බදුල්ල, හල්දුම්මුල්ල සොරගුණේ වනාන්තරය මැද කාමර 2,000කින් යුත් හෝටලයක් හා ගොල්ෆ් පිටියක ඉදිල්කිරීම් මේ වනවිට ආරම්භවී තිබෙනවා.මෙම හෝටලයේ හා ගොල්ෆ් පිටියේ ඉදිකිරීම් 2011 වසරේ අවසන් බාගයේ ආරම්භ කිරීමට සූදානම් කර තිබූ නමුත් වේලි ඔය ව්‍යාපාරයේ ගොවීන් හා පරිසරවේදීන්ගේ දැඩි විරෝධය හේතුවෙන් නවතා දමා තිබුණා.
වසරකට වැඩි කාලයක් නවතා දමා තිබූ එම "බෙරගල ගොල්ෆ් රිසෝර්ට්" (Beragala Golf Resort) ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා වනාන්තරය මැදින් යෝජිත හෝටලයේ වැඩබිම තෙක් මාර්ගයක් ඉදිකරමින් සිටින බව පරිසර හා සොබාදම් අධ්‍යන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසනවා.
බුරුත, නෙල්ලි, අරළු, බුළු, කහට හා ගම්මාළු වැනි ඉතා වටිනා ශාකද ඌව මැන්ඩොරා නැමති මෙම ප‍්‍රදේශයට පමණක් සීමා වූ ඉතා දුර්ලබ ශාක විශේෂද මෙම පරිසර පද්ධතිය තුළ දැකගත හැකිය.
යල මහ දෙකන්නයේ මඩ කුඹුරු අක්කර 4,000කට අධික ප්‍රමාණයක්ද, ගොඩ ඉඩම් අක්කර 4,000ක් පමණද අස්වද්දනු ලබන්නේ වේලිඔය ගොවි ව්‍යාපාරය යටතේය. ඒ සඳහා ප්‍රධාන වැව් 25ක් පෝෂකය කරන ජල මාර්ග සියල්ලේම පෝෂක ප්‍රදේශය වන්නේ මෙම සොරගුණේ වනාන්තරයයි.
එම ජල පෝෂක ප්‍රදේශ විනාශ වී යාම යනු අවට ගම්මාන 35ක පමණ ජනතාවගේ ආර්ථික, සාමාජීය සහ සංස්කෘතික ජීවන රටාවන් අවධානමට ලක්වීමකි.
Source - http://www.gossip9.com/2013/01/2000.html


