Chitika Smowtion 468x60


Friday, August 31, 2012

කපිලවස්තු ධාතූන් සැරියුත් මුගලන්ගේ - රනිල්


බුදුන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු සිදුකළ ආදාහන පූජෝත්සවයේදී උන්වහන්සේගේ දේහයේ ධාතූන්වහන්සේලා කොටස් 8කට බෙදා දෙනු ලැබුවා .

මහා පරිනිර්වාණ සූත්‍රයට අනුව ඒවාට උරුමකම් කියූවේ අජාත ශාස්තෲ, ලිජ්ජවී රජුන්, කපිලවස්තුපුර ශාක්‍ය රජුන්, අල්ලකප්පරට වාසීන්, බූලි රජු, කෝලිය රජු, චේතදීපක බමුණා හා පාවා නුවර මල්ල රජුන්ය.

කපිලවස්තු ධාතූන් ලෙස සැලකෙන්නේ එදා ශාක්‍යයන් වෙත බෙදා දුන් ධාතූන්ය.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අද කන්තලේ පවති දේශපාලන රැස්වීමකදී පැවසුවේ කපිලවස්තු ධාතූන් යනු සැරියුත් මුගලන්ගේ ධාතූන් බවයි.

එම වීඩියෝව පහතින්.




1898 වර්ෂයේ පුරාවිද්‍යා ගවේශණයකදී වර්තමානයේ බිහාර් ප්‍රදේශයේ වූ ස්ථූපයක නටඹුන් ආශ්‍රිතව සිදුකළ ගවේශණයකින් කපිලවස්තු ධාතූන්වහන්සේලා සොයාගැනුණා. වර්තමානයේ බිහාර් හි පිප්රාහ්වා ප්‍රදේශය අතීතයේ හඳුන්වා ඇත්තේ කපිලවස්තු පුරවරය නමිනි.

පසුගියදා දෙවන වරට ලංකාවට ගෙන්වනු ලැබු මෙම ධාතූන් වහන්සේලා මීට පෙර ලංකාවට ගෙන්වනු ලැබුවේ 1978 වර්ෂයේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේදීය.
















Source: http://www.gossip9.com/2012/08/blog-post_5525.html#ixzz258sPwWWq

Share this article with your friends