පූජක වරුන්ට සමාජයේ ඇති ගෞරවය තව දුරටත් තබා ගැනීමට නම් සියළු ආගම්වල පූජක වරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වීම වළකාලන සංශෝධනයක් කළ යුතු යැයි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් මන්ත්‍රී යෝජනාවක් ගෙන ඒමෙන් පසු එය විකෘති ආකාරයකින් ජාතික හෙළ උරුමයේ චීවරධාරීන් විසින් අර්ථ ගන්වමින් තිබේ. ඔවුන් පවසන්නේ එයින් භික්ෂූන්ට දේශපාලනය කිරීමේ මූලික අයිතිය උල්ලංඝනය වන බවයි. එවැන්නක් එම යෝජනාවේ සඳහන් නොවූවද කබරගොයා තලගොයා කර ගැනීමේ දක්ෂ හෙළ උරුමය එලෙස අර්ථ ගන්වයි. යොජනාවේ සඳහන් වන්නේ සියළු ආගමික පූජක වරුන් සඳහා වන බව හෝ නොසලකයි.
භික්ෂූන් කුමන දේශපාලනයක් දෙසූවද ඔවුන් බුදුරජානන් වහන්සේගේ ධර්මය අනුව ක්‍රියා කරන්නේ නම් ප්‍රථමයෙන්ම සංඝයා වෙනුවෙන් බුදුන් දෙසූ 'බහුජන හිතාය, බහුජන සුඛාය' යන පදනමින් පිට පැනිය නොහැක. මේ කාරණාව රටේ ප්‍රධාන සංඝයා වහන්සේලා දෙදෙනෙක් අද කරන ලද ප්‍රකාශ දෙකකින් ජනතාවට තේරුම් ගත හැකි වනු ඇත.
මහාචාර්ය ඛෙල්ලන්විල විමලරතන හිමියන් විසින් ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වය සඳහා වූ සංසදය මගින් 'ජාතික ප්‍රතිසංධානය සහ සමාජ සාධාරණත්වය' මැයෙන් කොළඹදී අද සංවිධානය කළ සම්මන්ත්‍රනයකදී මෙසේ පැවසූහ.
"අද බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ මේ රටේ යුද්දෙ ඉවරයි. අපි දිනුව යුද්දෙ. රටේ ප්‍රශ්න ඔක්කොම එතනින් අවසානයි කියල. මෙතන පොලොවෙ යුද්දය අවසාන කළාට මේ රටේ තියෙන ප්‍රශ්නය අවසන් කරල නැහැ කියන එක ආණ්ඩුවට රජයට නොතේරෙනවද? නැතිනම් තේරුම්ගන්න ඕනෙ කමක් නැතිද කියල මං දන්නෙ නෑ. අපේ හිත්වල තියෙන ආකල්පය අපි නැති කර ගන්න ඕනෙ. දේශපාලන විසඳුමක් දෙන්න අවුරුදු 3 ක් ගිහිල්ලත් තවම සාකච්ඡා කරනව, පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරන එක ගැන. මොකක්ද මේ රටට වෙලා තියෙන්නෙ.
රට පුරාම නැවත නැවත, නැවත නැවත, පාවිච්චි කරනව අපේ රටට පිටින් බලවේගයක් එනකොට ජාති හිතෛශී බලවේග මතක් කරල යුද්දය දිනපු ඒව ගැන කියල සිහිපත් කරනව. මේක හැමදාමත් මෙහෙම යන්න පුළුවන්ද කියල කල්පනා කරල බලන්න ඕනෙ. මේ දේශපාලනඥයො තමයි මිනිස්සු ඛෙදන්නෙ. මේ රටේ හැම දෙයක්ම දේශපාලනී කරනය වෙලා. අර 17 වෙනි සංශෝධනය තුල යම් කිසි හොඳ ප්‍රවණතාවයක් තිබුණ. 18 වෙනි සංශෝධනයෙන් ඒක එහෙම පිටින්ම ආපස්සට ගියා. ඒක ඉතාමත්ම කපටි විදිහට යොදාගත්ත වැඩ පිලිවෙලක්.
අපි ආණ'ඩුවට හරි දේ පෙන්වා දෙන්න ඕනෙ. එහෙම පෙන්වා දෙන්න පුළුවන් තත්තවයක් මේ රටේ තිඛෙනවා ද කියන එකත් එක්තරා සැකයක්. සමහරවිට කතා කරන අයට, මාධ්‍ය කරුවන්ට, ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන අයට වෙන දේවල් ගැන, වෙච්ච දේවල් ගැන අද වන තුරු පරීකෂණ පවත්වනවා යයි කියනවා. එකක්වත් අද වෙනතුරු හෙළි වෙලා නෑනෙ. අඩු ගානෙ ලසන්ත වික්‍රමතුංග මහත්තය මැරුවෙ කව්ද කියලවත්, අද වෙනකම් හොයාගෙන නෑ. එක මාධ්‍යවේදියෙකුට නම් කියල තියෙනවා. 'ඕකගෙ කකුල් දෙක කැඩුවෙ මං තමයි. කඩල එහාට යැව්වෙ මම තමයි' කියල ඇමැතිවරයෙක් කියල තියෙනවා. දැන් එහෙම ඇමැතිවරුත් තියාගෙන තමයි මේ ඉන්නෙ."
