Chitika Smowtion 468x60


Thursday, January 5, 2012

නැනෝ වලටත් වඩා මිල අඩු මෝටර් රථයක් බජාජ් වෙතින්




ත්‍රි රෝද රථ හා යතුරු පැදි නිපදවීමට සුප්‍රසිද්ධ ඉන්දීය බජාජ් සමාගම RE60 නමින් ටාටා නැනෝ රථයටත් වඩා මිල අඩු මෝටර් රථයක් නිපදවා තිබේ.


මේ පිළිබඳව අදහස් දක්වමින් බජාජ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රාහුල් බජාජ් පවසා තිබෙන්නේ මෙය මෝටර් රථයක් ලෙස හඳුන්වනවාට වඩා රෝද හතරේ වාහනයක් ලෙස හැඳින්වීමට තමා කැමති බවයි.



ටාටා නැනෝ මෝටර් රථය ඉලක්ක කර තිබෙන වෙළඳ පොළම මෙම රථයේද ඉලක්කය වන අතර යා හැකි උපරිම වේගය පැයකට කිලෝ මීටර් 70 කි.
මෙම රථයේ වාණිජ නිෂ්පාදන කටයුතු තවත් මාස කිහිපයකින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඡායාරූපයේ දැක්වෙන්නේ මෙම රථයයි.




Share this article with your friends