Chitika Smowtion 468x60


Tuesday, September 18, 2012

මර්වින්ගේ බලපෑම් හමුවේ මේජර් බලුකුක්කෙක් වෙයි

අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාගෙන් හා රෙජාන් විජේරත්න යන ඇමති පුතුන් දෙදෙනාගෙන් පසුගියදා ඔලුව පැලෙනකම් ගුටිකා දින ගනනක් රෝහල්ගතව සිටි බුද්ධි අංශ මේජර්වරයා විසින් අමාත්‍ය මර්වින් සිල්වාගේ බලපෑම් හමුවේ සිය සටන අත්හැර දමා තිබෙනවා.

මෙතෙක් දවසක් රෝහල්ගතව සිටි ප්‍රදීප් සුසේන නම් එම යුධ හමුදා මේජර්වරයා අද දිවුරුම් පෙත්සමක් 
මඟින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙන්නේ මාලක සිල්වා හා රෙහාන් විජේරත්න තමන්ට පහර නොදුන් බවයි.


ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්වූ පොලිස්පතිම මාලක සිල්වා මේජර් වරයාට පහරදෙන අයුරු කැමරා 13ක සටහන්ව ඇති බව පවසද්දී, මර්වින් සිල්වාගේ බලපෑම් හමුවේ ගස් බැඳීමට ලක්වූ සමෘද්ධි නිළධාරියා තමන්ම තමන් බැඳගත්තායැයි කියූ කතාවට මෙම කතාව නොදෙවෙනි වන්නේ මේජර් වරයා විසින් තමන්ටම ඔලුව පැලෙනකම් ගුටි ඇනගත්තා යැයි නොකිව් නිසාය.

මාලක සිල්වා හා රෙජාන් 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකොට තිබෙන අතර පහරදීමට සම්බන්ධ අනෙක් පස්දෙනා ලබන පලවෙනිදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට තැබීමට නියමිතව තිබුණා.

මේ අනුව මාලක සිල්වා හා රෙහාන් මෙම නඩුවෙන් නිදොස්කරුවන් වන අතර අනෙක් පස්දෙනා ඇතැම්විට වරදකරුවන් වීමට පුළුවන.

පිස්තෝලයක් ලඟ තබාගන සිටි බුද්ධි අංශයේ හමුදා මේජර් වරයෙකුටත් ඔලුව පැලෙනකම් පහරදී මෙලෙස බේරෙන මාලක සිල්වාට රටේ ඕනෑම නිරායුධ පුද්ගලයෙකුට අඬු කැඩෙනකම් පහරදී බේරී සිටිය හැකි බවට මෙය හොඳ උදාහරණයකි.






Source: http://www.gossip9.com/2012/09/blog-post_3444.html#ixzz27CjlDUEe

Share this article with your friends