Chitika Smowtion 468x60


Friday, January 13, 2012

කොළඹ CCTV කැමරා පද්ධතිය වැඩිදියුණු වන අයුරු


දැනට කොළොඹ නගරයේ සංවෘත පරිපථ රුපවාහිනී කැමරා හෙවත් CCTV  කැමරා 120 ක් පමණ සවිකොට ඇති අතර ඒවා නිරීක්ෂණය කිරීමට මෙහෙයුම් මැදිරියක්ද තනා ඇත.

එම කැමරා පද්ධතිය සඳහා ANPR (Automatic Number Plate Recognition ) තාක්ෂණය හා AFR (Automatic Face  Recognition ) තාක්ෂණය යොදා ඉදිරියේදී වැඩිදියුණු කිරීමට නියමිතයි. 

ANPR තාක්ෂණය ඔස්සේ මීටර් 30 ක දුරකින්, පැයට කිලෝමීටර් 110 ක වේගයෙන් එන වාහනයක අංක තහඩුව හදුනාගෙන මතකයේ තැන්පත්කර ගැනීමට හැකියාවක් පවතිනවා.

එමගින් අපරාධ හෝ මාර්ග නීති කඩකරන පුද්ගලයන් පහසුවෙන් හදුනාගැනීමට හැකිවනවා.

AFR  තාක්ෂණය ඔස්සේ මිනිස් මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණයක් මෙම කැමරාවලට ඇතුලත්කරන අතර එමගින් මුහුණේ ජ්‍යාමිතික හැඩය හදුනාගෙන එය කේතයක් ලෙස මතකයේ තැන්පත්කර ගැනීමට හැකියාවක් පවතිනවා.

මෙම පද්ධතිය අපරාධ විමර්ශන අංශය ත්‍රස්තවාදී විමර්ශන අංශය හා අපරාධ දත්ත ගබඩා අංශ වලට සම්බන්ධ කිරීමට නියමිත අතර ඒ සඳහා කැපවුණු ජංගම රථයක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.




Source: http://www.gossip9.com/2012/01/cctv.html#ixzz1jMU1Dzki

Share this article with your friends