Chitika Smowtion 468x60


Friday, January 13, 2012

ඔබට‍ මෙම අනුවේදනීය ජායාරූපය මතකද?


ඔබට‍ මෙම අනුවේදනීය ජායාරූපය මතකද?
මේ ගවදෙන දැන් කොහෙද?
මෙම ජායාරුපය මිට වසර ගණනාවකට පෙර දෙමටගොඩ ගව ඝාතකාගාරයේදී ගන්නා ලද්දකි.මෙහි දැක්වෙන්නේ එම අවස්ථාවේදී මස් පිණිස මරණයට කැපව සිටි ගව දෙනකි.මේ අවස්ථාවේදී අයගේ කුසයේ පැටවෙකුද සිටිබව දැන ගන්නට ලැබේ.

නමුත් පුජ්‍ය අහංගම ආනන්ද හිමියන්ගේ මැදිහත් වීම මත ඇයට ජිවත් වීමට ඉඩ ලැබුණි. ඉහත ජායාරුපයේ දැක්වෙන්නේ එම ගවදෙන තමාව මරණයෙන් බේරාගනු ලැබූ එම හිමියන්ට කදුළු සළන දෙනතින් යුක්තව දනනමා නමස්කාර කරන අන්දමය. එය වසර හතරකට පමණ පෙර සිදුවූ සිද්දියකි.


දැන් අප ඔබට කියන්නට යන්නේ මෙහි වර්තමාන කතන්දරයයි.

ආනන්දහිමියන් මේ වනවිට මරණයට කැපවූ ගවයන් දහස් ගණනක් බේරාගෙන ඇත.එමනිසා උන්වහන්සේට මේ ගවදෙන පිලිබදව මතකයෙන් බැහැරව ගොස් තිබුණි.


කෙසේ වෙතත් මිට මාස කිහිපයකට පෙර මේ ජයාරුපය පිලිබදව නැවතත් ජනමාධ්‍ය වල අවධානය යොමු වීම සමගම “ මේ ගවදෙන දැන් කොහෙද ? " යන ගැටලුව බොහෝදෙනාට නැගුනාට කිසිදු සැකයක් නැත.
ආනන්ද හිමියන්ට මෙම ගවදෙන බුලත්කොහුපිටිය ප්‍රදේශයේ තැනැත්තෙකුට හදා ගැනීම සදහා දුන් බවට මතක තිබුණි.එ අනුව එම ප්‍රදේශයේ කාරුණික මහත්වරුන්ගේ මාස ගණනක මහත් කැපවීමකින් පසුව මෙම ගවදෙන එම ප්‍රදේශයේ තැනැත්තෙකුගේ නිවසේ සිටනා බවට දැන ගන්නට ලැබුණි.

දැන් ඇය තිදරු මවක්

ඉන්පසු පසුගිය දිනක ආනන්ද හිමියන් සිය හිතවතුන් කිහිපදෙනෙකුද සමගද එ නිවස කරා වැඩමකලේ මේ ගවදෙනගේ වර්තමාන තත්ත්වය සියසින් දැක ගැනීමටය.එම නිවසට වැඩමකල හිමියන්ට දැන ගැනීමට ලැබුනේ එම ගවදෙන මේ වනවිට තිදරු මවක බවටය. ඇයට පැටියන් තිදෙනෙකු සිටින අතර ඇගේ තෙවැනි පැටවාට වයස සති තුනකි.



ඇය සිය තෙවනි දරුවා සමග

කවදාවත් ආයේ අර වාගේ ඉරණමක් අයිති වෙන්න එපා


ආනන්ද හිමියන් අය අසලට ගොස් ඇගේ හිස අත ගෑ විට එම ගවදෙන ආනන්ද හිමියන්ගේ අත ලෙව කා සිවුරද ලෙව කෑවේය. කෙසේ වෙතත් පුජ්‍ය අහංගම ආනන්ද හිමියන් නිසා මරණයෙන් බේරුණු එම ගව දෙන මේ වන විට දරුවන්ද ලැබ මෙලොව සතුටින් ජිවත් වන්නේය.


නැවත පන්සල කරා වැඩම වීමට පෙර උන්වහන්සේ පෙර කි ගව දෙනගේ හිස අතගා  


“එදා මට උබව නිදහස් කර ගත්න ලැබුණු හින්දා අද උබ වාසනාවන්ත ජිවිතයක් ගතකරනවා.කවදාවත් උබට නම් ආයේ අර වාගේ දුක්ඛිත ඉරණමක් අයිති වෙන්න එපා..” 

කියා ගවදෙන අසලින් නික්ම යන විට අය හිස ඔසවා දෑස් දල්වා බලා සිටියේ කුමන අරමුණකින්ද කියා ඔබ සිතිය හැකිද?

වචන වලින් ප්‍රකාශ කල නොහැකි මුත් උතුම් වූ කරුණාව පිලිබදව සිතුවිලි ඇගේ සිතේ ඇතිවන්නට ඇතුවා නිසැකය.

-රැජින පුවත්පතේ ලිපියක් ඇසුරින් සකස් කෙරුණි.








Source: http://www.gossip9.com/2012/01/blog-post_6906.html#ixzz1jMOdY9Bs

Share this article with your friends