Chitika Smowtion 468x60


Tuesday, January 8, 2013

ආදාහන, ඔප්පු, උප්පැන්න හා මරණ සහතික ගාස්තුත් වැඩි කෙරේ

මාසික ආදායම 50,000 වැඩි නම් 2%ක බද්දක්

මෙතෙක් කලක් අය කළ විවාහ ලියපදිංචි කිරීමේ ගාස්තුව වැඩි කල පුවතක් මීට පෙර අප ඔබට ගෙන ආවා.

එමෙන්ම මල සිරුරක් ආදාහනය කිරීමේ ගාස්තුවද රු. 2,000 කින් වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.


එමෙන්ම උපතේ සිට විපත දක්වාත්, භුමියේ හිමිකම් පිලිබඳ ඔප්පු තිරප්පු වල පිටපතක් ලබාගැනීමේදීත් තිබූ නොමිලේ සැපයූ හා අඩු මුදලට සැපයූ සේවාද ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා 100%කටත් වඩා ගාස්තු අය කෙරෙන අතර මෙතෙක් කලක් නොමිලේ ඔප්පුවක් ලියාපදිංචි කිරීමට අවශාව තිබූ නමුත් පසුගියදා සිට ඒ සඳහා රු. 100/-ක් අය කෙරේ.

ඉඩමක් සම්බන්ධයෙන් ගැටලුවක් මතුවූ විට කේවියට් තහනම් නියෝගයක් වසර දෙකක් බලපාන ලෙස නිකුත් කිරීමට මෙතෙක් කලක් අය කල රු. 12.50 වෙනුවට රු. 2,500ක් මෙතැන් පටන් අය කෙරේ.

ඇටෝනි බලය පැවරීම සඳහා මෙතෙක් කලක් අය කල රු. 3.75 වෙනුවට රු. 1,500ක් අය කෙරේ.

ඔප්පුවක පිටපතක් ලබාගැනීම සඳහා මෙතෙක් අය කළ රු. 102.50 ක මුදල රු. 500 දක්වා වැඩි කර තිබේ.

උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපතක් සඳහා දැනට අය කෙරෙන රු. 25ක ගාස්තුවද රු. 100 දක්වා වැඩි කර ඇත.

මෙම වැඩිවීම් සම්බන්ධයෙන් සියලුම රෙජිස්ටාර් වරුන්ට මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරුන්ටද දැනුම්දී ඇති බවයි රෙජිස්ට්‍රාර් ජෙනරාල ඊ.එම් ගුණසේකර් මහතා පවසන්නේ.

මාසික ආදායම 50,000 වැඩි නම් 2% බද්දක්

මසකට රුපියල් 50,000ත් 100,000 ත් අතර මාසික ආදායමක් ලබන පුද්ගලයෙකු 2%ක බද්ධක් ගෙවිය යුතු බව මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා පවසනවා. පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවේය. 




Source - http://www.gossip9.com/2013/01/blog-post_7.html

Share this article with your friends