Chitika Smowtion 468x60


Friday, September 21, 2012

2012 වසරේ විදුලිබල මණ්ඩලයේ පාඩුව මිලියන 30,900 යි - චම්පික


ඊයේ පාර්ලිමේන්තුවේදී විදුලි බල ඇමති චම්පික රණවක මහතා විසින් විදුලිබල මණ්ඩලය ලැබූ පාඩුව ගැන සඳහන් කළා.

ඒ අනුව 2011 හා 2012 වර්ෂ වලදී විදුලිබල මණ්ඩලය ලැබූ පාඩුව මෙසේය.

2011 වසරේ පාඩුව මිලියන 19,200
2012 වසරේ පාඩුව මිලියන 30,900

ජල විදුලි නිෂ්පාදනය විශාල ලෙස අඩාලව තිබිම නිසා තාප විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට යැමෙන් ලංකා විදුලිබල මණ්‌ඩලයේ දෛනික සිදුවන පාඩුව රුපියල් මිලියන 130 සිට මිලියන 200 දක්‌වා වැඩි වී තිබෙනවා.

මේ පිළිබඳ විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පසුගිය ජූනි 25 වැනිදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ විදුලිබල මණ්‌ඩලයේ මාසික පාඩුව රුපියල් මිලියන 6,000 දක්‌වා වැඩි වී ඇති බවයි.

කෙසේවුවද 2000 සිට 2009 දක්වා වසර 9ක විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් මිලියන 116,950කි

2011 මාර්තු 10 වනදා ඇමති චම්පික රණවක අමාත්‍යවරයා ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වා පවසුවේ "පසුගිය දස වසරක කාලය තුළ ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 115 ක අලාභයක් සිදුවූ නමුත් 2010 වසරේ දී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන 5,062 ක ලාබයක් ලබා ඇති බවයි"

එම කතාවට ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්තට අසූ හාරදාහට තද වී තිබූ අතර ඔහුත් පුවත්පත් සාකච්ජාවක් පවත්වමින් පැවසුවේ "දැවිතෙල් ලීටරයක්‌ රුපියල් 81 ක්‌ වුවද ලංකා විදුලිබල මණ්‌ඩලයට දැවි තෙල් ලීටරයක්‌ රුපියල් 40කට ලබාදීමට සිදුව තිබෙන නිසා දැවිතෙල් ලීටරයකින් 50% පාඩුවක්‌ ඛනිජ තෙල් අමාත්‍යාංශයට වන බවයි". අනතුරුව චම්පික රණවක නිෂ්ශබ්ධ විය.

2011 හා 2012 වසර වලදී ලැබූ පාඩුව පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසූ කතාව පහතින්.








Source: http://www.gossip9.com/2012/09/2012-30900.html#ixzz27CyPnJyW

Share this article with your friends