මහාචාර්ය ඛෙල්ලන්විල විමලරතන නා හිමියන්ගේ ශ්‍රී මුඛයෙහි මසුරං දැමිය යුතු තරමේ 'බහුජන හිතාය, බහුජන සුඛාය' පදනමින් කෙරෙන ඉහත දේශනාව සිදුකරද්දී 'මරා හිතාය, මරා සුඛාය' පදනමින් මිනීමරු දේසනාවක් ජාතික හෙල උරුමයේ නායක ඕමල්පේ සෝබිත නම් චන්ඩි චීවරධාරියා අද පෞද්ගලික ගුවන් විදුලියකට දෙසා බාන්නේ මෙසේය.
"උප්පැන්න සහතික කාට කාට ලිව්වත්, කවුරු කොඩිය අරන් දිව්වත්, මේ රටේ කොටි ත්‍රස්තවාදීන් සමූලඝාතනය කරන්න පෙරමුණ බල ඇණිය සකස් කෙළේ දේශපාලනයට ආ භික්ෂූන් වහන්සේලා. සිංහල බෞද්ධ දේශපාලනය තමයි භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු එව්වෙ. ඒ අය නිසා තමයි කොටි සමූලඝාතනය කෙළේ."
ඕමල්පේ සෝබිත චන්ඩියා මේ කියන්නේ ත්‍රිවිධ හමුදාව විසින් කරන ලද ක්‍රියාවන්ට තම චන්ඩි භික්ෂූන් වෙනුවෙන් උප්පැන්න ලියාගැනීමකි. බුදු රජාණන් දෙසූ සියළු සතුන්ට මෛත්‍රී කිරීම, වෙනුවට ඕමල්පේ චන්ඩියා කියන්නේ 'සමූලඝාතනය කෙළේ අපි තමයි' කියා චන්ඩි කතාවකි. මිනීමරු කතාවකි. 'සමූලඝාතනය' කළා යැයි මේකා දෙසන්නේ කෙළෙස් නොවේ. ප්‍රාණීන්ය. මෙය බුද්ධ පුත්‍රයෙකුට කොතරම් ගැලපේද?
'සමූලඝාතනය' ගැන ඕමල්පේ කියන්නේ අද වැනි දිනක බැවින් එයද ඉතා වැදගත්ය. මන්ද යත් මීට වසර 25 කට පෙර අරන්තලාවේදී ඔහු කියන කොටි ත්‍රස්තවාදීන් විසින් සාමනේර භික්ෂූන් 42 ක් සමූලඝාතනය කෙළේ 1987 අද වැනි දිනකය. 1987 ජූනි දෙවන දාය. එම ඝාතනය සම්බන්ධයෙන් අම්පාර කොට්ඨාශ පොලිස් බුද්ධි ඒකකයේ වාර්තාවේ මෙසේ සඳහන් වේ. "මෙම ඝාතනයන් එල්ටීටීඊයේ සන්නද්ධ නායක කරුණා අම්මාන්ගේ මෙහෙයවීම මත එල්ටීටීඊයේ චාල්ස් ඇන්තනී බලකාය විසින් සිදු කළ බවට සියළු තොරතුරු තිබේ." මෙහි දී එක් ස්වාමීන් වහන්සේ නමක් දිවි බේරා ගත් අතර හෙතෙම දී ඇති කට උත්තරයේ දැක්වෙන්නේ ඝාතකයන් තමන්ට හඳුනා ගත හැකි බවයි. 'ඕමල්පේ සෝබිත චන්ඩියා' මේ ගැන අද මුඛ පූට්ටු කරගෙන ඉන්නේ ඇයි? මේ තරම් සිංහල බෞද්ධ කම ගැන කැක්කුමක් තිබේනම් සමූලඝාතනය කළ තම සාමනේර වරුන්ට වසර 25 කට පසුව හෝ යුක්තිය ඉෂ්ඨ කරන්නට ඉදිරියට නොඑන්නේ ඇයි? 'බහුජන හිතාය, බහුජන සුඛාය' නම් එය නොවේද? ඕමල්පේ සෝබිත යනු කාලකන්නි කහකඩයෙක් ලෙස හැඳින්වීම වරදක්ද?
සිද්ධාර්ථයන් උපතින්ම රජ කුමරෙකි. බුද්ධත්වය ලැබීමෙන් පසු යළි කිඹුල්වත් පුරයට පැමිණ සුද්ධෝදන පියරජුගෙන් රජකම රැගෙන බෞද්ධ රාජ්‍යය ගොඩනගන්නට බුදුන් වහන්සේට අපූරුවට පුළුවන් කම තිබියදී දේශපාලනය නොකර 'බහුජන හිතාය, බහුජන සුඛාය' යන පදනමින් ලෝකෝත්තර සත්‍යයක් සඳහා ජනතාව යොමු කෙළේ ඇයි ද? යන්නට මේ ජාතික හෙළ උරුමයේ මිනීමරු බණ දෙසන දේසපාලූ කහකඩයින් පිළිතුරු දිය යුතුය.
මාරණ්ඩුවේ සූදු පනත අත් ඔසවා අනුමත කළ, අරලියගහ මන්දිරයේදී මත්පැන් පානය අනුමත කළ, එස්ටීඑෆ් යොදවා නිදන් හෑරීම අනුමත කළ ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝබිත අඳනකඩය පිටින් ඔලූවෙන් හිටගෙන 'මරා හිතාය, මරා සුඛාය' කියමින් යන තුච්ඡ කහකඩ ගමන මේ රටේ සැබෑ බෞද්ධයන් අලූයම ලු කෙළ පිඩ සේ පිළිකුල් කර ඉවත දැමිය යුතුය.

Source - http://www.facebook.com/lankaenews