Chitika Smowtion 468x60


Monday, May 21, 2012

සරත් ෆොන්සේකා නිදහස්..!


5:19pm
ජනතාව වෙනුවෙන් කැපවෙනවා 
මින් ටික වේලාවකට ප්‍රථම සරත් ෆොන්සේකා මහතා විසින් පරෙවියෙකු නිදහස් කල අතර ජනතාව අමතනු ලැබුවා.එහිදී ඔහු කියා සිටියේ තමාට සිදුවූ අසාධාරණයට ජනතාව සාධාරණයක් කරනු ඇති බවයි.

මින් ඉදිරියට ජනතාව වෙනුවෙන් කැපවෙන බවත් වසර දෙකහමාරක් දේශපාලන වෛරයකට පාත්‍ර වුනත් මින් ඉදිරියට ජනතාව දිගින් දිගටම රැඳී සිටින බවත් රටේ දැනට පවතින දුෂණ ක්‍රියාකාරකම් නවතා දැමීමට කටයුතු කරන බවත් ඔහු පවසා සිටියා.තමාගේ ධෛර්ය කඩා වැටි නොමැති බවද ඔහු ජනතාව හමුවේ පැවසුවා තමා වෙනුවෙන් උදේ සිට රැස්ව සිටි පිරිසට ස්තුති කිරීමටද ඔහු අමතක කලේ නැහැ.

05:08pm
වැලිකඩ බන්ධනාගාරය ඉදිරියට දිවයිනේ විවිවධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් රොක් වී ඇති අතර දේශපාලන නායකයන්ද ආගමික නායකයන්ද ඒ අතර වනවා.ඇතැම් පිරිස් ජාතික ධජ ගෙන පැමිණ ඇති අතර ඇතැම් පිරිස් පරෙවියන් නිදැහැ කිරීමට රැගෙනවිත් තිබෙනවා.
මේ අතර සරත් ෆොන්සේකා ඇතුළු දේශපාලන නායකයින් විවෘත රථයකින් ගමන් කරමින් සිටිනවා.සරත් ෆොන්සේකා මහතා තව ස්වල්ප වෙලාවකින් ජනතාව ඇමතීමට නියමිතයි.
05:01pm
සරත් ෆොන්සේකා මහතා ජනතාව ඇමතීමට සුදානමක් පවතින අතර ඒ සඳහා මෙතෙක් කටයුතු යොදා නැහැ.මෙම අවස්ථාව සජීවීව බලන්න පහතින් 
Updated 4:56pm
නිදහස් ලැබූ සරත් ෆොන්සේකා මහතා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියත් පිටත රැස්ව සිටින අධික පිරිස හේතුවෙන් නැවත වැලිකඩ බන්ධනාගාරය දෙසට ගොස් ඇත.වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණි ඔහු පවසා සිටියේ "මම දැන් නිදහස් මිනිහෙක්" යනුවෙනුයි 
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා මීට ස්වල්ප වේලාවකට පෙර සියලු චෝදනා වලින් නිදහස ලැබුවා.

ඒ සුදු කොඩි නඩුවේ තීන්දුවට එරෙහිව ෆොන්සේකා මහතා ගොනු කළ විශේෂ අභියාචනා පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධව අද පස්වරු 1.00 ට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේ.

දින 25ක් නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සරත් ෆොන්සේකා මහතා එයින් පිටව යනු ඇතැයි බලාපොරොත්තුවෙන් අද උදෑසන සිට දෙස් විදෙස් මාධ්‍යවේදීන්, ජායාරූප සිල්පීන් හා ආධාරකරුවන් විශාල ප්‍රමාණයක් නවලෝක රෝහල් පරිශ්‍රයේ එක් රැස්වෙමින් සිටියා.

දහවල් 1.20ට පමණ එතුමා රෝහලින් එළියට පැමිණ සරත් ෆොන්සේකා මහතා ඊලඟට රැගෙන ගියේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙතයි.

සුදු කොඩි නඩුවේ තීන්දුවට එරෙහිව හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා මහතා ගොනු කළ විශේෂ අභියාචනා පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධ විභාගය පස්වරු 1.00 ට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලුන අතර ඉන් පසුව ෆොන්සේකා මහතාව වැලිකඩට ගෙන ගියා.

ඒ වනවිටත් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටද තවත් විශාල ජනතාවක් එක් රැස්වෙමින් සිටිය ෆොන්සේකා මහතාව දැක බලාගැනීමටයි. නමුත් බන්ධනාගාර නිළධාරීන් සරත් ෆොන්සේකා මහතාව බන්ධනාගාරය තුළට ගෙන ගියේ පිටුපස දොරටුවෙනි

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සරත් ෆොන්සේකා මහතාට සමාව ලබා දීමේ ලේඛනවලට අත්සන් කර තිබෙන්නේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 34 (1) වගන්තිය යටතේ දඬුවම් නියම කර ඇති නඩුවලට පමණක්‌ නිසා ෆොන්සේකා මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සිදුවන්නේ නැහැ.

