යුද්දය මෙහෙයවූ යුද හමුදාපති ජෙනරාල් ෆොන්සේකා මහතා පෙරේදා
ඬ හඬා සිටි වීරවංශ දේශප්රේ-මීයා කළබල වී ඊයේ ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මහා තප්පුලෑමක් කෙළේය.
බීබීසී යට කළ ඉතා පැහැදිලි ඍජු සාධාරණ මෙන්ම යථාර්තවාදී ප්‍රකාශය ගැන සීගිරි නගින්න බැරිවුනා යැයි හොටු පෙරමින් හ
දේශප්රේ-මීයාගේ තප්පුලෑම මෙසේය.
"ඔබ අප කවුරුත් දන්නවා, යුද්ධයේ අවසන් කාලයට, අවසන් දින කිහිපයට අදාළව තමයි අන්තර්ජාතික කුමන්ත්‍රණකරුවෝ මේ යුද අපරාධ චෝදනා න`ගන්නේ. සරත් ෆොන්සේකා මහතා ඉතා නිර්භීතව කියනවා තමන් මේ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකු ඉදිරියේ පෙනී සිටීමට බිය නොවන බව.
ඇත්තෙන්ම කියනවා නම්, යුද්ධයේ අවසන් දින කිහිපයට අදාළව අන්තර්ජාතික යුද අපරාධ අධිකරණයක් ඉදිරියට ගිහිල්ලා සරත් ෆොන්සේකා මහතාට කියන්න තියෙන්නේ. 'ස්වාමීනී, ඒ දින කිහිපයේ මම ශ්‍රී ලංකාවේ හිටියේ නැහැ. මම හිටියේ චීනයේ. ඒ නිසා ඒ කාලයේදී සිදු වූ දේවල් පිළිබඳව මට අවසාන වගකීම ගන්න බැහැ' කියලයි. ශ්‍රී ලංකාවේ නොසිටි නිසා එම චෝදනාවලින් ඔහු එවිට නිදහස් කරාවි, එත් සේනාධිනායකයා, ආරක්ෂක ලේකම් ඇතුළු අනෙකුත් හමුදා ප්‍රධානීන් යුද අපරාධ අධිකරණය ඉදිරියේ වරදකරුවන් වේවි."
දේශප්රේ-මීයාගේ මේ ප්‍රකාශය අනුව මරා සහ ගෝරා යුද අපරාධ කරුවන් බව වීරවංශ දේශප්රේ-මීයා නොකියා කියයි. කට බොරු කීවත් දේශප්රේ-මීයාගේ දිව බොරු නොකියයි.
"අපි දන්නවා යුද්ධයේ අවසන් තීරණාත්මක මොහොතේදී යුදබිමේ හිටි හමුදා ප්‍රධානීන්ගේ නාම ලේඛනය ඇමෙරිකා එක්සත් ජනපදය අතට පත් වුණේ කෙසේද, කියා. ඒ නාම ලේඛනය දුන්නේ මොකටද, කියලත් අපි දන්නවා. සරත් ෆොන්සේකා මහත්මයා එළියට අපු ගමන් ඇයි හුස්මක් කටක් ගන්නත් කලින් මේ අන්තර්ජාතික යුද අපරාධ පරීක්ෂණයකට සහාය දෙන්න කියා කියන්නේ. ඒක කාගේ කොන්ත්‍රාත්තුවක්ද?" දේශප්රේ-මීයා විමසයි.
යුද බිමේ සිටි හමුදා ප්‍රධානීන් කව්දැයි කියා කීමට කිසිවෙක් නාමලේඛන දිය යුතු නැති බව මේ දේශප්රේ-මීයා දන්නේ නැත. ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියට ගියා නම් සිටියේ කව්දැයි එහි ඉතා හොඳින් සඳහන් වේ. එය ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි. කියවා ගැනීමේ අර්බුදයක් ඔහුට තිබුනාට අනෙක් අයට නැත. මොහු සිතන්නේ මොවුන් 88-89 කාලයේ මෙන් හැංගිලා ඇවිත් නිරායුධ මිනිසුන් නිවෙස් වලින් එළියට ගෙන මරා දැමුවා සේ යුද හමුදාවද 4 වන ඊලාම් යුද්ධය කෙළේ ගරිල්ලා හමුදාවක් ලෙසින් කියා විය යුතුය.
