Chitika Smowtion 468x60


Monday, July 16, 2012

හේත්තු වෙන්න ගොස් කයි !


පිටකොටුවෙන් රාත‍්‍රී 8.30ට පමණ ගමන් අරඹා ඉංගිරිය බලා ධාවනනය වූ ලංගම බස් රියකි. කිරුළපනින් බසයට ගොඩවූ කාන්තාවක් වාඩිවී සිටියේ බසයේ මැද හරියේ අසුනකය. ඇගේ උරහිසට හොඳ හැටි හේත්තුවී සිටගෙන සිටි තරුණයකු ඇඳ සිටියේ කොට කලිසමක් සහ සුදු පැහැ ටී ෂර්ටයකි. කාන්තාවගේ උරහිසට තරුණයාගේ තද වීම එන්ට එන්ටම වැඩිවිය. සෙනග වැඩි කම නිසා එසේ වෙතියි ඉවසා දරා සිටි කාන්තාව මදක් හැරී බැලීමේදී දුටු දර්ශනයෙන් ඇයගේ කෝපය ඉහ වහා ගියාය.

විගසින් අසුනෙන් නැගිට ගත් ඇය තරුණයාගේ කම්මුල් දෙකටම සට පට ගාමින් පහර එල්ල කරන්නට වුයේ භාෂාවේ ඇති හැම වචනයක්ම මනාලෙස හසුරුවමිනි.
”අද හොඳ වෙලාවට මගෙ බෑගයේ පිහිය නැහැ. ඒක තිබුණ නං අද උඹට යන්නෙ වෙන්නේ ශරීරයේ එක අංගයක් නැතුවයි” ඇය පැවසුවේ බසයේ සිටි සෙසු මගීන්ට සිදුවී ඇති දෙය වටහා ගැනීමට ඉඩ සලසමිනි.
හොඳ හැටි කම්මුල් රතු කැරගත් තරුණයා සමාවෙන්න යැයි කියමින් හෙමිහිට ලිස්සා ගියේය.
අවලං වැඩ කරනවාට හොඳ පාඩමක් යැයි බසයේ සිටි මගීහු පැවසූහ.

Share this article with your friends