"තවත් හමුදාපතිවරයකුට මේ කුරිරු යුද්ධය කරන්න මම ඉඩ තියන්නේ නෑ" යැයි කියමින් හමුදාපති ධූරයේ වැඩ බාරගත් සරත් ෆොන්සේකා මහතා යුද්ධය අවසන් කිරීමට හමුදා නායකත්වය දුන් අතර හමුදා සේවයේ සිටියදී ‘ජනරාල්‘ තනතුරට උසස් කැරුණු එකම ශ්‍රී ලාංකික හමුදා නිලධාරියාද වේ. තවද තරු හතරේ එකම ජනරාල්වරයාද වේ.

ෆොන්සේකා මහතාගේ ජීවිතයේ වැදගත් තොරතුරු හා සන්ධිස්ථාන කිහිපයකි මේ.

සම්පූර්ණ නම - ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා
උපන් දිනය - 1950/12/18 අම්බලන්ගොඩදී
අධ්‍යාපනය - අම්පාර මඩවලන්ද මහා විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය.
විවාහය - 1979 දී අනෝමා ඉන්දුමතී මුණසිංහ සමග
දරුවෝ - අපර්ණා ෆොන්සේකා හා අප්සරා ෆොන්සේකා
හමුදා සේවය - 1970 සිට 2009

හමුදා සේවයේදී හිමි කරගත් පදක්කම් -
වීරෝධාර විභූෂණ, විශිෂ්ට සේවා විභූෂණ, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම, උත්තම සේවා පදක්කම, රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම, දේශපුත්‍ර සම්මානය

ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන -
1970 - කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වීම.
1973 - ඉන්දියාවේ කමාන්ඩෝ පුහුණුව ලැබීම.
1991 - කර්නල්වරයකු ලෙස බලවේගය හා ජයසිකුරු මෙහෙයුම් සදහා දායකත්වය ලබා දීම.

1995 - යාපනය අල්ලා ගැනීම සඳහා ඇරැඹුණු ‘රිවිරැස‘ මෙහෙයුමට දායකත්වය ලබා දීම.

2005 - ශ්‍රී ලංකාවේ 18 වැනි යුද හමුදාපති ලෙස පත්වීම.

2006 - යුද හමුදා මූලස්ථානය අසලදී මරාගෙන මැරෙන බෝම්බයකට හසුවී බරපතල තුවාල ලැබීම.

2009 - කොටි සංවිධානය සම්පූර්ණයෙන්ම පරාජය කළ බව ජනපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දීම.

2009 - හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්වීම, හමුදා සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට බාර දීම හා ක්‍රියාකාරී දේශපාලනයට එන බව ප්‍රසිද්ධියට පත්කිරීම, ජනාධිපතිවරණයට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයෙන් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරඟ කිරීම.

2010 - ඡන්ද 4,173,185 ක් හා 40.15% ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වීම, කොළඹ රාජකීය මාවතේ පිහිටි සිය කාර්යාලයේදී යුද හමුදා පොලීසියයෙන් අත්අඩංගුවට ගැනීම, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කර ඡන්ද 98,456ක් ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වීම,

සේවයේ සිටියදී යුද හමුදා ටෙන්ඩර් පටිපාටියෙන් පිට අවි ආයුධ මිලදී ගැනීමේ චෝදනාවට වරද කරු කරමින් යුද අධිකරණයෙන් නියම කළ මාස තිහක සිරදඩුවම ක්‍රියාත්මක වීම හා හමුදා නිලයෙන් පහ කිරීම, විශ්‍රාම වැටුප අහිමි කිරීම, පාර්ලිමේන්තු මංත්‍රී ධුරය අහිමි වීම.

2011 - මහාධිකරණයේ විභාග වූ සුදු කොඩි නඩුවෙන් බෙදුනු තීන්දුවක් මගින් වරදකරු වී වසර තුනක සිර දඩුවමක් හිමි වීම.

2012 - පළමු යුද අධිකරණයෙන් ලබා දුන් වසර දෙක හමාරක සිර දඬුවම අවසන් වීම, නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවීම, නිදහස ලැබීම.



සරත් ෆොන්සේකා මහතා යුද්ධය නිම කිරීම උදෙසා සිදුකල මහඟු කාර්යය පිළිබඳව සැකසූ වීඩියෝවක්







Source: http://www.gossip9.com/2012/05/blog-post_327.html#ixzz1vVIb8il1

Share this article with your friends