"එතුමා මේ බය නැතිව අන්තර්ජාතික යුද අපරාධ පරීක්ෂණයක් පවත්වන්න කියන්නේ එතුමාට එරෙහිව එහිදී චෝදනා එල්ල වන්නේ නැති බව හොඳින් දන්න නිසා. එතුමා චීනයේ හිටියා කියලා කියන්න විතරයි තියෙන්නේ. හැබැයි හිටපු නාවික හමුදාපතිතුමා, හිටපු ගුවන් හමුදාපතිතුමා ඒ වකවානුවේ මේ රටේ හිටියා. ඒ කිසිදු හමුදා ප්‍රධානියෙක් මේ වගේ ප්‍රකාශයක් කරනවාද?
යුද අපරාධ පිළිබඳ අන්තර්ජාතික පරීක්ෂණයක් සඳහා රජය සහාය ලබා දිය යුතුයි, කියලා ඔවුන් කිසිවකු කියනවාද?
එතුමා එළියට ඇවිල්ලා උණු උණුවේ මෙවැනි ප්‍රකාශයක් කරන්නේ කාගේ උවමනාවටද? මේ ප්‍රවෘත්තියට ලෝකයේ ලැඛෙන වටිනාකම තමුන්නාන්සේලාට තේරුම් ගන්න පුළුවන්ද?
සරත් ෆොන්සේකා මහතා කියනවා "යුද්ධය මෙහෙයැවූ ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇතැම් නායකයන් ඔවුන්ගේ මුහුණු වසා ගන්නේ තමන් වැරදිකරුවන් යැයි ලෝකය තුළ හැගීමක් ඇති කරවන ආකාරයෙන්" කියලා.
මේ ආකාරයට යුද්ධය මෙහෙයැවූ යුද හමුදාවේ ප්‍රධානියා කියනවිට ඊට ලෝකය තුළ ඇතිවන විශ්වාසනීත්වය වැඩි වෙනවා. සරත් ෆොන්සේකා මහතා නිදහස ලබා පැමිණ දිනකින් දෙකකින් මේ විදියට ද්‍රෝහී ප්‍රකාශ කරන්නේ ඇයි, කියා අපට පුදුම හිතෙනවා. අපි අවංකව සතුටට පත් වුණා, ඔහු විශේෂ ජනාධිපති සමාවක් ලබා එළියට ආ මොහොතේදී. අපට ඔහු සමග ඇත්තේ දේශපාලන මතභේද පමණයි, වෛරයක්, ක්‍රෝධයක් නැහැ. මේ වගේ ද්‍රෝහී ප්‍රකාශ කරන්නේ ඇයි? ඇමෙරිකා එක්සත් ජනපදය වැනි බලවේගවලට තමයි හිටපු හමුදාපතිවරයාගෙන් මෙවැනි ප්‍රකාශ කරවා ගන්න උවමනා වී තිඛෙන්නේ. කාගෙවත් කොන්ත්‍රාත් ඉටු කරන්න යන්නේ ඇයි?"
පසුගිය මාස දෙකට පමණක් දකුණේ නිරායුධ සිංහල මිනිසුන් 56 ක් සුදුවෑන් වලින් උස්සාගෙන ගොස් අතුරුදහන් කළ මිනීමරු මරා-ගෝරා රෙජීමයේ ලේ සේදීමට කැසකවන වීරවංශ දේශප්රේ-මීයා පිස්සුවෙන් මෙන් දෙඩවීය.