Chitika Smowtion 468x60


Tuesday, May 22, 2012

ෆේස්බුක් හිමිකරුගේ අපුරු විවාහ උත්සවය


ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියේ නිර්මාතෲ මාර්ක් සුකර්බර්ග් පසුගියදා විවාහ වී තිබෙනවා. ඒ අවුරුදු 10 කට ආසන්න කාලයක් ඔහුගේ පෙම්වතියව සිටි 27 වියැති ප්‍රිසීලා චාන් සමඟින්.

විවාහ උත්සවය පවත්වා ඇත්තේ චලීෆ් හි පාලෝ අල්ටෝ හි වන අතර මෙම විවාහ උත්සවයට ආරාධනා ලැබ තිබෙන්නේ ආරාධිතයන් 100 කටත් අඩු ප්‍රමාණයකට වීමත් එයද සාදයකට නොව විවාහ උත්සවයට පමණක් වීමත් විශේෂත්වයක්.

ඉතා සරලව පැවැත් වූ මෙම විවාහ උත්සවය පිළිබඳව බොහෝ දෙනෙක් සිතා ඇත්තේ එය චාන් ගේ වෛද්‍ය විද්‍යාලයේ උපාධි උත්සවය බවයි. මොවුන් විවාහ උත්සවය මාස ගනනක් තිස්සේ සැලසුම් කර ඇති අතර චාන් ගේ අවසන් උපාධි පරීක්ෂණය නිම වනතුරුයි ඔවුන් විවාහවීමට බලාගන සිට ඇත්තේ.

පසුගිය සඳුදා දිනයේ දී සුකර්බර්ග් ගේ 28 වන උපන්දිනය යෙදී තිබූ අතර චාන් ද කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සැන් ෆ්‍රැන්සිස්කෝ වෛද්‍ය විද්‍යාලයෙන් සිය උපාධිය ලබා ගත්තේද එදිනමයි.

විවාහයට දිනකට පෙර ෆේස්බුක් සමාගමේ මූලික කොටස් නිකුතුව පැවැත්වුණු අතර එය ඇමෙරිකානු ඉතිහාසයේ සිදුවූ තෙවැනි විශාලතම මූලික කොටස් නිකුතුව වන බවයි පැවසෙන්නේ.

තද නිල් පැහැති කලිසම,කෝට් එක සහ ටයි පටියක් ද සුදු කමිසයක් සහ කුඩා අඩි සහිත පාවහන් යුගලයකින් ද මනාලයා සැරසී සිටි අතර මනාලිය සැරසී සිටියේ සුදු පැහැති ලේස් සහ වේලයක් සහිත වූ සාම්ප්‍රදායික මංගල ඇඳුමකිනුයි.

පවුල් ක්‍රමය යටතේ සංග්‍රහය පවත්වා ඇති අතර කෑම සපයා ඇත්තේ ඔවුන් දෙදෙනා ගේ ප්‍රියතම පාලෝ අල්ටෝ සුෂී ආපන ශාලාවෙන්.

ෆේස්බුක් අඩවිය ආරම්භ කල මුල් අවදියේ එනම් 2004 වසරේ දී පමණ සුකර්බර්ග් හට චාන් හමු වී ඇත්තේ හාවඩ් විශ්ව විද්‍යාලයේදී. මේ වන විට ඔවුන් දෙදෙනාම තම ෆේස්බුක් ගිණුමේ තමන්ගේ status හි Married ලෙස වෙනස් කර ඇති අතර ඔවුන් දෙදෙනාගේ ප්‍රොෆයිල් වල දමා ඇති වෙඩින් ෆොටෝ එකට මේ වනවිට තිස් දහස බැගින් "ලයික්" වැටී තිබෙනවා.









Source: http://www.gossip9.com/2012/05/blog-post_1113.html#ixzz1vZkFZ4x7

Share this article with your friends