Chitika Smowtion 468x60


Friday, July 27, 2012

Z ස්කෝර් අවුල නිසා සිසුවියක් වස බොයි

පසුගියදා නිකුත්වූ උසස් පෙළ ප්‍රථිපලයත්, දෙතුන් වතාවක් නිවැරදි කරන ලද z-ස්කෝර් අගයත් නිසා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේත්, අධ්‍යාපන ඇමති ඇතුළු අනෙකුත් අමනෝඥ නිළධාරීන්ගේත් නිරුවත රටට හෙළි වුණා.

දහස් ගනනක් ළමයින්ගේ අනාගතය ඔට්ටුවට තබමින් බූරුවා ගසන අමාත්‍ය එස්.බී දිසානායකගේත්, අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේත් නොහැකියාව පිළිබඳව දැඩි අප්‍රසාදයක් රට තුළ ඇතිවී තිබියදීත් තවමත් ඔවුන් එම තනතුරු දැරීම ලැජ්ජා සහගත සිදුවීමකි.

අන්තර්ජාලයෙන් දුටු ප්‍රතිඵල අනුව සිසුවෙක් විභාගයෙන් තමා සමත්ව ඇති බව ඔහුගේ හිත මිතුරන්ට හා නෑහිතවතුන්ට ඉතාමත් සතුටින් පැවසීමෙන් පසුව ගෙදරට තැපෑලෙන් එවන ලද විභාග සටහන කියවා බැලීමෙන් හීන සියලම බොඳවී ගිය නිසා සිරුරට ගිනි තබා ගත් පුවතක් මීට පෙර අප ඔබට ගෙන ආවා.

ඊට සමාන සියදිවි හානිකරගැනීමට උත්සාහ කිරීමේ පුවතක් ඊයේ දෙහිඅත්තකණ්‌ඩිය සඳමඩුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

අධිකරණ තීන්දුවෙන් පසු පසුගියදා නැවත නිකුත් කරන ලද ප්‍රතිඵලය අනුව තමන්ගේ ඉසෙඩ් ස්‌කෝර් අගය අඩුවීමේ හේතුවෙන් ඇති වූ සිත්තැවුලෙන් ශිෂ්‍යාවක් ඊයේ වස පානය කර තිබෙනවා.

වස පානය කළ සිසුවිය ඊයේ (26 වැනිදා) රාත්‍රී දෙහිඅත්තකණ්‌ඩිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. එම රෝහලේ වෛද්‍ය අධිකාරි චන්දන වීරපන්න මහතා පවසන්නේ සිසුවියගේ තත්ත්වය බරපතළ නොවන බවයි.








Source: http://www.gossip9.com/2012/07/z.html#ixzz21oWZAfD7

Share this article with your friends