.


කැපවීමට ප්‍රතිඵල ලැබුණාද..?
ජෝන් ඒබ්‍රහම් සහ ප්‍රියංකා චොප්රා සමග වෙළෙඳ දැන්වීම් 2 කට ආරාධනා ලැබුණා. ප්‍රියංකත් එන්න හිටපු දැන්වීමේ ප්‍රධාන නිළිය ඇය. මට තිබුණේ ''හායි'' කියල වයින් වීදුරුවක් ප්‍රියංකට දෙන්න. ඒත් 2006 ලංකාවේ සේවිකා රෑ රැජින වූ මම එවැනි අතිරේක දර්ශනයකට සිටිම සුදුසු නැහැ කියන අදහසයි මගෙ නිෂ්පාදන ආයතනයට ප්‍රකාශ කළේ. ඉතින් මම ඒ දැන්වීම ප්‍රතික්‍ෂේප කළා. ජෝන් ඒබ්‍රහම් සහ මම හිටපු දැන්වීම මට ලැබුණේ ප්‍රධාන නිළි චරිතය නිසා ඒක භාර ගත්තා.

හින්දි සිනමාවේ දොරටු විවර වුණදාට ලංකාව අමතක වෙයිද?
කවමදාවත් නැහැ. කිඳුරංගනා ටෙලි නාට්‍යයෙන් පසුව ටෙලි නාට්‍යය කිහිපයක් කරල තමයි මම ඉන්දියාවට ගියේ. හොලිවුඩ් නෙමෙයි බොලිවුඩ් චිත්‍රපට ලැබුණත් ලංකාවේ නිර්මාණවලට ඉඳහිට හෝ එකතු වනවා. ඒත් අපේ සිනමාවට වඩා බොලිවුඩය ලෝකයට විවෘතයි. ඒ සිනමාපට, නළු නිළියෝ ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වනවා. ඒකයි බොලිවුඩ් සිනමාවට යාමට උත්සහ කළේ.

ඔය හීනය ඉටුකර ගැනීමේ මූලික පියවර විදියට ද ලංකාවේ ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට එකතු වුණේ...?
නිළියක් වීමේ හීනයවත් හිතක තිබුණෙ නැහැ. පුංචි කාලෙ ඉඳන් හීන මැව්වේ නීතිඥවරියක් වීමට. 2006 සේවිකා රෑ රැජින තරගයෙන් දිනුවට පස්සේ තමයි ''කිඳුරංගනාට'' අවස්ථාව ලැබුණේ. කිඳුරංගනා කළේ ඉන්දීය කණ්ඩායමක් . ඒ අය මාව දැකපු හැටියේම කිව්වා ''ඔයාව හරියන්නේ හින්දි සිනමාවට'' කියලා. නිතර නිතර එහෙම ඇහෙනකොට දන්නෙම නැතුව ඒ අදහස හිතට කා වැදුණා.

කොහොමද ජෝන් ඒබ්‍රහම්?
නිෂ්පාදක සම්බන්ධිකාරකවරු ජෝන් ඒබ්‍රහම්ට මාව 2006 සේවිකා රෑ රැජින විදියට හඳුන්වලා දුන්නම ඔහු මට සුබ පැතුවා. හැබැයි වෘත්තීය මට්ටමින් විතරයි කතා බහ කළේ. ජෝන් ටිකක් නිහඬ පුද්ගලයෙක්.

කාන්තාවන්ගේ උන්මාදනීය සිහින කුමරා සමග රඟපෑම යුරේනිට මොනවගේ අත්දැකීමක් වුණාද..?
ජෝන් ඒබ්‍රහම් එක්ක රඟපාන්න මාව තෝර ගත්තා කියන දුරකතන පණිවුඩය ලැබුණේ පාන්දර 2 ට. ඒ වෙලාවේ ඉඳන් මට නින්ද ගියෙත් නැහැ. ඒ සතුට වැඩිකමට. ඒත් කැමරාවෙන් දැකපු ජෝන් ඒබ්‍රහම්ට වඩා සජිවීව දැකපු ජෝන් ඒබ්‍රහම් වෙනස්. මිනිසුන් හිතාගෙන ඉන්නේ හින්දි නළු නිළියන් අතිශය සුරුපී පිරිසක් විදියට.

(හිනැහී) මමත් ඉන්දියාවට යද්දි හිතුවේ එහෙම . ඒත් මම දැකපු ලස්සනම නළු නිළියෝ කියලා කියන්න තියෙන්නේ ආක්ෂය කුමාර් හා දීපිකා පදුකෝන් විතරයි. ඒ අය කැමරාවෙන් දකින රූපයටත් වැඩියේ සජීවීව ලස්සනයි. ඒත් තරු විදියට අපි ඉහළින්ම සලකන ඇතැම් අය සජීවිව දකිද්දී මට හිතුණා අපේ රටේ මීට වඩා ලස්සන නළු නිළියෝ කොයිතරම් ඉන්නවද කියලා. එහේ තාක්ෂණය දියුණුයි. ක්‍ෂේත්‍රය හරිම පුළුල්. කෙනෙකුගෙ තරු ගුණය වඩා දීප්තිමත් කරලා ඉහළම මට්ටමට ගන්න තමයි ඔවුන් කැපවෙන්නේ.

යුරේනි ආයෙම ලංකාවට ආවේ...?
මම ආවේ මගෙ නිෂ්පාදන ආයතනයත් එක්ක සම්බන්ධතාව ඇතුව මට අවස්ථාව ලැබුණම ඒ අය දන්වනව. ඒ අතර මම ලංකාවටවෙලා මෙහේ නිර්මාණවලට එකතු වනවා.

යුරේනි තවම තනියම
මගේ මව්පියන් නැතිවුණේ මට වයස 7 දි. එදා ඉඳන් මම හැඳුනේ කොන්වන්ට් එකේ. දැන් මම තනි ගෙදරක ජීවත් වනවා. මට ඒ ජීවිතේ හුරු වෙලා.
ඒ වුණත් හැමදාම තනියම ඉන්න බෑනේ...(හිනැහී) තනියම ජීවත් වෙලා පුරුදු කෙනෙකුට තවත් කෙනෙක් එක්ක යුග ජීවිතය ගෙනියන එක අභියෝගයක්. මාව හරියටම තේරුම් ගත්තු කෙනෙක් හමු වුණේ නැතිනම් ගැටලු මතුවේවි.

දැනට එහෙම කෙනෙක් හමුවෙලාම නැද්ද..?
(හිනැහී) පෙම් සබඳතා තිබිලා තියෙනවා. ඒත් දැනට නම් පෙම්වතෙක් නැහැ.










Source: http://www.gossip9.com/2012/06/blog-post_6815.html#ixzz1zDT5F011

Share this article with your friends