Chitika Smowtion 468x60


Friday, March 23, 2012

රාජපක්ෂ දුර්දාන්ත පාලනයට එරෙහි පළමු වෙඩි මුරය ජිනීවාහිදී එල්ල වේ!


ඊයේ (22) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පැවති ඡන්ද විමසීමේදී එක්සත් ජනපදයේ යෝජනාවට ඡන්ද 24ක්ද ඊට විරුද්ධව ඡන්ද 15ක්ද ලැබීමෙන් ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳව අන්තර් ජාතික බැඳීමකට ශ්‍රී ලංකා රජය නතු වූ බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මෙම යෝජනාව ඉල්ලා සිටින පරිදි උගත් පාඩම් කොමිසමේ නිර්දේශයන් වන ස්වාධීන පොලිස් කොමිසමක් පත් කිරීම, ස්වාධීන මහජන සේවා කොමිසමක් පත් කිරීම, අතුරුදහන්වීම් පිළිබඳ සොයා බැලීමට විශේෂ කොමසාරිස්වරයකු පත් කිරීම, දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට දේශපාලන විසඳුමක් සැපයීම පිළිබඳ දේශපාලන එකඟතාවයක් ගොඩනගා ගැනීම, උතුරුකරය නිර්-මිල්ටරිකරණය කිරීම, පොලිස් සේවාව ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉවත් කිරීම යන ආදී යෝජනා ක්‍රියාත්මක කිරීම මගින් රාජපක්ෂ පාලනයට මරණී තත්ත්වයක් ඇතිවන බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි.

යුද්ධයකට මුහුණ දෙන ආකාරයට මෙම යෝජනාවට මුහුණ දී මෙය පරාජය කිරීමට මුල සිටම රාජපක්ෂ පාලනය උත්සාහ කළේ මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ උගුලෙන් ගැලවීමට අවශ්‍ය නිසා වෙනි. අනෙක් අතට මෙම යෝජනාවන්ට විරුද්ධව මහපාරට කැඳවන ලද බලවේගයන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට විරුද්ධ වර්ගවාදී බලවේගයන්ය. මෙම උද්ඝෝෂණය හරහා වර්ගවාදී බලවේගයන් ශක්තියක් ලබාගත් අතර මෙම යෝජනාව විසින්ද ඉල්ලා සිටින පරිදි දේශපාලන විසඳුමක් සැපයීමට එකී බලවේග විසින්ද ඉඩ දෙනු ඇතියිද සිතීම දුෂ්කරය.
විවිධ දේශපාලන කණ්ඩායම් මත රඳාපවතමින් ඔවුන් එකිනෙකා සමඟ කොටවමින් සිය පවුලේ ආධිපත්‍ය තහවුරු කර ගැනීම පිණිස රාජපක්ෂ පාලනය කරගෙන යන ක්‍රියාදාමය මෙම යෝජනා මගින් ප්‍රබල අභියෝගයකට ලක් කරයි. අදින් ඇරඹෙන කාලය තුළ තවත් දුර්වලවන රාජපක්ෂ පාලනය සැබැවින්ම මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට අසමත් වනු ඇති බවත්, එබැවින් දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් උත්සන්න වන පීඩනයන්ට මුහුණ දීමට එයට සිදුවනු ඇති බවත් යන්න දේශපාලන අංශවල අදහස වේ.


Source - lankanewsweb.com

Share this article with your friends