අද වව්නියාවේ පවත්වන්නට නියමිත ව තිබූ උද්ඝෝෂණයකට සහභාගි නොවන ලෙස හමුදාව හා පොලිසිය යොදවා ඊට පෙර දින ගම්වැසියන්ට තර්ජනය කර ඇති බව වාර්තා වේ. මීට සහභාගි වුවහොත් ආහාර ලබා නොදෙන බවට ද තර්ජනය කර ඇති අතර, අද දිනයේ මෙම උද්ඝෝෂණය වැළැක්වීමට වාරණ නියෝගයක් ද පොලීසිය විසින් ගෙන තිබුණි.
අවතැන්වී ඇති ජනයා මේ වන තෙක් මුල් ගම්බිම්වල පදිංචි නොකිරීමත්, උතුරු නැගෙනහිර ඉඩම් බලහත්කාරයෙන් ආණ්ඩුව හා ආණ්ඩුවේ බලධාරීන් විසින් අත්පත් කර ගැනීමත්, දේශපාලන හිරකරුවන් නිදහස් කර එම පළාත්වල සිවිල් පාලනය ස්ථාපිත කරන ලෙසත් මෙම උද්ඝෝෂණයේ අරමුණ වී තිබුණා.
—සහෝදරත්වයේ ජනතා පවුර සංවිධානය˜ විසින් පවත්වන්නට යොදා තිබූ එම උද්ඝෝෂණයට එම සංවිධානයේ සම කැඳවුම්කරු පා.ම. සුනිල් හඳුන්නෙත්ති මහතා සහ හිටපු පා.ම. මන්ත්‍රී රාමලිංගම් චන්ද්‍රසේකරන් යන මහත්වරු සහභාගි වීමට නියමිත ව තිබිණි.
ඊට අමතර ව ඔවුන් අද දිනයේ වව්නියව බන්ධනාගාරයේ දින 06ක් තිස්සේ උපවාසයේ නිරත දේශපාලන රැඳවියන් ද බැලීමට ගොස් තිබූ අතර, දින 06ක් ගත වී ඇතත් මේ වන විටත් ආණ්ඩුවේ කිසිදු බලධාරියෙක් ඔවුන් පිළිබඳ ව අවධානය යොමු කර නැති බව එහි දී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා සිටියා.