ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ ඩලස්ට සාමාන්‍ය දෙයක්ලු!
ලංකාව පුරා දිනෙන් දින වර්ධනය වෙමින්
පවතින ස්ත්‍රී දූෂණ හා ළමා අපයෝජන පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු
නොවන බවත් එය සාමාන්‍ය දෙයක් බවත් තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය ඩලස්
අලහප්පෙරුම මහතා පවසයි.
පසුගිය 22 වන දා කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මෙසේ පවසන්නට යෙදිණ. රාජපක්ෂ පාලන කාලය තුළ පමණක් නොව එජාප පාලන කාලය තුළත් එජාප දේශපාලඥයන් විසින් ද ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ සිදු කළ බව ඩලස් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

බියගම ආසනයේ එජාප සංවිධායකයෙකු පසුගිය
එජාප පාලන සමයේ ළමා අපචාරයක් සිදු කළ බවත් රනිල් වික්‍රමසිංහ මහතා තම
දේශපාලන බලය යොදවා එම සංවිධායකවරයාව නීතියේ රැහැනින් මුදා ගත් බව ඇමතිවරයා
පැහැදිලි කලේය. මේ අනුව අද තත්වය සුවිශේෂී නොවන බවට කරුණු ගෙනහැර දැක්වීය.
කෙසේ වුව ද අප වෙත වාර්තා වන තොරතුරුවලට
අනුව ඩලස් ඇමතිවරයාගේ රහස්‍ය ජීවිතය හෙලිදරව් කරන රහස් වීඩියෝ පටයක්
ජනාධිපතිවරයා වෙත ලබා දීමට සන්ධානයේ තරුණ දේශපාලඥයෙකු මේ දිනවල කටයුතු
කරමින් සිටී. ඒ පිළිබඳව හෝඩුවාවක් දැන ගැනීම නිසා මහත් කලබලයට පත්වී සිටින
ඩලස් ඇමතිවරයා එවැනි සිද්ධීන් සාමාන්‍ය දෙයක් බවට හුවා දැක්වීමට කටයුතු
කරමින් සිටින බව වාර්තා වේ.