Chitika Smowtion 468x60


Monday, October 1, 2012

නව ගෙඹි විශේෂයක් ලංකාවෙන් සොයාගනී


රත්නපුර දිස්ත්‍රික්කයේ ගිලීමලේ රක්ෂිතයෙන් නව ගස් ගෙම්බන් විශේෂයක් සොයාගැනීමත් සමඟ ලෝකයේ සත්ත්ව විශේෂ අතරට නව සත්ත්වයෙකු එක්වී හිබෙනවා.

"Polypedates Tschudi" යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම ගෙඹි විශේෂය පිළිබඳව ලෝ ප්‍රකට සඟරාවක් මඟින් අනාවරණය කර තිබෙන්නේ පසුගිය 26වනදාය.

මේ පිළිබඳව පර්යේෂණ කර ලෝකයට අනාවරණය කළේ ප්‍රකට උරග හා උභයජීවී විද්‍යාඥයෙකු වන එල්.ජේ. මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා හා දිවංගත පරිසරවේදී ආචාර්ය අමිත් මුනින්දාස හා පෘතුවිරාජ් ප්‍රනාන්දු යන පර්යේෂකයින් විසිනි.

පරිසරය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරමින් සිටියදී හදිසියේ වියෝවූ වෛද්‍ය සංජීව රංවැල්ල මහතාය ගෞරව දැක්වීමක් ලෙස මෙම ගෙඹි විශේෂය නම් කර ඇත්තේ "රංවැල්ලගේ අඟ ගස් ගෙම්බා" ලෙසයි.

2005 වසරේ ඔහු සමඟ ගිලීමලේ රක්ෂිතයට ගිය කණ්ඩායමකට මෙම සත්ත්වයා ඇස ගැටී තිබුනේ අහම්බෙනි.

උස ගස්මුදුන් ආශිතව වාසය කරන මෙම ගෙඹි විශේෂය මේ මාසයේදී ඇස්මට්ටමින් දැකිය හැකි වන අතර ලලාට අස්ථි හා හනුවේ ඇති අඟාකාර නෙරීම් 6ක් මෙම ගෙඹි විශේෂය හඳුනාගැනීමේ මූලික ලක්ෂණ බව පර්යේෂකයින් පවසනවා..

රංවැල්ලගේ අඟ ගස්ගෙම්බා වාසය කරන්නේ දැනට ලෝකයෙන්ම වර්ග කිලෝමීටර් 5ක ප්‍රදේශයක පමණි. මෙම උභයජීවී විශේෂය ගිලීමලේ වන රක්ෂිතයේ සිදුවන මහා පරිමාණ වනාන්තර විනාශයත් සමඟ වඳවීයාමේ තර්ජනයකටද මුහුනපා සිටී.

මේ පිළිබඳව පලවූ සඟරාවට මෙතනින්.




මේ පිළිබඳව වීඩියෝව පහතින්.







Source: http://www.gossip9.com/2012/09/blog-post_5145.html#ixzz27tIJ3BwD

Share this article with your friends