Chitika Smowtion 468x60


Thursday, May 3, 2012

නිධන් හෑරූ එස්.ටී.‍එෆ් සෙබළුන් ගම්වාසීන්ට කොටුවේ


ප්‍රභූ නායකයෙකුගේ දේශපාලඥ පුත්‍රයෙක් මේ පිටුපස ඉන්නවා - ප්‍රදේශවාසීන්

අනුරාධපුර විලච්චිය, දුනුමඩලාව, හිවලාපිටිය වැවේ බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් නිදන් හාරමින් සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් පිරිසක් හා ප්‍රදේශවසීන් අතර ගැටුමක් හටගෙන තිබේ.

ඊයේ රාත්‍රී 7.30ට පමණ විශේෂ කාර්ය බලකා සෙබලුන් පිරිසක් එම ප්‍රදේශයට පැමිණ ඇති අතර ඔවුන් අදාළ ස්ථානයේ රැකවල්ලා සිට අලුයම් කාලයේදී බැකෝ යන්ත්‍රය ආධාරයෙන් නිධානය පිහිටි බවට සැකකරන ස්ථානයේ කැනීම් සිදුකර තිබේ. 


එහිදී ප්‍රදේශවාසීන් පැමිණ එම සෙබළුන් පිරිස වටලා ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම්දී ඇත. නමුත් එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් එස්.ටි.එෆ් බට පිරිසට නිතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට ඔවුන් සමග එක්ව ගම්වැසියන් මර්ධනයකොට ඇත.

ඊයේ රාත්‍රියේ සිට නිධන් හැරිම පිලිබඳ අවදියෙන් සිටි ගම්වාසින් මේ පිළිබඳව කියන්නේ මෙවැන්නක් 
"අපේ කට්ටිය 119 ගහල ගෙන්න ගත්ත පොලිසියේ කට්ටිය.ගෙන්නාගෙන අපි නිධන් හාරන තැනට යන්න හැදුවම පොලිස්යෙනුත් එපා කිව්වා.ඊට පස්සේ අපි ගමේ කට්ටියට කෑ ගහලා මායි තව මල්ලිලා දෙන්නෙකුයි ඔක්කොම ගමේ මිනිස්සු අඩගහගෙන ගියා ගුටි බට මැද්දෙම ඒ ස්ථානෙට.
එතන ඉදලම අපිට ගැහුවා.එතනට ගියාට පස්සේ අපිට වෙඩි තිබ්බ.අර මල්ලි කෙනෙක් වීඩියෝ කර කර ඉදල ෆෝන් එක අරගෙන බිම තියල පෑගුවා."
"එස්.ටි.එෆ් එකේ කට්ටිය ආවා.එනකොට මගේ කඩේ ඉස්සරහින් තමා ආවේ.මල්ලිලා දෙන්නෙක් ආව මම ගාවට .ඇවිල්ල කිව්වා රෝහණ අයිය මෙහෙමයි, පොලිසියෙන් හරි එස්,ටි.එෆ් එකෙන් හරි ආව කියල.මම කිව්වා එහෙනම් මල්ලි සමහර විට නිධානෙ කෙස් එකට වෙන්න ඇති කියල.
මේ ගමේ නිධානයක් තියෙනවා කියල හැමෝම දන්නවා.මොකද ඊට කලිනුත් දෙපාරක් තුන්පාරක් ඕක හාරලා තිබුනා.අපි මුල ඉදන්ම ඕක රැක්කා.

මම මුළු ගමටම කෑ ගහගෙන ගියා.කෑගහගෙන කට්ටිය ඔක්කොම මෙතනට එක්ක ආවා.
එනකොට මෙතන පෝලිමට එස්.ටි.එෆ් අය පෝලිමට හිටියා.
මගේ අතේ කැත්ත තිබුනා.ඒ එක්කෙනෙක් කැත්ත ගත්ත මගේ අතින් අරන් පපුවට වෙපන් එක තිබ්බ කෑ ගහන්න එපා වෙඩි තියනවා කියල.මම කිව්වා වෙඩි තියන්න.එක පාර්යිනේ මැරෙන්නේ.මැරෙන්න බය නැහැ ගම වෙනුවෙන් නේ".

