Chitika Smowtion 468x60


Saturday, January 7, 2012

සරත් ෆොන්සේකාට සමාව දිය යුතුයි - විමල් විරවංශ


ෆොන්සේකා ජනාධිපති උනානම් පැය 24 ක් යන්න කලින් මාව මරලා  

හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතාට සමාව දීමට කාලය පැමිණ ඇති බව විමල් විරවංශ මහතා අද ලක්බිම පුවත්පතට ප්‍රකාශකොට තිබෙනවා.

සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම පිලිබඳ විමල් විරවංශ අමාත්‍යවරයාගේ අදහස් පහතින් බලන්න

සරත් ෆොන්සේකා මහත්ම
යාට සමාව දීමක් ගැන මේ දිනවල කතා බහක් ඇතිවෙලා තියෙනවා.මේ පිලිබඳ ඔබේ අදහස කුමක්ද? 

ඒ පිලිබඳ සාකච්චා පැවැත්වෙනවා කියලා කියනවා නමුත් මම ඒ ගැන නම් දන්නේ නැහැ.නමුත් මගේ අදහසනම් සරත් ෆොන්සේකා මහත්මයාට සමාව දිය යුතුයි.



ජනාධිපතිතුමා ඒ වෛරය හිතේ තියන් ඉන්න කෙනෙක් නෙවෙයි.ඒ නිසා ඔහුට සමාව දීමට දැන් ඔහුට හොඳ කාලය ඇවිත්.

මම එහෙම කියන්නේ ඔහු ගැන තියෙන අනුකම්පාවකින් නෙවෙයි.ඔහු බැරිවෙලාවත් මේ රටේ ජනාධිපතිවුනා නම් පලවෙනි පැය 24 තුල මමත් ඔහුගේ හමුදා අනු කණ්ඩායමෙන් මරණයට පත්වෙනවා.

ඒ ගැන අනුර කුමාර දිසානායක මහතා පැහැදිලිවම දන්නවා කියල මම වගකීමෙන් කියනවා.ඒ නිසා යුද්ධය දිනා දුන් සේනාපතියා නිසා නෙවෙයි මම ඔහුට සමාව දිය යුතුයි කියල කියන්නේ .

අද නිදහසේ සැරිසරන අනෝමා ෆොන්සේකා මහත්මිය නැවත නිවාස අඩස්සියට පත්වනවා.

රනිල් වික්‍රමසිංහට මේ රටේ තවත් හතුරෙක් බිහිවනවා.ඒ වගේම ටිරාන් අලස්ලා එක්ක තියෙන සම්බන්ධකම් වැඩිකල් තියෙන්නේ නැහැ.

ඔහු හමුදා සංස්කෘතිය ඇතුලේ හදුනා කෙනෙක්.ඔහුට සාමන්‍යය ජිවිතේ පුරුදු නැහැ.වසර 3-4 යනවිට ඔහු වටා ඉන්න අය හතුරෝ බවට පත්වෙනවා.

මම කියන්නේ එකට ඉඩ දෙන්න ඕන. එතකොට විපක්ෂයේ තවත් අලකලංචි සිදුවනවා.මම කියන්නේ දේශපාලන අයිතිය සමග ජනාධිපතිතුමා ඔහුට සමාව ලාබා දිය යුතුයි.






Read more: http://www.gossip9.com/2012/01/blog-post_05.html#ixzz1iiCDixwO

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Share this article with your friends