Chitika Smowtion 468x60


Saturday, March 24, 2012

එක්සත් ජාතීන්ගේ යෝජනාව සම්මතවීම ගැන ජීඑල් ඇමරිකාවටත් වඩා සංතෝෂයෙන්


ඇමරිකා එක්සත් ජනපදය විසින් ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාව පිළිබද ඡන්ද විමසීමේදී ඇමරිකාව වැඩි ඡන්ද 9කින් ජයග‍්‍රහනය කිරීම පිළිබදව ශ‍්‍රී ලංකාවේ නාමික විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඉතා සතුටින් පසුවන බව ජිනීවා ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ‍්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා වශයෙන් තමාව කොන්කරමින් මානව හිමිකම් ක්ෂේත‍්‍රයට කිසිදු අදාලත්වයක් නැති වැවිලි කර්මාන්ත ඇමතිවරයාගේ යටතේ ජිනීවාහිදී ක‍්‍රියාකිරීමට සිදුවීම පිළිබදව දැඩි අසංතෝෂයකින් සහ අසහනයකින් පසුවූ විදේශ අමාත්‍යවරයා මුලසිටම ජනාධිපතිවරයාගේත් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේත් ක‍්‍රියාකළාපයන් විවේචනය කිරීමේ ස්ථාවරයක රැඳී කටයුතු කළේය.

මුලසිටම තමාව නොසලකා හරිමින් හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා සමග එක්වී තමාට ‘ජිනීවා ලොස් පීරිස්’ වැනි නම් පටබදිමින් කළ අත්තනෝමතික ක‍්‍රියාවන්ට මෙම පරාජය හොද පාඩමක් බව විදේශ අමාත්‍යවරයා තම අමාත්‍යාංශ නියෝජිතයින්ට පවසා තිබේ.

2009 වසරේදී මීට වඩා දරුණු තත්ත්වයක් යටතේ ශ‍්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාව පරාජය කිරිමට උපක‍්‍රමශීලීව කටයුතු කළ එවකට එක්සත් ජාතීන්ගේ ජිනීවා නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කළ ආචාර්ය දයාන් ජයතිලක වැන්නවුන්ගේ මාර්ගෝපදේශකත්වය මේ සඳහා ලබාගැනීම ශ‍්‍රී ලංකා රජය හිතාමතාම අතපසුකිරීමේ පලවිපාක දැන් අත්විදින්නට වී ඇති බවත්, ප‍්‍රංශයේ සිට පැයකට ආසන්න කාලයකින් දයාන් ජයතිලකව ජිනීවා වෙත ගෙන්වා ගැනීමට හැකියාව තිබියදීත් එමගින් ජී.එල්. පීරිස්ගේ පාර්ශ්වය බලවත්වීම වැලැක්වීම සඳහා රජය එම ප‍්‍රතිපත්තිය අනුගමනය කළ බව විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ලංකාවේ විදේශ අමාත්‍යවරයා ලෙස ජාත්‍යන්තර රටවල පිලිගැනීම තිබෙන්නේ තමාට බව සඳහන් කර ඇති ජී.එල්. පීරිස් අමාත්‍යවරයා අන් කිසිදු පුද්ගලයෙකුට එම පිලිගැනීම නොමැති බවත්, මෙම යෝජනාව ජයග‍්‍රහණය කළ විගස ඇමරිකාව තමන්ට එරටට පැමිණීමට ආරාධනා කිරීමෙන්ම එය තහවුරු වූ බව ජී.එල්. පීරිස් මහතා අවධාරනය කොට තිබේ.


Source - lankanewsweb.com

Share this article with your friends