අපි ටිකක් ලං වෙනකොට සුදු පාට ඇදුමක් ඇදගත්ත මනුස්සයෙක් ඉදල දිව්වා.අපි තව ටිකක් ලන්වෙනකොට ඒ ගොල්ල්ලො හාර හාර හිටපුව නැවත වලට දාල වැහුවාඊට පස්සේ මැෂින් එක අරගෙන ගියා.මැෂින් එක අරගෙන යනකොටත් එතන එස්.ටි.එෆ් එකෙන් හිටියා."
පසුව ගම්වාසින් එකතුව එස්.ටි.එෆ් බටයන්ට යාමට තිබු මාර්ග වසා දැමු අතර පොලිසියට එස්.ටි.එෆ්. බටයන් බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුනා.පසුව පිටතින් පැමිණි තවත් එස්.ටි.එෆ්. බටයන් පිරිසක් විසින් එම පිරිස මුදා ගැනීමට සමත් වුනා.


ඒ අනුව නිධන් හැරීමට පැමිණි එස්.ටි.එෆ් බටයන් පිටව ගිය ගම්මුන්ගේ ගල් මුල් හා හු හඬ මධ්‍යයේයි.මෙම එස්.ටි.එෆ්. නිධන් මෙහෙයුමේ නායකයා වශයෙන් කටයුතු කල එස්.ටි.එෆ් නිලධාරියා මාධ්‍යය වෙත ඉතා අසරණව පැවසුවේ "අපට මේ ගැන ප්‍රකාශයක් කරන්නන බැහැ" යනුවෙනි.

නිධානයක් හාරන ගිය පිරිසක් අල්ලන්න එස්.ටි.එෆ් එක ගියේ - පොලිස් මාධ්‍යය ප්‍රකාශක

මෙම සිදුවීම පිලිබඳ අදහස් දක්වන පොලිස් මාධ්‍යය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා 
"ඊයේ පොලිස් මුලස්ථානය වෙත පැමිණි යම් පිරිසක් දන්වා සිටියා උතුරුමැද ප්‍රදේශයේ මිට අවරුදු හතරකට පෙර ලබා ගත් පුරා වස්තුවක් යම් ස්ථානයක සඟවා ඇති බවත් එම පුරා වස්තුව යම් පිරිසක් විසින් ඉවත්කිරීමට සුදානම් වන බව.
මේ තොරතුරු අනුව විශේෂ කාර්ය බලකයේ පිරිසක් එම ස්ථානයට යවා තිබෙනවා. එම ස්ථානයට විශේෂ කාර්ය බලකාය යන විට නිධන් හාරමින් සිටි පිරිස පැන ගොස් තිබෙනවා."
ගම්වාසින් විසින් පැහැදිලිවම කියා සිටින්නේ ඊයේ රාත්‍රියේ සිට මෙම ස්ථානයට පැමිණ එම කටයුත්තේ යෙදුනේ එස්.ටි.එෆ් නිලධාරීන් බවයි.සාමන්‍යයෙන් නිධන් හැරීමක් පිලිබඳ හෝඩුවාවක් ලැබුන විට එයට යොදවන්නේ පොලිසියයි.

නමුත් මෙම අවස්ථාවට විශේෂ පොලිස් කාර්යාංශයේ සෙබළුන් විශාල පිරිසක් යොදවා ඇතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන අයුරින් නිධන් හොරු ඇල්ලීමට අසමත් වී ඇත.

තවද විශේෂ කාර්ය බලකායේ සෙබළුන් නිධානය ගැනීම වැළකීමට පැමිණියේ නම් ඔවුන්ට ගම්වාසීන්ට වෙඩි තැබීමටවත් ඔවුන්ට දුම් බෝම්බ ගැසීමටත් අවශ්‍යය නැත.
එසේනම් සිදු විය යුත්තේ ගම් වාසින්ගේද සහය ඇතුව මෙම නිධන් හොරු ඇල්ලීමයි.එම සිදුවීම මාධ්‍යය මගින් යටපත් කර දැමුවද ප්‍රදේශ වාසින් චෝදනා කරන්නේ ලංකාවේ ඉහලම ප්‍රභූ නායකයෙකුගේ දේශපාලඥ පුතෙකු මෙයට හවුල් බවයි.










Source: http://www.gossip9.com/2012/05/blog-post_3934.html#ixzz1tkIJmnu3

Share this article with your friends